නිපුන්ගේ තුන් ඉරියව් දස්කම් ජයග්‍රහණයට පාර කපයි

451
U19 Schools Crciket

සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම අද (1) සාර්ථකව නිමාවට පත්විය. මෙහිදී සාන්ත ජෝසප් විද්‍යාලය හා ජෝසප් වාස් විද්‍යාලය අතර තරඟයෙන් පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

පසුගිය ලිපි: නිපුන්ගේ ශතකය සමඟ පළමු දිනය අවසන්

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය අතර තරඟය

D කාණ්ඩයේ තරඟයක් වන මෙම තරගය ඊයේ සහ අද ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගණයේදි පැවැත් විය. මෙම තරඟයෙන් පළමු ඉණිමක ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

අද දිනය ආරම්භ කරන විට තම පළමු ඉණිම දියත් කරමින් සිටි ජෝසප් වාස් විද්‍යාලය, කඩුලු 2ක් දැවී ලකුණු 24ක් ලබා සිටියහ.

ජෝසප් වාස් විද්‍යාලය වෙනුවෙන් ධනංජය පෙරේරා ලකුණු 35ක් ලබා ගනිමින් මැදපෙළ සවිමත් කල අතර, ජෝසප් වාස් විද්‍යාලයේ පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ මදුෂාන් රණතුංග 4 පහර 5ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවීගියේය. අවසානයේ ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉණිම තුළ සාන්ත ජෝසප් විද්‍යාලයට සාපේක්ෂව ලබා ගත් ලකුණු ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දෙවන ඉණිමක් ආරම්භ කිරීමට ඔවුන්ට සිදුවිය.

ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉණිම – 159/10 (67) : මදුෂාන් රණතුංග 48, ධනංජය පෙරේරා 35, තිලාන් ප්‍රදීප් 23, නිපුන් සුමනසිංහ 5/35, ජෙහාන් ඩැනියල් 3/55

ලකුණු 144ක අවාසියක් ඇතිව යළිත් තම දෙවන ඉණිම ආරම්භ කල ජෝසප් වාස් විද්‍යාලයට දිනය අවසන් වන විට ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 216ක් පමණි. නමුත් ඒ වන විට ඔවුන් ලකුණු 72කින් පෙරමුණේ පසුවූ අතර පළමු ඉණිමේ අර්ධ ශතකය මඟහැර ගත් මදුෂාන් රණතුංග දෙවන ඉණිම තුල දී ද ශතකයකට ලකුණු 5ක් පමණක් තිබියදී දැවී ගියේය.

ජෝසප් වාස් දෙවන ඉණිම f/o – 216/04 (44) : මදුෂාන් රණතුංග 95, ධනංජය පෙරේරා 40*, අංජන රුක්මාල් 31

තරගයේ සාරාංශය,

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම – 303/08 (77.2) dec : නිපුන් සුමනසිංහ 122, ජෙහාන් ඩැනියල් 63, දිනෙත් ජයකොඩි 46, ධනංජය පෙරේරා 2/79, මදුෂාන් රණතුංග 2/54


කොළඹ රාජකීය විද්‍යාලය හා කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර තරඟය

B කාණ්ඩයේ තරඟයක් වන මෙම තරගයේ පළමු දිනය අද (01) කෝල්ට්ස් පිටියේදී ක්‍රියාත්මක වූ අතර තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල රාජකීය විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ලුම්බිණි විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් දක්ෂ ඉණිමක් දියත් කිරීමට තානුක දාබරේ සමත් වූ අතර ඔහු ලකුණු 81ක් ලබා ගන්නා ලදී. ඔහුට මනා සහයක් වෙමින් කවීන් පීරිස් ලකුණු 45කින් දායකත්වය ලබා දුන් අතර අවසානයේ රාජකීය විද්‍යාලයට එදිරිව ලුම්බිණි විද්‍යාලය ලකුණු 260ක් තම පළමු ඉණිමට රැස් කර ගන්නා ලදි.

ලුම්බිණි විද්‍යාලය පළමු ඉණිම – 260/10 (61.1) : තානුක දාබරේ 81, කවීන් පීරිස් 45, රවීෂ තත්සර 42, අමිත දාබරේ 21, ගනිත් සංදීප 3/51, ගෝතම රණසිංහ 3/81, හිමේශ් රාමනායක 2/47

රාජකීය විද්‍යාලය අද සවස තම පළමු ඉණිම අරම්භ කර අතර ශසීන් රවිදු රාජකීය විද්‍යාලයේ කඩුලු 2ක් දවාලමින් තරඟයට තම කණ්ඩායම අවතීර්ණ කරවන ලදි.

