IPL තියන්න Emirates ලෑස්ති වෙයි

499
IPL

ඉන්දියාවේ දරුණු ලෙස පැතිර යන COVID-19 වෛරස ව්‍යාප්තිය නිසා IPL තරගාවලිය ඉන්දියාවේ පවත්වන්නට නොහැකි වුවහොත් එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන්නට තමන් සුදානම් වන බව Dubai Sports Cityහි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ ප්‍රධාන නිලධාරී සල්මාන් හනිෆ් මහතා පවසා සිටියේය. 

කොරෝනා සුව වීමෙන් පසුව භට්ටී පාකිස්තාන කණ්ඩායම සමඟ එක්වෙයි

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක කාශිෆ් භට්ටී හට එංගලන්තයේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් – ඔක්තෝබර් කාලසීමාවේ පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සැලසුම් කරන්නේ ඔක්තෝබර් මස 18 වනදා සිට නොවැම්බර් මස 15 වනදා දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීම අවිනිශ්චිත වී ඇති නිසාවෙනි. 

Gulf News පුවත් සේවය වෙත අදහස් දක්වමින් හනිෆ් මහතා පවසා සිටියේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ICC ඇකඩමිය ද තිබෙන ඩුබායි ක්‍රීඩා නගරය IPL තරගාවලියට දැනටමත් සුදානම් බවයි. 

“කුඩා කාලයක දී තරග ගොඩක් පවත්වන්නට පුළුවන් වෙන්න මේ ක්‍රීඩාංගණයට තණතිලි නවයක්ම තිබෙනවා. අපි දැනට කිසිම තරගයක් නොපවත්වා මේ තණතිලි හොඳ තත්වයේ පවත්වා ගන්නට උත්සහ කරනවා.” 

බංග්ලාදේශ ක්‍රීඩකයන් තිදෙනෙක් CPL ප්‍රතික්ෂේප කරයි

2020 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් ඉවත්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ද COVID-19 වෛරස ආසාදිතයින් 50,000ක් වාර්තා වී ඇති අතර ජීවිත හානි 300ක් ද වාර්තා වී තිබේ. ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් ලක්ෂ 10යේ සීමාව ද ඉක්මවා ගොස් ඇති අතර මරණ 25,000ක් පමණ එරටින් වාර්තා වී තිබේ. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානි සව්රව් ගංගුලි මහතා පවසා සිටියේ විදේශයකට රැගෙන යන්න සිදුවුවත් මෙම වසරේ දී කෙසේ හෝ IPL තරගාවලිය පවත්වන බවයි. ICCය විසින් විස්සයි විස්ස ලෝක කුසලාන පැවැත්වීම පිළිබඳව අවසන් තීරණය ලබන සතියේ දී දැනුම් දීමට නියමිතය. 

පසුගිය මාර්තු මාසයේ සිට ඉන්දීය ක්‍රීඩකයින් තමන්ගේ නිවාස වලට කොටුවී සිටින අතර පසුගිය දින කිහිපයේ දී ඇතැම් ක්‍රීඩකයින් සිය පුහුණුවීම් ආරම්භ කර තිබුනි. 

තරගය පෙනී පෙනී ආචර්ට වැඩ වරදියි

බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් අතර

“අපි මීට කලින් ලොකු තරගාවලි පවත්වලා තිබෙන නිසා පුහුණුවීම් සඳහා අවශ්‍ය පහසුකම් අපට අපහසු වන්නේ නැහැ. ICC සංකීර්ණයේ තණතිලි 38ක් තිබෙනවා. රස්නිය වැඩි වුනොත් භාවිතා කරන්න අවශ්‍ය නම් ගෘහස්ත පුහුණු පහසුකම් ද තිබෙනවා.” යයි වැඩිදුරටත් අදහස් දක්වමින් හනිෆ් මහතා පවසා සිටියේය. 

HindustanTimes ඇසුරින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<