Home Sinhala දඹුල්ල පෙරමුණ රැක ගනිද්දී කොළඹ ජයග්‍රහණ අතරට

දඹුල්ල පෙරමුණ රැක ගනිද්දී කොළඹ ජයග්‍රහණ අතරට

203

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (30) පැවති තරගවලින් ජයග්‍රහණ වාර්තා කිරීමට කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් සමත් වුනා.

කොළඹ සහ ගාල්ල

කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති මෙම තරගයෙන් ගාල්ල පරදවා ලකුණු 71ක ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයින් සමත් වුනා.

කාසියේ වාසිය දිනූ ගාල්ල ක්‍රීඩකයින්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි කොළඹ ක්‍රීඩකයින් සිය ඉනිම සඳහා සියල්ලන් දැවී ලකුණු 225ක් රැස් කළා.

කොළඹ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 14ක් ලබා සිටිය දී දැවී ගිය අතර සිතාර ගිම්හාන පන්දු 45කට මුහුණ දෙමින් ලකුණු 44ක් රැස් කරමින් කොළඹ මුල්පෙළ ශක්තිමත් කළා.

ක්‍රිෂාන් සංජුල (0), නිපුන් ධනංජය (0) සහ අශේන් බණ්ඩාරට වැඩි වෙලාවක් කඩුල්ලේ රැඳී සිටීමට ඉඩ නොදුන් ගාල්ල පන්දු යවන්නන් ඔවුන් සියල්ල ක්‍රීඩාගාරයට හරවා යැව්වේ කොළඹ ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී 102ක් බවට පත් වන විටයි.

නමුත් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 92ක සම්බන්ධතාවක් ගොඩනැගීමට දුෂාන් හේමන්තට සහ සචිත ජයතිලකට හැකි වූ අතර දුෂාන් විමුක්ති ලකුණු 46ක් ලබා සිටිය දී මිලාන් රත්නායකගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ සචිත ජයතිලක පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 58ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ගාල්ල වෙනුවෙන් මිලාන් රත්නායක ලකුණු 37කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර කවිෂ්ක අංජුල සහ තිලංග උදේශාන් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ලකුණු 226ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 29ක් තුළ දවා ගැනීමට කොළඹ පන්දු යවන්නන්ට හැකි වුනේ සොහාන් ද ලිවේරා (19), විශාද් රන්දික (09) සහ පසිඳු සූරියබණ්ඩාර දවා ගනිමිනුයි.

ලකුණු 10ක් ලබා සිටි දිනේෂ් චන්දිමාල් සිව්වැනි කඩුල්ල ලෙස ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙද්දී රමේෂ් මෙන්ඩිස් (08) සහ පැතුම් කුමාර (22) දැවී ගියේ ගාල්ල ක්‍රීඩකයින් දැඩි අසීරු අඩියකට ඇඳ දමමිනුයි.

සුපුරුදු පරිදි ගාල්ල අගපෙළ පිතිකරුවන් වූ අකිල ධනංජය ලකුණු 27ක්, සුමින්ද ලක්ෂාන් ලකුණු 26ක් සහ කවිෂ්ක අංජුල ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වූ අතර කොළඹ පන්දු යැවීම හමුවේ ගාල්ල ඉනිම 154කට සීමා වුනා.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් සහ දුෂාන් විමුක්ති කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වූ අතර උදිත මදුශාන් කඩුලු දෙකක් දවා ගත්තා.

Result


Team Galle
154/10 (39.4)

Team Colombo
225/10 (48)

Batsmen R B 4s 6s SR
Avisha Fernando c Dinesh Chandimal b Kavishka Anjula 14 20 2 0 70.00
Sithara Gimhana c & b Ramesh Mendis 44 45 4 1 97.78
Krishan Sanjula c Sohan de Livera b Tilanga Udeshana 5 9 1 0 55.56
Dushan Vimukthi c Ramesh Mendis b Milan Rathnayake 46 89 2 0 51.69
Nipun Dhananjaya lbw b Akila Dananjaya 0 3 0 0 0.00
Ashen Bandara lbw b Tilanga Udeshana 19 20 2 0 95.00
Sachitha Jayathilake c Ramesh Mendis b Milan Rathnayake 58 74 5 2 78.38
Isitha Dew Wijesundara c Pasindu Sooriyabandara b Milan Rathnayake 16 15 1 1 106.67
Prabath Jayasuriya b Milan Rathnayake 1 3 0 0 33.33
Udith Madushan b Kavishka Anjula 4 5 0 0 80.00
Nuwan Pradeep  not out 4 6 0 0 66.67


Extras 14 (b 0 , lb 4 , nb 1, w 9, pen 0)
Total 225/10 (48 Overs, RR: 4.69)
Bowling O M R W Econ
Milan Rathnayake 9 0 37 4 4.11
Kavishka Anjula 9 0 54 2 6.00
Tilanga Udeshana 7 1 45 2 6.43
Ramesh Mendis 8 0 23 1 2.88
Akila Dananjaya 6 0 23 1 3.83
Suminda Lakshan 9 1 39 0 4.33


Batsmen R B 4s 6s SR
Sohan de Livera c Sithara Gimhana b Nuwan Pradeep  19 32 3 0 59.38
Vishad Randika lbw b Nuwan Pradeep  9 17 1 0 52.94
Dinesh Chandimal c Sithara Gimhana b Udith Madushan 10 18 1 0 55.56
Pasindu Sooriyabandara c Sithara Gimhana b Nuwan Pradeep  0 5 0 0 0.00
Pathum Kumara c Nipun Dhananjaya b Prabath Jayasuriya 22 32 2 0 68.75
Ramesh Mendis lbw b Udith Madushan 8 16 0 0 50.00
Suminda Lakshan c Avisha Fernando b Dushan Vimukthi 26 28 3 0 92.86
Kavishka Anjula lbw b Nipun Dhananjaya 21 33 2 0 63.64
Akila Dananjaya c Sachitha Jayathilake b Dushan Vimukthi 27 32 3 0 84.38
Milan Rathnayake c Sachitha Jayathilake b Dushan Vimukthi 5 19 0 0 26.32
Tilanga Udeshana not out 2 6 0 0 33.33


Extras 5 (b 1 , lb 0 , nb 0, w 4, pen 0)
Total 154/10 (39.4 Overs, RR: 3.88)
Bowling O M R W Econ
Nuwan Pradeep  7 1 31 3 4.43
Isitha Dew Wijesundara 6 0 20 0 3.33
Prabath Jayasuriya 8 0 36 1 4.50
Udith Madushan 5 1 15 2 3.00
Dushan Vimukthi 8.4 0 34 3 4.05
Sachitha Jayathilake 1 0 7 0 7.00
Nipun Dhananjaya 4 0 10 1 2.50



මහනුවර සහ දඹුල්ල

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් මහනුවර පරදවා කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට දඹුල්ල ක්‍රීඩකයින් සමත් වුනා.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර ක්‍රීඩකයින් ලකුණු 239කට සීමා කිරීමට දඹුල්ල පන්දු යවන්නන්ට හැකි වුනා.

මහනුවර ලකුණු පුවරුව 35ක් වන විට නායක නිරෝෂන් දික්වැල්ල (15) සහ සඳුන් වීරක්කොඩි දවා ගැනීමට දඹුල්ල ක්‍රීඩකයින් සමත් වූවත්, අගනා ඉනිමක් ක්‍රීඩා කළ ඕෂධ ප්‍රනාන්දු පන්දු 75කට මුහුණ දෙමින් අගනා ලකුණු 76ක් රැස් කළා.

පන්දු 52කට ක්‍රීඩා කරමින් ලකුණු 52ක් ලබා ගැනීමට ලහිරු උදාර සමත් වෙද්දී ඔහුට තරමක සහයක් ලබා දෙමින් ලකුණු 23 බැගින් ලබා ගැනීමට අහන් වික්‍රමසිංහ සහ අසෙල් සිගේරා සමත් වුනා.

අනෙක් පිතිකරුවන්ට සාර්ථක වීමට දඹුල්ල පන්දු යැවීම හමුවේ නොහැකි වූවත්, පන්දු 32ක් තුළ පුලින තරංග ලබා ගත් ලකුණු 20 නිසා ලකුණු 239ක් ලබා ගැනීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සඳකැන් ලකුණු 37කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර සොහාන් දිනූෂ සහ ලහිරු සමරකෝන් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු 240ක ඉලක්කයක් හඹා යෑමට පිවිසි දඹුල්ල කණ්ඩායමේ නායක මිනෝද් භානුක ලකුණු 06කට දවා ගැනීමට චාමික ගුණසේකරට හැකි වූ අතර දෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය කමිඳු මෙන්ඩිස් ලකුණු 26ක් රැස් කළා.

ලකුණු 34ක් ලබා සිටි පවන් රත්නායක දවා ගැනීමට පුලින තරංග සමත් වෙද්දී, ලකුණු 16ක් ලබා සිටි ලසිත අබේරත්න ලකුණු 16කට දැවී ගියේ දඹුල්ල ලකුණු පුවරුව කඩුලු 4ක් දැවී 85ක් බවට පත් කරමිනුයි.

කඩා වැටුණු ඉනිමකට තරමක ජීවයක් ගෙන දෙමින් පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 66ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සොනාල් දිනූෂට සහ අශාන් ප්‍රියන්ජන්ට හැකි වූ අතර අශාන් ප්‍රියන්ජන් ලකුණු 37කට දැවී ගියා.

සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කළ සොනාල් දිනූෂ පන්දු 66ක් තුළ ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වූ අතර ‍රනිත ලියනාරච්චි ලකුණු 21කට දැවී ලකුණු පුවරුව 199ක් වන විටයි.

ලහිරු සමරකෝන් ලකුණු 06කට සහ පිටියේ රැඳී සිටි පිතිකරුවා වූ දුෂාන් හේමන්ත ලකුණු 37කට දවා ගෙන තරගය නැවතත් දෙපිලටම විවර කිරීමට මහනුවර ක්‍රීඩකයින්ට හැකි වූවත්, නොදැවී ලකුණු 12ක් රැස් කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට ගෙන යාමට චමිඳු විජේසිංහට හැකි වුනා.

ඒ සමඟ තරගය එක් කඩුල්ලකින් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැක ගැනීමට දඹුල්ල ක්‍රීඩකයින්ට හැකි වුනා.

Result


Team Dambulla
240/9 (48.5)

Team Kandy
239/10 (47.1)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella c Lahiru Samarakoon b Ranitha Liyanarachchi 15 14 2 0 107.14
Oshada Fernando c Pavan Rathnayake  b Lakshan Sandakan 76 75 10 1 101.33
Sandun Weerakkody c Minod Bhanuka b Lahiru Samarakoon 1 3 0 0 33.33
Lahiru Udara c Ranitha Liyanarachchi b Lakshan Sandakan 52 52 7 0 100.00
Ahan Wickramasinghe c Minod Bhanuka b Lakshan Sandakan 23 24 2 0 95.83
Asel Sigera c Ashan Priyanjan b Dushan Hemantha 23 38 2 0 60.53
Movin Subasingha lbw b Lakshan Sandakan 0 2 0 0 0.00
Pulina Tharanga b Lahiru Samarakoon 20 32 0 0 62.50
Ashian Daniel lbw b Sonal Dinusha 7 21 1 0 33.33
Dushmantha Chameera b Sonal Dinusha 4 10 0 0 40.00
Chamika Gunasekara not out 7 13 0 0 53.85


Extras 11 (b 0 , lb 5 , nb 1, w 5, pen 0)
Total 239/10 (47.1 Overs, RR: 5.07)
Bowling O M R W Econ
Ranitha Liyanarachchi 5 0 26 1 5.20
Lahiru Samarakoon 5.1 0 24 2 4.71
Chamindu Wijesinghe 3 0 20 0 6.67
Dushan Hemantha 10 0 59 1 5.90
Sonal Dinusha 6 1 32 2 5.33
Lakshan Sandakan 10 2 37 4 3.70
Ashan Priyanjan 8 0 36 0 4.50


Batsmen R B 4s 6s SR
Minod Bhanuka c & b Chamika Gunasekara 6 9 0 0 66.67
Pavan Rathnayake  c Oshada Fernando b Pulina Tharanga 34 43 2 1 79.07
Kamindu Mendis b Movin Subasingha 26 16 3 1 162.50
Lasith Abeyrathne c Niroshan Dickwella b Ashian Daniel 16 28 1 0 57.14
Ashan Priyanjan c Chamika Gunasekara b Asel Sigera 24 39 2 0 61.54
Sonal Dinusha c Ashian Daniel b Movin Subasingha 53 66 4 0 80.30
Dushan Hemantha c & b Movin Subasingha 37 42 1 1 88.10
Ranitha Liyanarachchi c Lahiru Udara b Ashian Daniel 21 20 2 1 105.00
Lahiru Samarakoon c Lahiru Udara b Ashian Daniel 6 6 0 0 100.00
Chamindu Wijesinghe not out 12 17 1 0 70.59
Lakshan Sandakan not out 0 7 0 0 0.00


Extras 5 (b 0 , lb 0 , nb 0, w 5, pen 0)
Total 240/9 (48.5 Overs, RR: 4.91)
Bowling O M R W Econ
Dushmantha Chameera 7 0 49 0 7.00
Chamika Gunasekara 4 0 21 1 5.25
Asel Sigera 10 1 43 1 4.30
Movin Subasingha 8.5 0 46 3 5.41
Pulina Tharanga 8 0 36 1 4.50
Ashian Daniel 10 0 39 3 3.90
Sandun Weerakkody 1 0 6 0 6.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<