තර්ස්ටන් ජයගනිද්දී මහින්දයට අභියෝගයක්

648
U19 School Cricket

මේ දින වල අවසන් වෙමින් පවතින සිංගර් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ, තවත් එක් තරඟයක් තර්ස්ටන් විද්‍යාලයට ජයග්‍රහණය හිමිකර දෙමින් අවසන් වූ අතර, තවත් තරඟයක් මහින්ද විද්‍යාලය හා වේල්ස් කුමර විද්‍යාලය අතර අද (10) ආරම්භ විය.

පසුගිය ලිපි: තර්ස්ටන් විද්‍යාලය පෙරමුණේ

කඳාන ද මැසනොඩ් විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලය අතර තරඟය

කාසියේ වාසිය ජයග්‍රහණය කල තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රීඩකයින්, තම පිටියේ වාසිය ද ඇතිව පළමුව පන්දුවට පහරදීමට ඊයේ (09) ද මැසනොඩ් විද්‍යාලයට ඇරයුම්  කරන ලදි.

කඩුලු 4ක් දැවී ලකුණු 203ක් ලබා සිටියදී තම පළමු ඉණිම නැවතත් ආරම්භ කල තර්ස්ටන් විද්‍යාලය, තම ඉණිමට තවත් ලකුණු 59ක් අද දිනය තුල එක්කර ගනිමින් පළමු ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි.

එහිදී සංගීත් දේශාන් ලකුණු 85ක් හා සවන ප්‍රභාශ් ලකුණු 76ක් ඊයේ (09) දිනය තුළ දී ලබා ගත් අතර එම ලකුණු පුවරුවේ සවිය තව තවත් වැඩි කරමින් චරණ නානායක්කාර නොදැවී ලකුණු 51*ක් ලබා ගැනීමට සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම – 262/06 dec (63.5): නිමේෂ් ලක්ෂාන් 85, සවන ප්‍රභාශ් 76, චරණ නානායක්කාර 51*, මිතිල ගීත් 3/47

පරාජයෙන් ගැලවීමට ලකුණු 162ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ද මැසනොඩ් විද්‍යාලයේ පිතිකරණයට, තම දෙවන ඉණිමද පළමු ඉණිම මෙන්ම අසාර්ථකත්වයට පත්විය. එම ඉණිමේදී ලකුණු 49ක් ලබාගෙන දස්කම් දැක්වීමට ශසීන් දිනෙත් සමත් වූ අතර තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් නවීන් ගුණවර්ධන කඩුලු 6ක් දවාලමින් දස්කම් දක්වන ලදි.

ද මැසනොඩ් විද්‍යාලය දෙවන ඉණිම – 103/10 (35.3): ශසීන් දිනෙත් 49, අවිශ්ක ඉන්ද්‍රජිත් 25, නවීන් ගුණවර්ධන 6/43, සවන ප්‍රභාශ් 2/12.

තරගයේ සාරාංශය,

ද මැසනොඩ් විද්‍යාලය පළමු ඉණිම – 100/10 (35.5): සංගීත් දේශාන් 28, ඉරෝෂ් ද සිල්වා 26, ඉමේෂ් දුල්ෂාන් 4/07, නවීන් ගුණවර්ධන 4/26.

තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක හා ලකුණු 59ක දැවැන්ත ජයක්


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර තරඟය

අද (10) උදෑසනම ගාල්ල මහින්ද විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කල මහින්ද විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදී.

වේල්ස් කුමර විද්‍යාලය තම පළමු ඉණිම පළමු දිනය තුලම අත්හිටුවීමට තීරණය කල අතර ඔවුන් ඉතාමත් වේගවත්ව පළමු පන්දුවාරයේ සිටම මහින්ද විද්‍යාලයේ පන්දු යවන්නන්ට වැරෙන් ප්‍රහාර එල්ල කලේය. කෙසේ නමුත් වේල්ස් කුමර විදුහල පන්දුවාර 59ක් තුල ලකුණු 367ක් ලබා ගනිමින් තම පළමු ඉණිම අත්හිටුවන ලදි.

එහිදී විශ්ව චතුරංග ලකුණු 146ක් ලබාගෙන පිටියේ අණසක පැතිරවූ අතරම, තිලාන් නිමේෂ් ඔහුට සහය වෙමින් ලකුණු 61ක් ලබාගෙන වේල්ස් කුමර විද්‍යාලයේ ලකුණු පුවරුව අලංකාරවත් කරන ලදි.

වේල්ස් කුමර විද්‍යාලය පළමු ඉණිම – 367/8 dec (59): විශ්ව චතුරංග 146, තිලාන් නිමේෂ් 61, දිලංක මදුරංග 48, අශේන් කණඩම්බි  2/33

වේල්ස් කුමර විද්‍යාලයේ පළමු ඉණිමට අභියෝගයක් ලබා දීමේ අරමුණ ඇතිව මහින්ද විද්‍යාලයේ පිතිකරුවන් පිටියට පැමිණි අතර පළමු දිනය අවසන් වන විට ඔවුන්ගේ කඩුලු 3ක් දවාලීමට වේල්ස් කුමර විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම (පළමු දින අවසන් වන විට) – 54/3 (36): සංජුල ශෙහාන් 25*

මෙම තරගයේ දෙවන දිනය හෙට (11) ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට