නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක්!

887
Niroshan Dickwella

ශ්‍රී ලංකා කඩුලු රකින ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට සීමිත ඕවර තරග දෙකක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර ඇත. ක්‍රිකට් කවුන්සලයේ නීති මාලාවට අනුව මාස 24ක් ඇතුලත ඔහුගේ අයහපත් ලකුණු සීමාව 5 ඉක්මවූ බැවින් තරග මුදලින් 30%ක දඩයකුත්, තවත් අයහපත් ලකුණු දෙකකුත් ලබා දී තිබේ.

කුරාන් සොහොයුරන් එංගලන්තයට ජයග්‍රාහී ඇරඹුමක් ගෙනෙයි

ශ්‍රී ලංකා සංචාරය අරඹමින් පැවති පළමු සිව්දින ටෙස්ට් තරගයෙන්ම සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට එංගලන්ත ලයන්ස් කණ්ඩායම අද (20) සමත් විය.

ඕස්ට්‍රේලියාවට එරෙහිව ජීලොන්ග් හි දී පැවති දෙවන විස්සයි 20 තරගයේ දී, විනිසුරුවන් සහ ක්‍රීඩකයන් සඳහා වන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති වගන්ති අංක 2.1.5 උල්ලංඝනය කිරීම වෙනුවෙන් ඔහුට මේ දඩය නියම කොට ඇත. එහි සඳහන් වන්නේ “අන්තර්ජාතික තරගයක් අතරතුර දී විනිසුරු තීරණයකට විරෝධය පෑම” යනුවෙනි.

ඉකුත් පෙබරවාරි 08 වැනිදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති සිව්වැනි එක්දින තරගයේ දී ද තරග මුදලින් 50%ක දඩයක් සහ අයහපත් ලකුණු 3ක් නියම වූ දික්වැල්ල, පසුගිය විස්සයි 20 තරගයේ දී එකතු කරන ලද අයහපත් ලකුණු 2 ද සමඟින් උපරිම දඩ ලකුණු හතරේ සීමාව ඉක්මවූ අතර එය උක්ත සම්මුතියේ 7.6 වන වගන්තියට අනුව තරග තහනමක් නියම වීම සඳහා ලකුණු දෙකක් සේ සැලකේ. එවැනි ලකුණු දෙකක්, එක් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග දෙකක තරග තහනමකට හෝ එක් ටෙස්ට් තරගයක් සහ විස්සයි 20 තරග දෙකක තහනමකට යටත් වේ.

ඒ අනුව දික්වැල්ලට එළඹෙන ඕස්ට්‍රේලියා – ශ්‍රී ලංකා තෙවන විස්සයි විස්ස තරගය අහිමි වන අතර ඉන් මාස 24ක් තුළ දී ඔහු අයහපත් ලකුණු 8ක් හෝ ඊට වැඩි ගණනක් ලබා ගන්නේ නම් එය, තරග තහනමක් සඳහා වන ලකුණු 4ක එකතුවකට සමාන වේ. එනම් ටෙස්ට් තරග දෙකකුත්, සීමිත ඕවර තරග හතරකුත් (ඕවර 50 හෝ 20) ඔහුට තහනම් වීමට හැකියාවක් ඇති වේ.

අදාළ සිද්ධිය ඇති වූයේ ජීලොන්ග් හි පැවති විස්සයි 20 තරගයේ දී කඩුලු රකින්නාට උඩ පන්දුවක් ලබා දුන් බවට දික්වැල්ලව විනිසුරු විසින් නම් කළ පසු ඔහු පිටියට පා පහරක් එල්ල කොට තම උරහිසේ පන්දුව වැදුණු බව හැඟවීමෙන් අනතුරුවයි.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට