පාසල් ක්‍රිකට් තරගාවලියේ දී ජනාධිපති විද්‍යාලයට විශිෂ්ට ජයක්

357
Singer U17 schools cricket round up - 6

වයස අවුරුදු 17 න් පහළ සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම පසුගිය දින වලදී පැවැත්විණි.

පසුගිය ලිපි: ලුම්බිණි විද්‍යාලය, සාන්ත ජෝශප් අභිබවා යයි

කොළඹ කේරි විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය අතර තරඟය

ගනිදු හංවැල්ල ගේ දක්ෂතා නිසා ජනාධිපති විද්‍යාලයට කඩුලු 9 දැවැන්ත ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි විය.

කේරි විද්‍යාලය – 117-10 (28.5) අබ්දුල් කමිල් ලකුණු 40ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී ගනිදු හංවැල්ල ලකුණු 43 කට කඩුලු 4 ක් හා චමොද් වික්‍රමසූරිය ලකුණු 33 කට කඩුලු 2 ක් දවාලීමට සමත් විය.

ජනාධිපති විද්‍යාලය -120-1 (12.4) ගනිදු හංවැල්ල ලකුණු 60*, ඩිල්ශාන් සිගේරා ලකුණු 39* ක් ලබාගැනීමට සමත් විය.


කොළඹ අශෝක විද්‍යාලය හා කොළඹ ඉසිපතන විද්‍යාලය අතර තරඟය

ඉසිපතන විද්‍යාලය මෙම තරඟය ලකුණු 39 කින්  ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඉසිපතන විද්‍යාලය – 262-9 (50) රිද්මික නිමේෂ් ලකුණු 57, රාසුල වික්සුර ලකුණු 43ක් ලබාගත් අතර පසන් ශමින්ද ලකුණු  38 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

අශෝක විද්‍යාලය -223-10 (46) ඩිලාන් අනුරුද්ධික ලකුණු 47, හර්ෂ තරංග ලකුණු 32 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 39 කට කඩුලු 3 ක් දවාලීමට සංජුල බණ්ඩාර සමත් විය.

පසුගිය ලිපි: ජෝශප් වාස් හා ධර්මරාජ දැවැන්ත ජයග්‍රහණ එක් කරයි


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය අතර තරඟය

වර්ෂාවෙන් තරඟයට බාධා පැමිණි නිසා සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලයට පැරබෝලා ක්‍රමයට අනුව කඩුලු 4 ජයග්‍රහණයක් හිමිවිය.

ධර්මරාජ විද්‍යාලය -166-9 (46) ගයන්ත රත්නායක ලකුණු 53*, ලිතිර ගනේගොඩ ලකුණු 21 ලබාගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී විනෝද් යසින්ත ලකුණු 21 කට කඩුලු 2 ක් දවාලන ලදි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 144 -6 (28) නුශාන් හේරත් ලකුණු 52* ක් ලබාගන්නා ලදි. පන්දු යැවීමේ දී ගයන්ත රත්නායක ලකුණු 38 කට කඩුලු 2 ක් දවාලන ලදි.


කොළඹ තර්ස්ටන් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කඩුලු 5 කින් ජයග්‍රහණය කිරීමට තර්ස්ටන් විද්යාලය සමත් විය.

රාජකීය විද්‍යාලය -148 -10 (48.2) තෙවිදු වීරසේකර ලකුණු 35, කවිදු චතුරංග ලකුණු 25 යි. පන්දු යැවීමේ දී ලකුණු 15 කට කඩුලු 3 ක් දවාලීමට යෙහාන් වික්‍රමාරච්චි සමත් විය.

තර්ස්ටන් විද්‍යාලය -151 -5 (45.2) සවන ප්‍රභාශ් ලකුණු 64*, අයේෂ් හර්ෂන ලකුණු 46* ක් ලකුණු පුවරුවේ සටහන් කරන ලදි. දිමාල් විජේසේකර ලකුණු 26 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට