ලංකාවට ආ සිම්බාබ්වේ පුහුණුකරු නිරෝධායනයට

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

905
Lalchand Rajput
@Indian Express

සිම්බාබ්වේ ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු වන Lalchand Rajput හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. 

සිම්බාබ්වේ කණ්ඩායම අද (10) උදෑසන ශ්‍රී ලංකාවට ළඟා වුනා. Rapid Antigen පරීක්ෂාවකින් අනතුරුව මෙලෙස ඔහු ආසාදිතයෙකු බව හඳුනා ගනු ලැබුණු අතර ඔහු නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි. 

කෙසේ නමුත් ඔහුට අමතරව වෙනත් කිසිදු අයෙකුට වයිරසය ආසාදනය වී නොමැති බව ද වාර්තා වනවා.  

හිටපු ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන Rajput 1985 සහ 1987 කාලසීමාවේ දී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරග 4ක් සඳහා සිය දායකත්වය ලබා දී තිබෙනවා.  

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිත අතර තරගාවලිය ICC එක්දින සුපර් ලීග් තරගාවලියට ඇතුළත් වනවා. ජනවාරි 16, 18 සහ 21 දිනවල දිවා රාත්‍රි තරගාවලියක් ලෙස පැවැත්වෙන මේ තරගාවලියේ සියලු තරග පල්ලෙකැලේ දී පැවැත්වීමට නියමිතයි. 

තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ සංචිතය:  Craig Ervine (captain), Ryan Burl, Regis Chakabva, Tendai Chatara, Luke Jongwe, Takudzwanashe Kaitano, Clive Madande, Wessly Madhevere, Wellington Masakadza, Tinotenda Mutombodzi, Blessing Muzarabani, Richard Ngarava, Sikandar Raza, Milton Shumba, Sean Williams

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<