දුලාජ් කඩුලු 8ක් ලබා ගනිද්දී පවන්ගෙන් ශතකයක්

328

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග කිහිපය ක්‍රියාත්මක වෙද්දී වර්ෂාව සක්‍රීය වූවද යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවල අඩුවක් නොවෙමින් අද (5) දවස ද නිමා විය.

දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූයේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ දුලාජ් එගොඩගේ ය. ඔහු ප්‍රතිවාදී වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ කඩුලු 8ක් ලකුණු 85කට දවා ගනිමින් දක්ෂතා දැක්විය. පිතිකරුවන් අතුරින් කැපී පෙනුනේ කොළඹ මහානාම විද්‍යාලයේ දකුණත් පිතිකරු පවන් රත්නායක ය. ඔහු මොරටු විද්‍යාලයීය ක්‍රීඩකයන්ට එරෙහිව ශතකයක් ලබා ගත්තේ ය.

රවිඳු ප්‍රනාන්දුගෙන් තුන් ඉරියව් දක්ෂතා

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර තරගය

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

D කාණ්ඩයේ තරගයක් ලෙසින් ක්‍රියාත්මක මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 253ක් ලබා ගත් හ. එම ඉනිමේ දී ජොයෙල් පින්ටෝ (43) සහ කවීෂ දුලාංජන (41) අර්ධ ශතක ආසන්නයට පිවිස තම ඉනිම් අහිමි කර ගත් හ.

කඩුලු ලබා ගැනීමේ දී දුලාජ් එගොඩගේ ලකුණු 85කට කඩුලු 8ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ධර්මපාල ක්‍රීඩකයෝ තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 155ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් අමිල දහනායක අර්ධ ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. එමෙන්ම දුලාජ් එගොඩගේ පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින් නොදැවී ලකුණු 28ක් ද ලබා ගැනීමට සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (86.1) ජොයෙල් පින්ටෝ 43, කවීෂ දුලාංජන 41, අවිශ්ක තරිඳු 39, දොන් රොමේෂ් 38, විශාල් සිල්වා 32, දිලිප් නිරෝෂාන් 20, දුලාජ් එගොඩගේ 8/85

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 155 (37) අමිල දහනායක 51, දුලාජ් එගොඩගෝ නොදැවී 28, නදුන් හිරුක 25, මලිත් සඳකැලුම් 21, දොන් රොමේෂ් 3/26


මොරටු මහා විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය

රත්මලාන වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී C කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවති මෙම තරගයේ දී වර්ෂාව හේතුවෙන් පන්දුවාර වැඩි ප්‍රමාණයක් අහිමි වෙද්දී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට මහානාම විද්‍යාලය සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් මහානාම විද්‍යාලය සියලුම දෙනා දැවී රැස් කරන ලද ලකුණු 190ට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි මහානාම විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 299ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන් පවන් රත්නායක ශතකයක් ලබා ගැනීම කැපී පෙණුනි. ඔහු පන්දු 174කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 5ක් තම ඉනිමට ඇතුළත් කළේය. ඊට අමතරව වමත් පිතිකරුවන් වූ සොනාල් ගමගේ පන්දු 97කට මුහුණ දී හතරේ පහර දෙකක් සමඟින් නොදැවී ලකුණු 78ක් ද, විනුක රූබසිංහ පන්දු 188කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 57ක් ද ලබා ගත් හ.

පන්දු යැවීමේ දී එරාන් හංසමාල් ලකුණු 108කට කඩුලු 4ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.  

මොරටු මහා විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 190 (65.2) ඉෂාන් මධුෂ්ක 90, රෂාන් කවිශ්ක 23, අශේන් ආදිත්‍ය 22, අවන්ත දුලක්ෂණ 20, සොනාල් ගමගේ  4/71, ධනුක නිම්මාන 2/09, පැතුම් බොතේජු 2/28

මහානාම විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 6ක් දැවී 299 (93) පවන් රත්නායක 106,  විනුක රූබසිංහ 57, සොනාල් ගමගේ නොදැවී 78,  බිශාන් මෙන්ඩිස් 38, එරාන් හංසමාල් 4/108

නවක මුහුණු රැසක් සමඟ එළියට ආ ශ්‍රී ලංකා අලුත් සංචිතය

ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ලබන 13 වැනිදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරග දෙකකින් සමන්විත


කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී A කාණ්ඩයේ තරගයක් ලෙසින් පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉසිපතන විද්‍යාලය සමත් විය.

කාසියේ වාසිය දිනූ සංචාරක සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉසිපතන ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 206ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් සංචාරක සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 138ක් පමණි.

ලකුණු 68ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඉසිපතන ක්‍රීඩකයෝ පන්දු වාර 8ක දී කඩුලු 3ක් දැවී ලකුණු 72ක් ලබා ගත්හ. එහි දී තරිඳු දික්වැල්ල අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනි.

ඉසිපතන විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (66.3) රවිඳු රත්නායක 32, ලෙෂාන් අමරසිංහ 58, මන්දීප ගුණසේකර 29, මධුශික සඳරුවන් 37, හසිඳු නිශ්ශංක 2/22, මනෝහර පවිත්රන් 2/28

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 138 (69.5) අවිඳු හේරත් නොදැවී 32, මනෝහර පවිත්රන් 24, කාලික් අමත් 2/08, සසිඳු උත්සර 2/18, තරිඳු දික්වැල්ල 2/18, මධුශික සඳරුවන් 2/29

ඉසිපතන විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 72 (8) තරිඳු දික්වැල්ල 51, හෂාන් පතිරණ 3/18


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අතර තරගය

B කාණ්ඩය නියෝජනය කරමින් අද (5) මත්තෙගොඩ දී ආරම්භ වූ මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. පස්වරු 2.45ට පමණ වට වර්ෂාව දිගින් දිගටම පැවතීම හේතුවෙන් තරගයේ අවසන් කාර්තුව කිසිදු පන්දුවක් නොයවාම නතර කිරීමට පිටියේ විනිසුරුවන් තීරණය කළහ.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 71ක් පමණි.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අමිඳු දාබරේ ය. ඔහු ලකුණු 19ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ලොහාන් ද සොයිසා ලකුණු 03කට කඩුලු 4ක් දවා ගනිමින් ඩී. එස්. ඉනිම විනාශ කිරීමට පෙරමුණ ගත්තේ ය. ඊට අමතරව නායක දිනුක ඩිල්ශාන් ලකුණු 10කට කඩුලු 2ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ පළමු දිනය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 111ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වූ නායක දිනුක ඩිල්ෂාන් ලකුණු 44ක් ලබා ගත්තේ ය. ඊට අමතරව කවිඳු නදීශාන් නොදැවී ලකුණු 38ක් ලබා සිටී.

තරගය හෙට (6) අවසන් දිනයට ක්‍රියාත්මක වේ.

ඩී. එස්. සේනානායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 71 (29.1) අමිඳු දාබරේ 19, ලොහාන් ද සොයිසා 4/03, දිනුක ඩිල්ශාන් 2/10

ධර්මාශෝක විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 5ක් දැවී 111 (27) දිනුක ඩිල්ශාන් 44, කවිඳු නදීශාන් නොදැවී 38, තරිඳු දිසානායක 2/10

පරාජයන් රැසකට පසු සංචිතය වෙනස් කරන ලකුණු; නායකයාත් අලුත් වෙයි?

පසුගිය මාස කිහිපය පුරාවටම ලබා ගත් පරාජයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල්


කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර තරගය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී C කාණ්ඩය නියෝජනය කරමින් පැවැත්වෙන මෙම තරගයේ පළමු දිනය නිමා වෙන විට සංචාරක ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී තම පළමු ඉනිමට රැස් කරගෙන සිටි ලකුණු 222කට පිළිතුරු ලෙසින් සත්කාරක ක්‍රීඩකයෝ කඩුලු දෙකක් දැවී ලකුණු 18ක් ලබා සිටිය හ.  

කාසියේ වාසිය දිනූ සාන්ත මරියා ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් අතුරින් දුමිත් ජයතුංග (71) සහ විනුජ රණසිංහ (55) අර්ධ ශතක ලබා ගනිමින් කැපී පෙනෙන ඉනිම් ක්‍රීඩා කළහ. පන්දු යැවීමේ දී අකලංක පෙතියාගොඩ ලකුණු 42කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සාන්ත මරියා ක්‍රීඩකයන්ට එතරම් හොඳ ආරම්භයක් ලබා ගැනීමට හැකි වූයේ නැත. ඔවුන්ගේ දැවී ගිය කඩුලු දෙකම ටෂික පෙරේරා විසින් දවා ගත්තේ ය.

වර්ෂාව හේතුවෙන් මෙම තරගයේ පළමු දිනයේ දී පන්දුවාර 40ක් අහිමි විය.

තරගය හෙට (6) දිනයේ දෙවැනි දිනයට ක්‍රියාත්මක ය.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 222 (46.5) දුමිත් ජයතුංග 71, විනුජ රණසිංහ 55, ප්‍රවීන් කුරේ 27, අකලංක පෙතියාගොඩ 4/42, ජෙහාන් අබේවර්ධන 2/28, හිරාන් බියගම 2/31

සාන්ත මරියා විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 18 (8) ටෂික පෙරේරා 2/02


මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරගය

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන මෙම සුහද තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත පළමු දිනයට නතර කරන විට පළමු ඉනිමට පන්දුවට පහර දෙන සත්කාරක ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 184ක් ලබා සිටිය හ. මෙම තරගය නතර කරන විට ක්‍රියාත්මක වෙමින් තිබුණේ 56 වැනි පන්දුවාරයයි.

පැවැතෙමින් තිබූ එම ඉනිම වෙනුවෙන් පුබුදු බණ්ඩාර අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. ඊට අමතර කවිශ්ක සේනාධීර ද ලකුණු 43ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය.

පන්දු යැවීමේ දී කනිෂ්ක මධුවන්ත ලකුණු 23කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

තරගය හෙට (6) දෙවැනි දිනයට ක්‍රියාත්මක වේ.

ත්‍රිත්ව විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 184 (55.2) පුබුදු බණ්ඩාර 50, කවිෂ්ක සේනාධීර 43, ෂේන් ගුණතිලක 34, කනිෂ්ක මධුවන්ත 5/23

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<