රත්ගම දේවපතිරාජයන් දෙවැනි කොටසේ ශූරයෝ වේ

333

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (11) කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමා වූවද, එම තරගය සඳහා සහභාගී වූ රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය එළඹෙන වසරේ සිට වයස අවුරුදු 19න් පහළ පළමු කොටසින් ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබා ගත්හ.

සාන්ත ආනාවරුන් දැවැන්ත ඉනිමක් ගොඩනගයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු…

ජයග්‍රහණය ලැබීමටත් පෙර සිටම ත්‍යාගය තීරණය වී තිබූ මෙම තරගයේ දී දෙපිළේ ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ එළඹෙන වසරේ දී තමන්ගේ ස්ථානය කුමක් ද යන්න තීරණය කර ගැනීමය. ඒ අනුව පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ දේවපතිරාජයෝ ඒ සුවිශේෂී ස්ථානය ද දිනා ගැනීමට සමත් වූහ.

මේ සුවිශේෂ කඩඉමට ළඟා වූ දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීම වෙනුවෙන් පැතුම් මධුශංක මෙන්ඩිස් සේ ම සාන්ත ආනා විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීම වෙනුවෙන් රන්දීර රණසිංහ ද විද්‍යාල දෙකේ ක්‍රිකට් ඉතිහාස අතර රන් අකුරෙන් ලියැවෙනු ඇත.

අවසාන මහා තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත ආනාවරුන් සියලුම දෙනා දැවී ලකුණු 275ක් ලබා ගත් අතර තරගය නතර කරන විට දේවපතිරාජයන් කඩුලු 6ක් දැවී ලකුණු  283ක් ලබා සිටියහ.

දේවපතිරාජ ඉනිම තරගයේ පළමු දිනයට නතර කෙරෙන විට කඩුල්ලක් දැවී ලකුණු 19ක් විය. දෙවැනි දිනය වූ අද දිනයේ දී ලකුණු පුවරුවට තවත් ලකුණු 7ක් එක් වෙද්දී දේවපතිරාජ දෙවැනි කඩුල්ල ද දවා ගැනීමට සාන්ත ආනාවරුන් සමත් වූහ. එම අවස්ථාවේ කඩුල්ල අහිමි කර ගත්තේ ආරම්භක පිතිකරු පවන් සන්දේශ් (12) ය.

ගාලු පුරවරයේ ආදරවන්තයෝ අවසන් හතරට

පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන 2017/18 පළමු…

අනතුරුව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73ක සබඳතාවක් එක් කිරීමට ජීවක ශෂීන් සහ සුධීර වීරරත්න සමත් වූහ. එම කඩුලු සබඳතාවට තිත තබමින් ජීවක පිටියෙන් ඉවත් වූයේ ලකුණු 34ක් ලබා ගනිමිනි.

සුධීර වීරරත්න අද තරගයේ සුවිශේෂී ම ක්‍රීඩකයා වෙමින් ආනාවරුන්ට එරෙහිව ශතකයක් වාර්තා කළේය. ඔහු පන්දු 237කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේය. ඔහු රවීන් යසස් සමඟ එක් වෙමින් සිව්වැනි කඩුල්ල සඳහා එක් කළ ලකුණු සංඛ්‍යාව 128කි. රවීන් යසස් පන්දු 139ක දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත්තේය.

තරගය නිමා වෙන විට නායක පැතුම් මධුශංක සහ උප නායක තිසර ඩිල්ශාන් නොදැවී ලකුණු 20ක් බැගින් ලබා සිටියහ. පන්දු යැවීමේ දී ධනංජය බණ්ඩාරට කඩුලු 2ක් හිමි විය.

සාන්ත ආනා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 275 (79.2) ධනංජය බණ්ඩාර 57, දිනෙත් චන්දිමාල් 51, රන්දීර රණසිංහ 46, වනිත වන්නිනායක 26, පුබුදු ගනේගම නොදැවී 68, ඉරුක්ෂ තිමිර 5/87, පවන් සන්දේශ් 3/45

දේවපතිරාජ විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 283 (112.5) ජීවක ශෂීන් 34, සුධීර වීරරත්න 104, රවීන් යසස් 68, පැතුම් මධුශංක නොදැවී 20, තිසර ඩිල්ශාන් නොදැවී 20, ධනංජය බණ්ඩාර 2/22

දෙවැනි කොටසින් පළමු කොටසට උසස් විම් ලද රත්ගම දේවපතිරාජ විද්‍යාලයට සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයට ThePapare.com වෙතින් සුබ පැතුම් එක් කරන අතර මේ සුවිශේෂී කඩඉමට ළඟා වූ කණ්ඩායම් දෙකේ සාමාජිකයන්ගේ සංචිත ඔවුන්ට උපහාර පිණිස මෙසේ සටහන් තබමු.

ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන්ගේ නොදත් සංඛ්‍යා වාර්තා

පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවල දී පැවති බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට්…

දේවපතිරාජ විද්‍යාලයීය කණ්ඩායම

පැතුම් මධුශංක මෙන්ඩිස් (නායක), තිසර ඩිල්ශාන් ද සිල්වා (උප නායක), රවීන් යසස්, සුධීර වීරරත්න, කල්ප චේතිය ගිම්හාන, චාමික සඳරුවන්, පවන් සන්දේශ් ද සිල්වා, ජීවක ශෂීන් හසරංග, සසංක නිර්මාල් විජේනායක, තරිඳු රුක්ෂාන්, රවිඳු රන්දික, ඉරුෂ්ක තිමිර, හරීන් අචින්ත, දිනිත ප්‍රභානක, සඳරු තීක්ෂණ, චමින්ද සඳරුවන්, පැතුම් සඳරුවන්, මතීෂ සාරංග, දර්ශක සංදීප්, චානුක සුලක්ෂණ

නිලධාරීන්; එම්. ඩබ්ලිව්. ආර්. අල්විස් මහතා (විදුහල්පති) වයි. නිශාන්ත කුමාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) රංජන් ලසන්ත මහතා (පුහුණුකරු)

සාන්ත ආනා විද්‍යාලයීය කණ්ඩායම

රන්දීර රණසිංහ (නායක), පුබුදු ගනේගම (උප නායක), වනිත වන්නිනායක, දිනිත් චන්දිමාල්, ධනංජය බණ්ඩාර, ලක්ෂිත ඩිල්ශාන්, කවිඳු රණසිංහ, රුවන්ත රන්දික, සුලක්ෂන් මධුසිත, ක්‍රිෂාන්ත පියතිලක, හිරුෂ ද සිල්වා, ලසිත් වර්ණකුලසූරිය, අවිශ්ක ෂෙහාන්, ශෂික සඳරුවන්, පසිඳු චාමික, දේමිත කුමාරගේ, කවිඳු ගයාන්ග, මුයිස් නව්සාන්, අහමද් සෆ්නි, මයාස් මුසාමිල්

නිලධාරීන්; ඒ. ඊ. තරුයිසියස් සහෝදරතුමා (විදුහල්පති) එන්. සී. දිසානායක මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) චානක එදිරිවීරගේ මහතා (පුහුණුකරු)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<