සාන්ත අන්තෝනි කණ්ඩායම අවසන් පූර්ව වටයට

19න් පහළ පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය 2022

189

පාසල් ක්‍රිකට් සම්මේලනය විසින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවති තරගයෙන් කොළඹ මහනාම විද්‍යාලය පරදවා ජයග්‍රහණය ලබා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සමත් වුනා.

තීරණාත්මක තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහනාම ක්‍රීඩකයින් පන්දුවාර 46.1ක් තුළ සියල්ලන් දැවී රැස් කර ගත්තේ ලකුණු 131ක් පමණයි.

මහනාම වෙනුවෙන් අංජල බණ්ඩාර ලකුණු 13ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී තිසර ඒකනායක ලකුණු 27කට කඩුලු තුනක් සහ කවීෂ පියුමාල් ලකුණු 22කට කඩුලු තුනක් දවා ගත්තා.

ලකුණු 132ක ඉලක්කයක් හඹා ගිය අන්තෝනි ක්‍රීඩකයින්ට ද ප්‍රබල අභියෝගයක් මහනාම පන්දු යවන්නන්ගෙන් එල්ල වූ නමුත් Mohammed Aqueel නොදැවී ලබා ගත් ලකුණු 80 නිසා ඔවුන් කඩුලු හතක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.

සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් රවිඳු කපුකොටුව ලකුණු 24ක් සහ ට්‍රෙවීන් මැතිව් ලකුණු 11ක් ලබා ගත්තා.

මෙම ජයග්‍රහණයත් සමඟින් 19න් පහළ එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි ක්‍රීඩකයින්ට හැකි වුනා.

කෙටි ලකුණු පුවරුව,

මහනාම විද්‍යාලය: 131 (46.1) – කවිදු අමාමෙත් 61, අංජල බණ්ඩාර 11, කවීෂ පියුමාල් 3/22, තිසර ඒකනායක 3/27.

සාන්ත අන්තෝනි විද්‍යාලය: 137/7 (39) – Mohammed Aqueel 80*, රවිඳු කපුකොටුව 24, ට්‍රෙවීන් මැතිව් 11.

සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<