ලුම්බිණි විද්‍යාලය, සාන්ත ජෝශප් අභිබවා යයි

574
u17 singer cricket league

සිංගර් ආයතනය මගින් සංවිධානය කරන වයස අවුරුදු 17 ක් පහළ පළමු පෙල පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරඟ කිහිපයක්ම ඊයේ (15) පැවැත්විණි.

පසුගිය ලිපි: ජෝශප් වාස් හා ධර්මරාජ දැවැන්ත ජයග්‍රහණ එක් කරයි

කොළඹ ලුම්බිණි විද්‍යාලය හා මරඳාන සාන්ත ජෝශප් විද්‍යාලය අතර තරඟය

ඩාර්ලි පාරේ පිහිටි පිටියේදී පැවැත්වූ මෙම තරඟය ලුම්බිණි විද්‍යාලය ලකුණු 25 කින් ජයග්‍රහණය කරන ලදි.

ලුම්බිණි විද්‍යාලය – 227-10 (47.4) කවීන් පීරිස් ලකුණු 66, රීවන් කෙලී ලකුණු 43 කට කඩුලු 6 ක් දවාලීමට සමත් විය.

සාන්ත ජෝශප් විද්‍යාලය 202-10 (48.3) කැමරන් දුරැගේ ලකුණු 50, රැවින් පීරිස් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.



රාජකීය විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය රීයිඩ් පිටියේදී පැවැත්විණි. මෙම තරඟය ආනන්ද විද්‍යාලය ලකුණු 146 කින් ජයග්‍රහණය කරන ලදි.

ආනන්ද විද්‍යාලය  188 -10 (50) කමේෂ් නිර්මාල් ලකුණු 49යි. ශෂ්මික ෆොන්සේකා ලකුණු 26 කට කඩුලු 3 ක් දවාලන ලදි.

රාජකීය විද්‍යාලය – 42 -10 (22.5) අසේල සිගේරා ලකුණු 8 කට කඩුලු 3 ක් හා චාමික ගුණසේකර ලකුණු 9 කට කඩුලු 3 ක් දවාලන ලදි.


කොළඹ වෙස්ලි විද්‍යාලය හා කෝට්ටේ ආනන්ද ශ්‍රාස්තාල විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කෝට්ටේ දී පැවැත්විණි. මෙම තරඟයෙන් ලකුණු 52 ජයග්‍රහණයක් ලබාගැනීමට වෙසල් විද්‍යාලය සමත් විය.

වෙස්ලි විද්‍යාලය 210-10 (48.4) එස්.දංගල්ල ලකුණු 56, මොවින් සුභසිංහ ලකුණු 54 යි.තිමිර මල්ශාන් ලකුණු 31 කට කඩුලු 3 ක් දවාලීමට සමත් විය.

ආනන්ද ශ්‍රාස්තාල විද්‍යාලය – 158-10  (45.1) තිමිර මල්ශාන් ලකුණු 31යි.මොහොමඩ් උබයිදුල්ලා ලකුණු 16 කට කඩුලු 3 ක් දවාලන ලදි.

පසුගිය ලිපි: රිච්මන්ඩ් විද්‍යාලය ඉදිරියටම


ගුරුකුල විද්‍යාලය හා ශ්‍රී ජයවර්ධනපුර මධ්‍ය විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය කෝට්ටේ දී පැවැත්විණි. මෙම තරඟය ගුරුකුල විද්‍යාලය කඩුලු 5 කින් ජයග්‍රහණය කරන ලදි.

ශ්‍රී ජයවර්ධනපුර විද්‍යාලය 73-10 (38.4) පෘථිවි රෑසර ලකුණු 12 කට කඩුලු 3 ක් දවාලන ලදි.

ගුරුකුල විද්‍යාලය 74-5 (20.4) පෘථිවි රෑසර ලකුණු 44යි. කනිෂ්ක මදුරංග ලකුණු 27 කට කඩුලු 4 ක් දවාලීමට සමත් විය.


සාන්ත අන්තෝනි විද්‍යාලය හා කඳාන ද මැසොනොඩ් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය ලකුණු 46 කින් ජයග්‍රහණය කිරීමට අන්තෝනි විද්‍යාලය සමත් විය.

සාන්ත අන්තෝනි විද්‍යාලය -269-8 (49) ශානක මදුභාෂන ලකුණු 110යි. නදුන් ඩිල්ශාන් ලකුණු 48 කට කඩුලු 2 ක් දවාලන ලදි.

මැසොනොඩ් විද්‍යාලය -223-10 (45.4) ප්‍රවීන් ෆොන්සේකා ලකුණු 59යි. කවිදු හෙට්ටිආරච්චි ලකුණු 34 කට කඩුලු 3 ක් දවාලන ලදි.

තවත් පුවත් කියවන්න – මුල් පිටුවට පිවිසෙන්න