අගමැති කුසලානයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පාපන්දු සංචිතය

අගමැති කුසලාන සිව්කොන් පාපන්දු කුසලානය 2021

158

මෙම මස 08 වැනිදා සිට 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් තරගාවලිය ඉලක්ක කර ගනිමින් පාපන්දු සංචිතයක් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කර තිබෙනවා.

එම සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් මේ දක්වා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැතත් එම සංචිතය සඳහා ක්‍රීඩකයන් 23 දෙනෙකු ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය මාසයේ දී නිමා වුන දකුණු ආසියානු පාපන්දු ශූරතාවය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩකයන් පස් දෙනෙකුට මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. Edison Figurado, රොෂාන් අප්පුහාමි, මොහොමඩ් මුස්තාක්, රිෆ්කාන් මොහොමඩ් සහ සුපුන් ධනංජය එම ක්‍රීඩකයන්.

එම ක්‍රීඩකයන් වෙනුවට නිමා වූ වයස අවුරුදු 23න් පහළ ආසියානු සුදුසුකම් ලැබීමේ තරගාවලිය ක්‍රීඩා කළ කණ්ඩායමේ නායක සසංග දිල්හාර, Daniel Magrath සහ Abdul Basith මෙම සංචිතයට කැඳවා තිබීම කැපී පෙනුණා.

එමෙන්ම ඔවුන්ට අමතර Shazny සහ වසර තුනක් ජාතික කණ්ඩායමට කැඳවීමක් නොලැබුණු Mohamed Rifnaz ද මෙම මූලික සංචිතයට කැඳවා තිබෙනවා.

23න් පහළ ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ, නිමා වූ දකුණු ආසියානු ශූරතාවයේ දී ඉහළ දස්කම් දැක්වූ ඉදිරිපෙළ ක්‍රීඩක ඩිලොන් ද සිල්වා ද මෙම සංචිතයට ඇතුළත් වන අතර සුපුරුදු පරිදි කණ්ඩායමේ නායකත්වය සුජාන් පෙරේරා විසින් දරනු ලබනවා.

තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් දරණ අතර මාලදිවයින, සීෂෙල්ස් සහ බංග්ලාදේශය තරගාවලිය සඳහා සහභාගී වන සෙසු රටවල් වනවා. තරගාවලියේ සියලූම තරග කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය,

ක්‍රීඩකයා ක්‍රීඩා සමාජය
සුජාන් පෙරේරා Up Country Lions
වසීම් රසීක් Up Country Lions
කවිඳු ඉෂාන් Up Country Lions
මොහොමඩ් ශිෆාන් Up Country Lions
මොහොමඩ් ෆසාල් Blue Star
චරිත රත්නායක Colombo
චලන චමීර Colombo
මොහොමඩ් ආකීබ් Colombo
චමෝද් ඩිල්ෂාන් Colombo
අහම්ඩ් ශශ්නි Colombo
අබ්දුල් බාශිඩ් Colombo
හර්ෂ ප්‍රනාන්දු Blue Eagles
ප්‍රබාත් අරුණසිරි Blue Eagles
Duckson Puslas Duckson Puslas
මොහොමඩ් රිෆ්නාස් Renown
ජූඩ් සුමන් Renown
අමාන් ෆයිසර් Renown
මර්වින් හැමිල්ටන් Burgess Hiltown
ඩිලොන් ද සිල්වා Queens Park Rangers
සසංග ඩිල්හාර Defenders
අසිකූර් රහමාන් Defenders
ඩැනියල් මාග්‍රට් Blue Star
කවීශ් ප්‍රනාන්දු Blue Star

අගමැති කුසලාන සිව්කොන් පාපන්දු කුසලානයේ සියලු තොරතුරු, ඡායාරූප සඳහා රැඳී සිටින්න ThePapare.com අප සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<