ත්‍රිත්ව ඉසිපතන ගැටුමේ තීරණයක් නැහැ!

2164

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතාවේ තවත් තරගයක් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර අද (19) කොළඹ හැව්ලොක් පාක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුන අතර ලකුණු 12-12ක් ලෙස තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

නිජබිමේ දී ම ජෝසප්වරුන් සහිරාවන්ව පරාජය කරයි

සිය සුපුරුදු ක්‍රීඩා විලාසයෙන් මිදී ත්‍රිත්ව විද්‍යාලය පළමු මිනිත්තුවේ සිටම වේගවත් ක්‍රීඩා විලාසයකට අවතීර්ණ වූ අතර ඔවුන්ගේ පසුපෙළ යොදා ගනිමින් හොඳින් පන්දුව හුවමාරු කරමින් පියවරෙන් පියවර ඉදිරියට යෑම දක්නට ලැබුණි.

ත්‍රිත්ව පසුපෙළ පන්දුව දකුණු පස අන්තය වෙත යොමු කිරීමෙන් අනතුරුව විශ්ව රණරාජා වේගවත් ධාවනයක යෙදී පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ඉසිපතනය සිදු කළ අතපසුවීමක් නිසා හිමි වූ දඬුවම් පහර ඉවතට එල්ල කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ ‘Line Out’ අවස්ථාවක් ලබා ගනිමින් එම අවස්ථාව සාර්ථක කර ගැනීමට සමත් විය.

ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ සිය ඉදිරිපෙළ යොදා ගනිමින් පන්දුව උත්සාහක සීමාවෙන් ඉවතට රැගෙන යමින් තරගයේ 7 වන මිනිත්තුවේ දී පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. ජෝෂුවා පීටර් එම උත්සාහක දිනුම වාර්තා කළ අතර සකලසූරිය හට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට හැකි වුයේ නැත. (ත්‍රිත්ව 05-00 ඉසිපතන)  

සිය සුපුරුදු ක්‍රීඩා විලාසයට පිවිසීමට අසමත් වූ ඉසිපතනය ඉවසීමෙන් ක්‍රම ක්‍රමයෙන් ත්‍රිත්ව අර්ධය ආක්‍රමණය කළ අතර ත්‍රිත්ව ක්‍රීඩකයින් කළ වරදක් නිසා (off side) හිමි වූ දඬුවම් පහරක් 16 වන මිනිත්තුවේ දී අලංකාර ලෙස ගෝල කණු අතරින් යවන්නට ඉසිපතන නායක මනිල්ක රුබේරු සමත් විය. (ත්‍රිත්ව 05-03 ඉසිපතන)

හිරුෂගේ උත්සාහය අපතේ යවමින් ජය බම්බලපිටියට

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන වටයේ තරගයක් අද (18) කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ්……..

තරගාවලිය පුරා ඉතා හොඳින් ක්‍රීඩා කළ ඉසිපතනයේ අංජුල කුලසේකර ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූ අතර සිය ප්‍රබල අංක 10 ක්‍රීඩකයා අහිමි වීම ඉසිපතනයට විශාල අවාසියක් විය.

පන්දුව හැසිරවීමේ දී ඉසිපතන ක්‍රීඩකයෝ දුර්වලතා රැසක් පෙන්නුම් කළ අතර ඉවසීමෙන් ක්‍රීඩා කළ ත්‍රිත්ව ක්‍රීඩකයෝ සුපුරුදු ලෙස සිය පසුපෙළ ක්‍රීඩකයින් යොදා ගනිමින් පන්දුව ඉදිරියට රැගෙන ගිය අතර ඉසිපතන ක්‍රීඩකයින් සිදු කළ වරදක් නිසා ‘scrum’ අවස්ථාවක් ලබාගත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ 22 වන මිනිත්තුවේ දී නැවත වරක් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. මහ්දී අබ්දුල්ලා එම උත්සාහක දිනුම වාර්තා කළ අතර සකලසූරිය එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වුනා. (ත්‍රිත්ව 12-03 ඉසිපතන)

පන්දුව තමන් වෙත තබා ගැනීමට ඉසිපතන ක්‍රීඩකයින් දිගින් දිගටම අසමත් වූ අතර 29 වන මිනිත්තුවේ දී ඉසිපතන ක්‍රීඩක පියුම් විමුක්ති සිය කණ්ඩායමේ ම ක්‍රීඩකයෙකු හා ගැටීම නිසා දරුණු අනතුරකට ලක්විය.

දිගින් දිගටම පන්දුවත් සමඟ ඉදිරියට යෑමට ඉසිපතන ක්‍රීඩකයින් උත්සහ කළත් අසාමාන්‍ය ලෙස පන්දුව ‘Knock on’ අවස්ථාවන්ට ලක්වීම ඔවුන්ට ප්‍රබල අවාසියක් විය. 30 වැනි මිනිත්තුවේ දී ද ඉසිපතන ක්‍රීඩකයින් සිය ඉදිරිපෙළින් පන්දුව ලබාගෙන පන්දුව හුවමාරු කරමින් ඉදිරියට යාමට උත්සහ කළ ද නැවත වරක් පන්දුව ‘knock on’ වීම නිසා අනගි අවස්ථාවක් ඔවුන්ට අහිමි විය.  

32 වන මිනිත්තුවේ දී ත්‍රිත්ව ක්‍රීඩක නවීන් රාජරත්නම් හට කහ කාඩ්පතක් ලබා දී පිටියෙන් ඉවත් කිරීමට විනිසුරු ක්‍රියා කළේය. 34 වන මිනිත්තුවේ දී ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු පරතරය තවත් අඩු කර ගැනීමට ඉසිපතන නායක මනිල්ක රුබේරු සමත් වුනා. (ත්‍රිත්ව 12-06 ඉසිපතන)  

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 12-06 ඉසිපතන විද්‍යාලය  

දෙවන අර්ධය අවසානයේ ඉසිපතන ක්‍රීඩකයින් වේගවත් ක්‍රීඩා රටාවක් ආරම්භ කළ අතර 42 වන මිනිත්තුවේ ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් හොඳ ආරම්භයක් ලබා ගැනීමට මනිල්ක රුබේරු සමත් වුනා. (ත්‍රිත්ව 12-09 ඉසිපතන)   

‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබා ගත් ත්‍රිත්ව පසුපෙළ වේගවත්ව පන්දුව හුවමාරු කරමින් වේගවත් ධාවනයක නිරත වූ අතර වොරන් වීරකෝන් විසින් රෙෂාන් බණ්ඩාරනායක වෙතට පන්දුව ලබා දීමෙන් අනතුරුව ඔහු ද විශිෂ්ට ධාවනයක නිරත වූ අතර උත්සාහක දිනුම් සීමාවට මීටරයක් දෙකක් පමණ ඉතා සුළු දුරක් ඉතිරිව තිබිය දී විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ඉසිපතනයේ ස්ටෙෆාන්, රෙෂාන්ව පිටියෙන් ඉවතට තල්ලු කර දැමීමට සමත් විය.

52 වන මිනිත්තුවේ ඉසිපතනයට දඬුවම් පහරක් හිමි වූ අතර එම දඬුවම් පහර සාර්ථක කර ගැනීමට ඉසිපතන නායක මනිල්ක රුබේරු අසමත් විය.

අනතුරුව කණ්ඩයම් දෙකම තරගයේ පළමු වතාවට අඩුපාඩු අවම කර ගනිමින් කරට කර සටනක් ආරම්භ කළ අතර 60 වන මිනිත්තුවේ ඉසිපතනයට නැවතත් දඬුවම් පහරක් හිමි වුනා. මීටර 40 සීමාවට ආසන්නයේ සිට මනිල්ක රුබේරු අලංකාර ලෙස පන්දුව ගෝල කණු අතරින් යවමින් ත්‍රිත්ව ලකුණු පුවරුව ලකුණු සමකිරීමට සමත් විය. (ත්‍රිත්ව 12-12 ඉසිපතන)

තරගයේ අවසාන මිනිත්තු අට ආරම්භ වූ අතර කණ්ඩායම් දෙකම ජයග්‍රාහි ලකුණ සෙවීමේ අරමුණින් තියුණු තරගයකට පිවිසුණි. කණ්ඩායම් දෙකම උත්සහ කළ ද ජයග්‍රාහි ලකුණ රැස්කිරීමට කිසිවෙකුටත් නොහැකි වීම නිසා 2018 සිංගර් ලීග් රග්බි තරගාවලියේ ජය පරාජයෙන් තොරව අවසන් වූ පළමු තරගය ලෙස මේ තරගය නිමා විය.  

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 12-12 ඉසිපතන විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා: මනිල්ක රුබේරු (ඉසිපතන)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • ඉසිපතනය විද්‍යාලය – මනිල්ක රුබේරු (4P)
  • ත්‍රිත්ව විද්‍යාලය – සකලසූරිය (1C), මහ්දී අබ්දුල්ලා(1T), ජෝෂුවා පීටර් (1T)   

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<