සහන් සුරවීර ශතකයක් සමඟින් 1000 පසු කරයි

451
Singer U19 Schools Cricket

සිංගර් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ තරග කිහිපයක්ම හා සාන්තුවරුන්ගේ සටනේ පෙර පුහුණු තරගයේ පළමු දිනය අද (24) සාර්ථක ලෙස අවසන් විය. දිනය තුල ශතක හා අර්ධ ශතක කිහිපයක්ම වාර්තා වූ අතර ආනන්ද විද්‍යාලයේ සහන් සුරවීර ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් වීම දිනයේ විශේෂ සිදුවීමකි.

ඩිලෝන්ගෙන් කඩුලු 7ත් සමඟින් තවත් සුපිරි තරු දෙකක විශිෂ්ට දස්කම්

පළමු ඉනිමේ ජයග්‍රහණ කිහිපයක්ම සමඟින් සිංගර් 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරග කිහිපයක්ම අද (23) දිනය තුල දී අවසන් වූ අතර, හසිත බෝයගොඩ…

කොළඹ රාජකීය විද්‍යාලය හා කැළණිය ධර්මාලෝක විද්‍යාලය

රාජකීය පිටියේ දී අවසන් වූ මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සමත් වූ අතර, පළමු ඉනිමට ලකුණු 194ක් ලබා ගැනීමට ඔවුන් සමත් විය. එහි දී සමිත රංගන ලකුණු 89*ක් හා මදුමාධව අනුරුද්ධ ලකුණු 58ක් වාර්තා කලේය.

පළමු ඉනිමේ වූ අඩුපාඩු මකා දමමින් රාජකීය විද්‍යාලය දෙවන ඉනිම වෙනුවෙන් හේලිත විතානගේ ලකුණු 81ක් හා පසිදු සූරියබණ්ඩාර ලකුණු 86ක් ලබාගනිමින් වර්ණවත් පිතිකරණයක නිරත විය.

රාජකීය විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 128 (44.5): අභිෂේක් පෙරේරා 31*, රොනුක ජයවර්ධන 30, තෙවිදු සේනාරත්න 23, යුගීෂ ඩිල්ශාන් 4/28, වෙනුර ගයාශාන් 2/26, මදුමාධව අනුරුද්ධ 2/36

ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 194 (71.4): සමිත රංගන 89*, මදුමාධව අනුරුද්ධ 58, ගනිත් සංදීප 4/58, හේලිත විතානගේ 2/18, හිමේශ් රාමනායක 2/43

රාජකීය විද්‍යාලය දෙවන ඉනිම – 335/7 (74): පසිදු සූරියබණ්ඩාර 86, හේලිත විතානගේ 81, කවිදු මදරසිංහ 60


පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග,

මොරටුව මොරටු විද්‍යාලය හා කළුතර සිරි කුරුස විද්‍යාලය

කාසියේ වාසිය ජයග්‍රහණය කල සත්කාරක මොරටු විද්‍යාලය තම පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලකුණු 98ක් ලබා ගත් අතර, එම ඉනිමේ කඩුලු 5ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත වීමට මලින්ද ජයෝද් සමත් විය. සිරි කුරුස විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණය පළමු දිනය තුලම ලබා දෙමින් තම අර්ධ ශතකය සම්පූර්ණ කර ගැනීමට නදීර මදුවන්ත සමත් විය. රෙශාන් කවිශ්ක එම ඉනිමේ කඩුලු 4ක් දවා ගන්නා ලදී.

මොරටු විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 98 (26): මලින්ද ජයෝද් 5/65, අවිශ්ක පෙරේරා 2/10, ඉයන් ඩෙවින් 2/17

සිරි කුරුස විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 184 (56.4): නදීර මදුවන්ත 55, කවිදු උමයංග 32, ලහිරු තඹවිට 29, රෙශාන් කවිශ්ක 4/44, ශෙහාර සොයිසා 3/42, නජිත් මිශේන්ද්‍ර 2/32

මොරටු විද්‍යාලය දෙවන ඉනිම (පළමු දිනය අවසානයේ) – 19/1 (4):


කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාලයේ ඇරයුමින් පිටියට පැමිණි ආනන්ද විද්‍යාලයේ පළමු ඉනිමට සහන් සුරවීර ශතකයක් එක් කල අතර, ඒත් සමඟින් ඔහු තම පාසල් ක්‍රිකට් දිවියේ ලකුණු 1000 සීමාව පසු කිරීමට සමත් විය. නිපුන් සුමනසිංහ කඩුලු 4ක් දවාලන ලදි. පිළිතුරු සාන්ත ජෝසප් විද්‍යාලයේ මුල් පෙල කඩුලු ඉක්මනින්ම දවාලීමට ආනන්ද විද්‍යාලයේ දිලීප ජයලත් ඇතුළු පන්දු යවන්නන් සමත් විය. තරගය ආනන්ද පිටියේ දී පැවැත්විය.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 361/7 dec (64): සහන් සුරවීර 104, කවිශ්ක අංජුල 73, සම්මු අශාන් 66, අසේල සිගේරා 32, කමේෂ් නිර්මාල් 26*, දුශාන් හෙට්ටිගේ 23, නිපුන් සුමනසිංහ 4/68, හරීන් කුරේ 2/123

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 61/5 (23): කැමරන් දුරුගේ 23, දිලීප ජයලත් 5/17


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

කාසියේ වාසිය තම සුරතට ගත් ඇලෝසියස් විද්‍යාලය සාන්ත සෙබස්තියන් විද්‍යාල පිටියේ දී පළමුව පන්දුවට පහර දෙන ලදි. තරගයේ පළමු දිනය තුලම දක්ෂ පිතිකරණයක නිරත වූ ඇලෝසියස් විද්‍යාලයේ අශේන් බණ්ඩාර ලකුණු 125ක් ලබා ගත්තේය. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ලකුණු 32ක් ලබා ගැනීමට අවිශ්ක ප්‍රනාන්දුට හැකි විය.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 270 (80.3): අශේන් බණ්ඩාර 125, නිලුක්ශ දුල්මින 43, හරීන් බුද්ධිල 31, අවිශ්ක ප්‍රනාන්දු 2/52, ප්‍රවීන් ජයවික්‍රම 2/64

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 73/2 (22): අවිශ්ක ප්‍රනාන්දු 32


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

බෙනඩික්ට් විද්‍යාලයේ ආරාධනය පරිදි පිටියට පැමිණි සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් ලකුණු 26ක් ලබා ගත් සතිශ් වික්‍රමාරච්චි පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත්විය. පිළිතුරු පළමු ඉනිමට ලකුණු 72ක් එක් කරමින් තම පිතිකරණ හැකියාවන් ද ප්‍රදර්ශනය කරවන ලදි. සඳරුවන් ධර්මරත්න සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවාලන ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී 128 (35.4): සතිශ් වික්‍රමාරච්චි 26, මොහොමඩි අබ්සාර් 19, ඩෙවෝන් ස්ටුවර්ට් 19, මතීෂ තීක්ෂණ 5/23, චලන සංකල්ප 2/33

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – සියල්ලන්ම දැවී 154 (51.2): මතීෂ තීක්ෂණ 72, කවීෂ ජයතිලක 18, සඳරුවන් ධර්මරත්න 4/55


කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල ඩි.එස්. සේනානායක විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් මෙම තරගයේ පසිදු චානක ලකුණු 93ක් ලබා ගැනීමට සමත් විය. ඔහුට සහය වුනු මුදිත ලකුණු 65ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් ගිහාන් විතාරණ දස්කම් දැක්වීය.

ඩී.එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 282 (88.2): පසිදු චානක 93, මුදිත ලක්ෂාන් 65, ශසික ගමගේ 36, ගිහාන් විතාරණ 2/39

ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම (පළමු දිනය අවසානයේ) – 16/2 (5):


සාන්තුවරුන්ගේ සටන (පුහුණු තරගය)

සාන්ත පීතර විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 71කට එක් කඩුල්ලක් ලෙස සනිටුහන් කරමින් පළමු දිනය අවසන් වූ මෙම තරගයේ සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 256කට අත්හිටුවන ලදි. එහි දී ටශාන් පෙරේරා ලකුණු 90ක් ලබා ගන්නා විට, අරෝන් ගුණතිලක හා ලක්ෂාන් ගමගේ ලකුණු 50 බැගින් ලබාගෙන දස්කම් දැක්විය. තරගය සාන්ත ජෝශප් පිටියේ දී පැවැත්විය.

සාන්ත ජෝශප් විද්‍යාලය පළමු ඉනිම – 256/9 dec (73): ටශාන් පෙරේරා 90, ආරෝන් ගුණතිලක 50, ලක්ෂාන් ගමගේ 50, රන්මිත් ජයසේන 3/37, ශමල් රත්නායක 2/48

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 71/1 (20): භානුක ද සිල්වා 37*, සුලක්ශන ප්‍රනාන්දු 26

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුව