දාබරේගේ උත්සාහය අපතේ යයි

188
CH&FC vs Army SC

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ 13 වන සතියේ තරග ආරම්භ කරමින් CH&FC හා යුධ හමුදා ක්‍රීඩා සමාජය අද (28) තරග වැදුණේ වැලිසර දී ය. එම තරගයේ දී ලකුණු 27-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට යුධ හමුදා කණ්ඩායම සමත් විය. 

ප්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරුගෙන් පාසල් රග්බි වසන්තයට නව ජීවයක්

2020 නව පාසල් රග්බි තරග වාරය එළඹෙන මාර්තු මස 04 වැනිදා සිට

තරගයේ අවසන් මිනිත්තුවේ දී CH&FC කණ්ඩායමේ චාමර දාබරේ උත්සාහක දිනුමක් වාර්තා කළ ද හිරූෂ සම්පත් විසින් එල්ල කල එහි ප්‍රවර්තනය සාර්ථක නොවීම නිසා ලකුණු 25කින් සෑහීමකට පත්වීමට CH&FC කණ්ඩායමට සිදු විය. 

CH&FC කණ්ඩායම මෙම තරගය සඳහා වෙනස්කම් කීපයක් සිදු කළ අතර රිස්වාස් මොහොමඩ්, අනුරාධ හේරත් හා ගයාන් වීරරත්න මෙම තරගය සඳහා කැඳවා තිබුණි. 

යුධ හමුදා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා වෙනස්කම් 5ක් සිදුකර තිබුණි. විශේෂ වෙනසක් වූයේ සුධාරක දික්කුඹුර කණ්ඩායමට කැඳවා තිබීමයි. ඔහු පසුගිය සතියේ තරගය සඳහා ක්‍රීඩා කළේ නැත. 

තරගයේ ප්‍රථමයෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ වගකීම යුද හමුදාව විසින් ලබා ගත් අතර 3 වැනි මිනිත්තුවේ දී ශෙහාන් සිල්වා විසින් පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ප්‍රතිවාදී CH&FC ක්‍රීඩකයන් අසරණ කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත් ඉසුරු මැදගෙදර යුද හමුදා ලකුණු පුවරුව ලකුණු 07ක් බවට පත්කළේය. (යුද හමුදා 07 – 00 CH&FC)

CH&FC කණ්ඩායම ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වීමට උත්සාහ කළ ද යුද හමුදා කණ්ඩායම ප්‍රබල තරග රටාවක් අනුගමනය කරමින් තම ග්‍රහණය වැඩි කිරීමට සමත් විය. CH&FC කණ්ඩායමට ලකුණු ලබා ගැනීමේ කිසිදු අවස්ථාවක් ලබා නොදීමට ඔවුන් වගබලා ගත්තේය. 

කෙසේ වෙතත් ප්‍රබල උත්සාහයකින් අනතුරුව CH&FC කණ්ඩායම තම පළමු උත්සාහක දිනුම වාර්තා කළ අතර ඒ වන විට මිනිත්තු 18ක් ගතව තිබුණි. එම උත්සාහක දිනුම වාර්තා කිරීමට චතුර ඩිල්ශාන් සමත් විය. එහි ප්‍රවර්තනය සාර්ථක වූයේ නැත. (යුද හමුදා 07 – 05 CH&FC)

Six Nations තරගාවලියටත් කොරෝනාව අකුල් හෙළයි

Six Nations රග්බි ශූරතාවලිය යටතේ ඉදිරි සති කිහිපයේ දී පැවැත්වීමට නියමිත තරග

CH&FC කණ්ඩායම ප්‍රබල ආක්‍රමණයක් සමඟින් යුද හමුදා සීමා ඉර ආක්‍රමණය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ දෙවන උත්සාහක දිනුම වාර්තා විය. එම උත්සාහක දිනුමට හිමිකම් කීමට අනුරාධ හේරත් සමත් විය. හිරූෂ සම්පත් හට එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට නොහැකි වූ නමුත් තරගයේ මුල් වතාවට පෙරමුණ ගැනීමට CH&FC කණ්ඩායම සමත් විය. (යුද හමුදා 07 – 10 CH&FC)

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර තවත් ලකුණු ලබා ගැනීමේ අවස්ථාවක් යුද හමුදා කණ්ඩායමට උදා වූ අතර දඬුවම් පහරක් මඟින් පන්දුව ගෝල කණු අතරින් යවමින් තවත් ලකුණු 03ක් කණ්ඩායමට එක් කිරීමට ඉසුරු මැදගෙදර සමත් විය. ඒ අනුව තරගයේ ලකුණු සම විය. (යුද හමුදා 10 – 10 CH&FC)

පළමු අර්ධය: යුද හමුදා ක්‍රීඩා සමාජය 10 – 10 CH&FC කණ්ඩායම

දෙවන අර්ධයට දක්ෂ ආරම්භයක් ලබා ගත් යුද හමුදා කණ්ඩායම තරගයේ 50 වැනි මිනිත්තුවේ දී දෙවන උත්සාහක දිනුම වාර්තා කළේය. අශාන් බංඩාරගේ දක්ෂ පන්දු පිරිනැමීමක් හමුවේ ෆීජි ක්‍රීඩක ටොමාසි ක්වාසාව් විසින් එම උත්සාහක දිනුම වාර්තා කළේය. නැවතත් ක්‍රියාත්මක වූ ඉසුරු මැදගෙදර එහි ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් යුද හමුදා ලකුණු පුවරුව ලකුණු 17ක් බවට පත්කළේය. (යුද හමුදා 17 – 10 CH&FC)

