සත්කාරකයෝ ලකුණු 194කට දැවී යයි

296

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ B කාණ්ඩයේ තරගයක් අද (23) සහිරා විද්‍යාලයීය පිටියේ දී ආරම්භ වූ අතර එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් සහිරා විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් විය.

සඳුන් වීරක්කොඩිගෙන් Emerging පිටියට ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Emerging League ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද (21) ආරම්භ වූ අතර එහි දී එස්. එස්. සී. ක්‍රීඩා සමාජයේ…

කාසියේ වාසිය දිනූ සහිරා ක්‍රීඩකයෝ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රීඩකයන්ට එරෙහිව පළමුව පිති එසවීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් අතුරින් දකුණින් පන්දුවට පහර දෙන මොහොමඩ් ඩිල්හාන් අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. ඩිල්හාන් තම ඉනිම වෙනුවෙන් පන්දු 66කට මුහුණ දුන් අතර හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුළත් කළේය.

ඊට අමතරව ඩිල්සර සාමින්ද ඉනිම අවසන් වන විට පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 47ක් ලබා සිටියේ ය. ඉමතියාස් ස්ලාසා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 41කි.

පන්දු යැවීමේ දී සංතුෂ් ගුණතිලක ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව ශිවන් පෙරේරා සහ රුවින් සෙනෙවිරත්න කඩුලු 2 බැගින් දවා ගත්හ.

විනිසුරු සවියෙන් බෙයාර්ස්ටොව් – ස්ටොක්ස් ශ්‍රී ලංකාවට සටනක් දෙති

ශ්‍රී ලංකාව හා සංචාරක එංගලන්තය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (23) කොළඹ එස්. එස්. සී ක්‍රිකට් පිටියේ…

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ප්‍රතිවාදී සාන්ත පීතරයන්ගේ ඉනිම ක්‍රියාත්මක වෙද්දී ක්‍රීඩාංගණයට පැමිණි අඳුර හේතුවෙන් තරගයේ පළමු දිනයට සමුදෙන විට ඔවුන් කඩුල්ලක් දැවී ලකුණු 14ක් ලබා සිටියහ.  

තරගයේ හෙට (24) දිනයේත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

සහිරා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (91) ඉමතියාස් ප්ලාස් 41, ඩිල්සර සාමින්ද නොදැවී 47, මොහොමඩ් ඩිල්හාන් 51, සංතුෂ් ගුණතිලක 3/24, ශිවාන් පෙරේරා 2/15, රුවින් සෙනෙවිරත්න 2/52

සාන්ත පීතර විද්‍යාලය; පළමු ඉනිම කඩුල්ලක් දැවී 14 (3.4)

පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග වාර්තා, එසැණ තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<