Tier B විස්සයි විස්ස තරගාවලියට දින කියයි

SLC Tier B T20 Tournament 2026

1
Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ද Major Club ක්‍රිකට් තරගාවලියට සමගාමී ව මැයි මස 13 වැනිදා සිට ම පැවැත්වීමට යෝජනා වී තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12ක් සහභාගී වන අතර ඔවුන් ද සුපුරුදු ලෙසින් ම කාණ්ඩ 2කට වර්ගීකරණය කරමින් ඒ අනුව පැවැත්වෙනවා. ඒ අනුව පැවැත්වෙන තරගාවලියේ පළමු වටයේ තරග මැයි මස 21 වැනිදා දක්වා පැවැත්වීමට යෝජිතයි.

තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය මැයි මස 23 වැනිදා කොළඹ BRC සහ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණවල දී පැවැත් වීමට නියමිත අතර තරගාවලියේ අවසන් පූර්ව තරග මැයි මස 25 වැනිදා කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වෙනවා.

තරගාවලියේ අවසන් මහා තරගය මැයි මස 27 වැනි දා කෝල්ට් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට යෝජිත අතර එම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වෙන්නේ නම් ඒ සඳහා පමණක් එදින ම පස්වරු කාලය අමතර වේලාවක් ලෙසින් යෝජිත ව තිබෙනවා.

මෙම තරගාවලිය සඳහා පසුගිය වසරේ එක් වූ SSC කණ්ඩායම නිමා වූ Tier B තුන්දින තරගාවලියේ ශූරයන් වීම හේතුවෙන් නැවත වතාවක් Major Club තරගාවලිය සඳහා එක් වෙන අතර ඒ වෙනුවට එම කාණ්ඩයෙන් ඉවතට විසි වූ Chilaw Marians CC කණ්ඩායම මෙවර තරගාවලියට එක් වෙනවා.

තරගාවලිය සඳහා එක් වෙන කණ්ඩායම්

Group A

 

Ragama CC, Leo CC, United Southern SC, Moratuwa SC, Negombo CC, Kurunegala CC

 

Group B

 

Army SC, Chilaw Marians CC, Galle CC, Navy SC, Sebastianite C & AC, Kandy Custom SC

තරගාවලියේ කාලසටහන

Date Time Host Opponent Venue
13th May 2026

 

 

 

 

 

9.45am-12.55pm Ragama CC Kurunegala CC Navy-Welisara
2pm-5.10pm Army SC Kandy Custom SC Navy-Welisara
9.45 am-12.55pm Chilaw Sebastianite C & AC Police
2pm-5.10pm Leo CC Negombo CC Police
9.45am-12.55pm Moratuwa SC United Southern SC BRC
2pm-5.10pm Navy SC Galle CC BRC
15th May 2026

 

 

 

 

 

9.45am-12.55pm Sebastianite C & AC Army SC BRC
2pm-5.10pm Negombo CC Ragama CC BRC
9.45 am-12.55pm Kurunegala CC Moratuwa SC Panadura
2pm-5.10pm Navy SC Kandy Custom SC Panadura
9.45am-12.55pm Galle CC Chilaw Moratuwa
2pm-5.10pm United Southern SC Leo CC Moratuwa
17th May 2026

 

 

 

 

 

9.45am-12.55pm Army SC Navy SC Police
2pm-5.10pm Moratuwa SC Ragama CC Police
9.45 am-12.55pm Negombo CC United Southern SC Navy-Welisara
2pm-5.10pm Galle CC Sebastianite C & AC Navy-Welisara
9.45am-12.55pm Kurunegala CC Leo CC BRC
2pm-5.10pm Kandy Custom SC Chilaw BRC
19th May 2026

 

 

 

 

 

9.45am-12.55pm Galle CC Army SC BRC
2pm-5.10pm United Southern SC Ragama CC BRC
9.45 am-12.55pm Chilaw Navy SC Air Force
2pm-5.10pm Leo CC Moratuwa SC Air Force
9.45am-12.55pm Sebastianite C & AC Kandy Custom SC Navy-Welisara
2pm-5.10pm Negombo CC Kurunegala CC Navy-Welisara
21st May 2026

 

 

 

 

9.45am-12.55pm Ragama CC Leo CC Moratuwa
2pm-5.10pm Army SC Chilaw Moratuwa
9.45 am-12.55pm Kandy Custom SC Galle CC Navy-Welisara
2pm-5.10pm Kurunegala CC United Southern SC Navy-Welisara
9.45am-12.55pm Moratuwa SC Negombo CC Air Force
  2pm-5.10pm Navy SC Sebastianite C & AC Air Force
23rd May 2026

 

 

9.45am-12.55pm A1 B4 BRC
2pm-5.10pm B1  A4 BRC
9.45am-12.55pm  A2  B3 Navy-Welisara
2pm-5.10pm  B2  A3 Navy-Welisara
 

අවසන් පූර්ව තරග

25th May 2026 9.45am-12.55pm Winner – QF 1 Winner – QF 4 Colts
2pm-5.10pm Winner – QF 2 Winner – QF 3 Colts
 

අවසන් මහා තරගය

27th May2026 9.45am-12.55pm Winner Semi 1 Winner Semi 2 Colts
2pm-5.10pm Rain Reserve  

අන්තර් ක්‍රීඩා සමාජ Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<