රාජකීය විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 67/03 (23) : ශසීන් රවිදු 2/18

හෙට (02) තරගයේ  දෙවන දිනය යි.


මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරඟයක් ලෙසින් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

ගාල්ල තණතීරුව තුල තම අනසක පැතිරවූ සාන්ත ඇලෝසියස් විද්‍යාලය, ප්‍රතිවාදීන්ගේ පිතිකරණය සම්පූර්ණයෙන් පරාජයට පත්කිරීමට සමත් විය. සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් ශෂික රේමාන් ලකුණු 36ක් ලබා ගනිමින් තම කණ්ඩායම ලකුණු 80ක් දක්වා ඔසවා තබන ලදි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය පළමු ඉණිම – 80/10 (45.3) : ශෂික රේමාන් 36, හරීන් බුද්ධිල 6/14, නිදුක මල්ශිත් 3/25

තම පළමු ඉණිම ආරම්භ කල සාන්ත ඇලෝසියස් විද්‍යාලය වෙනුවෙන් පළමු දිනය අවසන් වන විට රවිදු සංජන අර්ධ ශතකයක් වාර්තා කල අතර, ඔහු ලකුණු 54ක් ලබා ගන්නා ලදි.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 135/03 (47) : රවිදු සංජන 54, අශේන් බණ්ඩාර 26*, රුශිත ද සොයිසා 2/32

තරගයේ අවසන් දිනය හෙටයි (02).


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරඟය

අද උදෑසන A කාණ්ඩයේ තරඟයක් ලෙස සාන්ත සෙබස්තියන් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල  නාලන්ද විද්‍යාලය, පළමුව පිතිකරණයේ නිරත වීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ආරාධනා කරන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පළමු ඉණිම වෙනුවෙන් මිශේන් සිල්වා ශතකයක් වාර්තා කල අතර එම ඉණිම ලකුණු 121කට සීමා කිරීමට නාලන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය. මිශේන් සිල්වා සමඟ සෙබස්තියන් පළමු ඉණිම ලකුණු 327ක් දක්වා ගෙන යාමට නුවනිදු ප්‍රනාන්දු ද, ලකුණු 67කින් තම සහයෝගය ලබා දෙන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – 327/10 (72.2) : මිශේන් සිල්වා 121, නුවනිදු ප්‍රනාන්දු 67, තරුශ ප්‍රනාන්දු 37, තශික පෙරේරා 33*, උමේක්ෂ ඩිල්ශාන් 4/62, කලන පෙරේරා 3/73, අසේල කුලතුංග 2/51

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 33/0 (10.1)

මෙම තරගයේ අවසන් දිනය හෙට (02) ක්‍රියාත්මක වේ.


මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය හා මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අතර තරඟය

මාතර උයන්වත්ත ක්‍රිඩාංගනයේදී A කාණ්ඩයේ තරඟයක් ලෙස ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල මාරිස්ටෙලා විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිමේ දී මාරිස්ටෙලා විද්‍යාලයට එදිරිව අර්ධ ශතක දෙකක් වාර්තා කල අතර, එහිදී මුදිත හෂාන් ලකුණු 71ක් ද, සඳරු නෙත්මින ලකුණු 58ක් ද ලබා ගන්නා ලදි.

සාන්ත සර්වේසස් විද්‍යාලය පළමු ඉණිම – 214/10 (62.1) : මුදිත හෂාන් 71, සඳරු නෙත්මින 58, චරිත් හර්ෂන 27, හචිදු කොළඹගේ 4/30, රවිදු ප්‍රනාන්දු 3/42, සංඛ පූර්ණ 2/34

අනතුරුව තම පළමු ඉණිම ආරම්භ කල මාරිස්ටෙලා විද්‍යාලය අද දිනය අවසන් වන විට ලකුණු 91ක් ලබා ගෙන සිටින අතර එහිදී ලසිත කෲස්පුල්ලේ නොදැවී ලකුණු 54*ක් ලබාගන්නා ලදී.

මාරිස්ටෙලා විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) 91/02 (26) : ලසිත් කෘෘස්පුල්ලේ 54*.

මෙම තරඟයේ දෙවන ඉණිම හෙට (02) ක්‍රියාත්මක වේ.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට