අධිවේගී අර්ධ ශතකය වාර්තා කළ මිස්‌බා වේගවත්ම ශතකයත් සම කරයි

120

ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස පන්දු 56 ක්‌ තුළ ශතකයක්‌ ලබා විවියන් රිචඩ්ස්‌ (1985-1986) තබා තිබූ වාර්තාව සම කිරීමට පකිස්‌තානයේ මිස්‌බා උල් හක්‌ ඊයේ සමත් විය. පන්දු 56 ක්‌ තුළ ශතකයක්‌ රැස්‌කරමින් ඔහු අදාළ වාර්තාව සම කළේ ඔස්‌ටේ්‍රලියාව සමග අබුඩාබි හි පැවැත්වෙන දෙවැනි ටෙස්‌ට්‌ තරගයේ සිව් වැනි දිනයේදීය.

එහිදී ඔහු විසින් පන්දු 21 ක්‌ තුළ අර්ධ ශතකය රැස්‌ කරමින් ටෙස්‌ට්‌ ලොව වේගවත්ම අර්ධ ශතකයට ද හිමිකම් කීය. මීට පෙර අදාළ වාර්තාව දකුණු අප්‍රිකාවේ ජැක්‌කලිස්‌ සතු වූයේ පන්දු 24 ක්‌ තුළ අර්ධ ශතකයක්‌ රැස්‌කරමිනි.

අසාර් අලීගේ (නොදැවී 100) හා නායක මිස්‌බා උල් හක්‌ගේ (නොදැවී 101) ශතකයන්ගෙන් ශක්‌තිමත් වූ පකිස්‌තාන දෙවැනි ඉනිම කඩුලු 3 කට ලකුණු 293 ක්‌ ලෙස සටහන් වන විට ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායමේ ජයග්‍රාහී ඉලක්‌කය ලකුණු 603 ක්‌ ලෙස දැක්‌වී තිබිණි. මෙම තරගයේදී පකිස්‌තානය වෙනුවෙන් ශතක 4 ක්‌ හා එක්‌ ද්විත්ව ශතකයක්‌ වාර්තා වී තිබීම කැපී පෙනුණි.

ලකුණු 603 ක දැවැන්ත ඉලක්‌කයක්‌ කරා යැමට පිටියට පිවිසි ඔස්‌ටේ්‍රලියානු කණ්‌ඩායම සිව් වන දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 4 ක්‌ දැවී ලකුණු 143 ක්‌ ලබා ඉතා අසීරු තත්ත්වයක පසුවිය.

ලකුණු සටහන 

පකිස්‌තාන පළමු ඉනිම 6/570

ඔස්‌ටේ්‍රලියා පළමු ඉනිම සියල්ල දැවී ලකුණු 261 යි.

පකිස්‌තාන දෙවැනි ඉනිම 3/293 –  අසාර් අලි (නොදැවී) 100, මිස්‌බා උල් හක්‌ (නොදැවී) 101, යුනිස්‌ කාන් 46, මිචෙල් ජොන්සන් 2/45) 

ඔස්‌ටේ්‍රලියා දෙවැනි ඉනිම –  ඩේවිඩ් වෝනර් 58, ස්‌ටීව් ස්‌මිත් 38(නොදැවී),මොහොමඩ් හෆSස්‌ 1/33, සෆsකර් බාබර් 3/65)