කෙසේ වෙතත් තරගයට අවතීර්ණ වූ CH&FC කණ්ඩායම තම තුන්වැනි උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 57 වැනි මිනිත්තුවේ දී ය. ප්‍රසාද් මධුශංක විසින් වාර්තා කළ එම උත්සාහක දිනුමට සාර්ථකව ලකුණු 2ක් එක්කිරීමට හිරූෂ සම්පත් සමත් විය. ඒ අනුව නැවතත් ලකුණු තත්ත්වය සම විය. (යුද හමුදා 17 – 17 CH&FC)

තරගයේ 64 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඉසුරු මැදගෙදර තවත් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේ යුද හමුදා කණ්ඩායමට ලකුණු 3ක් එක් කරමින්. ඒ සමඟින් තරගයේ පෙරමුණ නැවතත් තමන් සතුකර ගැනීමට යුද හමුදා කණ්ඩායම සමත් විය. (යුද හමුදා 20 – 17 CH&FC)

යුද හමුදා කණ්ඩායමට වැඩි වේලාවක් තරගයේ පෙරමුණ ගැනීමට ඉඩ නොදුන් හිරූෂ සම්පත් තරගයේ 65 වැනි මිනිත්තුවේ දී දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ලකුණු තත්ත්වය සමකළේය. (යුද හමුදා 20 – 20 CH&FC)

All Blacks සහය සමඟින් ත්‍රිත්ව සිංහයෝ 2020ට සැරසෙයි

ශ්‍රී ලාංකීය පාසල් රග්බි පිටියේ පළමු පාසල් රග්බි තරගය ක්‍රීඩා කිරීමට තරම් වාසනාවන්ත වූ මහනුවර ත්‍රිත්ව

තරගය සමවීමක් වෙත ඇදී යන විට නැවතත් ක්‍රියාත්මක වූ යුද හමුදා ක්‍රීඩක ටොමාසි ක්වාසාව් ‍යුද හමුදාව වෙනුවෙන් තම දෙවන උත්සාහක දිනුම වාර්තා කළේ තරගයේ 71 වැනි මිනිත්තුවේ දී ය. ඒ අශාන් බංඩාර යොමු කළ පන්දුව ප්‍රතිවාදීන් සිව්දෙනෙකු මඟහැර යමිනි. තම ප්‍රවර්තන ප්‍රතිශතය 100%ක් ලෙස සටහන් කර ගත් ඉසුරු මැදගෙදර අමතර ලකුණු  කණ්ඩායමට එක් කළේය. (යුද හමුදා 27 – 20 CH&FC)

තරගයේ මීළඟ මිනිත්තු කීපය අතිශය තරගකාරී වූ අතර යුද හමුදා කණ්ඩායම තම ඉදිරිපෙළ ශක්තිමත් කරමින් CH&FC ක්‍රීඩකයන් වළක්වන්නට සමත් විය. කෙසේ වෙතත් තරගය නිමා වීමට මිනිත්තු කීපයක් ඉතිරිව තිබිය දී යුද හමුදා ඉදිරිපෙළ බිඳ දැමීමට රයන් වීරකෝන් සමත් විය. 

ඉන් උපරිම ප්‍රයෝජනය ගත් CH&FC ඉදිරිපෙළ ක්‍රමයෙන් යුද හමුදා සීමා ඉර ආක්‍රමණය කළේය. එහි දී ක්‍රියාත්මක වූ චාමර දාබරේ CH&FC කණ්ඩායමේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කරමින් ලකුණු තත්ත්වය ලකුණු 25ක් දක්වා ඉහල දැමීමට සමත් විය. 

තරගයේ ලකුණු සමකිරීමට CH&FC කණ්ඩායමට අවස්ථාව උදා වූයේ හිරූෂගේ ප්‍රවර්තනය අනුවය. සියලු දෙනා හිරූෂ වෙත යොමුව සිටි අතර අපහසු කෝණයක සිට එල්ල කළ එම ප්‍රවර්තනය ගෝල කණු වලින් ඉවතට ඇදී ගියේ යුද හමුදා කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය හිමිකර දෙමිනි. (යුද හමුදා 27 – 25 CH&FC)

අවසන් ලකුණු තත්ත්වය: යුද හමුදා ක්‍රීඩා සමාජය 27 (3T, 3C, 3P) – 25 (4T, 1C, 1P) CH&FC කණ්ඩායම 

ඩයලොග් Viu තරගයේ වීරයා: අශාන් බංඩාර (යුද) 

ලකුණු ලබා ගැනීම 

  • යුද හමුදාව: ශෙහාන් සිල්වා 1T, ටොමාසි ක්වාසාව් 2T, ඉසුරු මැදගෙදර 3C, 3P
  • CH&FC: චතුර ඩිල්ශාන් 1T, අනුරාධ හේරත් 1T, ප්‍රසාද් මධුශංක 1T, චාමර දාබරේ 1T, හිරූෂ සම්පත් 1T, 1C

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<