අම්බලන්ගොඩ ධර්මාශෝකය ඉනිමක ජයක් ලබයි

1021
Singer U19 Schools Cricket

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (14) නිමාවුනු තරග රාශියක් පැවති අතර ඒ අතුරින් පූර්ණ තරග ජයග්‍රහණයක් හිමි වූයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට පමණි. අනෙක් තරග ජය පරාජයෙන් තොරව අවසන් විය.

පසුගිය ලිපි: රිච්මන්ඩ් – නාලන්ද තරගය හෙට (14) තවත් උණුසුම් වන ලකුණු!

මොරටු විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය අතර තරගය

කරන්දෙනිය ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයෙන් ධර්මාශෝක විද්‍යාලයට හිමි වූයේ ඉනිමක සහ ලකුණු 10ක දැවැන්ත ජයග්‍රහණයකි. මොරටු විද්‍යාලය මුල් ඉනිමට රැස් කල ලකුණු 123ට පිලිතුරු ලෙස ධර්මාශෝකය ලකුණු 353ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර දෙවැනි ඉනිම ක්‍රීඩා කළ මොරටු විද්‍යාලයට සියල්ලන්ම දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 220ක් පමණි. ධර්මාශෝක ප්‍රථම ඉනිම වෙනුවෙන් ලකුණු 147ක සුපිරි ඉනිමක් දියත් කල රවිඳු රෂාන්ත තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.

මොරටු විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 123 (පන්දුවාර 33.3) මදුශ්ක ප්‍රනාන්දු 55, නිමේෂ් මෙන්ඩිස් 2/29, කවිඳු නදීශාන් 3/14, ලොහාන් ද සොයිසා 2/27.

ධර්මාශෝක විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 353 (පන්දුවාර 88) රවිඳු රෂාන්ත 147, දිනුක ඩිල්ශාන් 34, ලොහාන් ද සොයිසා 29*, ලසිත් කුමාර 27, සුභාෂ් ලසංග 24, නිර්මාල් විජයසිංහ 4/104, නිරාජ් කණිෂ්ක 2/29, ජනිත සෙව්මිත් 3/81.

මොරටු විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 220 (පන්දුවාර 66.2) මදුෂ්ක ප්‍රනාන්දු 76, ජීවන්ත ප්‍රනාන්දු 34, ඩිලක්ෂණ ප්‍රනාන්දු 20*, උශාන් ඉමන්ත 3/64, නිමේෂ් මෙන්ඩිස් 3/52, ලොහාන් ද සොයිසා 2/41.


ත්‍රිත්ව විද්‍යාලය සහ කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරගය

අස්ගිරි ක්‍රීඩාංගණයේදී පැවැත්වුනු මෙම තරගයෙන් ප්‍රථම ඉනිමේ ජයක් ලබන්නට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. ත්‍රිත්ව විද්‍යාලය ප්‍රථම ඉනිමට රැස් කල ලකුණු 308 හඹාගිය සාන්ත මරියා පිතිකරුවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 90ක් පමණි.

ප්‍රථම ඉනිමේ අසාර්ථකත්වය නිසා දෙවැනි ඉනිමත් නැවත ක්‍රීඩා කරන්නට සිදු වූ සාන්ත මරියා විද්‍යාලය තරගය නිමාවන විට කඩුලු 4ක් දැවී ලකුණු 169ක් ලබාගෙන සිටියහ. ගජිත කොටුවාගොඩ ලකුණු 98ක් රැස් කරමින් සාන්ත මරියා විද්‍යාලය පූර්ණ තරග පරාජයෙන් ගලවා ගත්තේය.

ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 308 (පන්දුවාර 64.1) ශම්මුගනාදන් ශැනොගීත් 151*, කළණ ද සොයිසා 67*, හසිත බෝයගොඩ 46.

සාන්ත මරියා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 90 (පන්දුවාර 35.3) සංජය රංජිත් 21, තිසර ඩිල්ශාන් 2/18, විමුක්ති නෙත්මාල් 4/16, හසිත බෝයගොඩ 3/12.

සාන්ත මරියා විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 169 (පන්දුවාර 36) ගජිත කොටුවාගොඩ 98.


කොළඹ නාලන්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය

නාලන්ද විද්‍යාලය සත්කාරකත්වය දැරූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද ප්‍රථම ඉනිමේ තියුණු ජයක් ලබන්නට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සමත් විය. ඒ එක් ලකුණකින් නාලන්දා ප්‍රථම ඉනිම අභිබවා යමිනි.

කොළඹ නාලන්දා විද්‍යාලය දෙවන ඉනිමට ලකුණු 187ක් රැස්කල අතර තරගය නිමාවන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි රිච්මන්ඩ් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 94ක් ලබා සිටියහ.

කොළඹ නාලන්දා විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 190 (පන්දුවාර 54.3) කසුන් සඳරුවන් 45, දිල්හාර පොල්ගම්පළ 27, මාලිංග අමරසිංහ 23, කවිශ්ක විජයසිරි 2/18, තවීෂ අභිෂේක් 2/33.

රිච්මන්ඩ් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 191 (පන්දුවාර 61.2) රවිශ්ක විජේසිරි 50, චාමිකර හේවගේ 35, විශ්මිත විජේසිරි 27, අසේල් කුලතුංග 3/29, උමේෂ් ඩිල්ශාන් 2/20, සුරංග විජේවර්ධන 2/21.

කොළඹ නාලන්දා විද්‍යාලය (දෙවන ඉනිම) සියල්ලන්ම දැවී ලකුණු 187 (පන්දුවාර 51.5)සුහඟ විජේවර්ධන 82, කසුන් සඳරුවන් 28, රවිශ්ක විජේසිරි 4/46, කමිඳු මෙන්ඩිස් 3/29.

රිච්මන්ඩ් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 4ක් දැවී ලකුණු 94 (පන්දුවාර 14.5) කමිඳු මෙන්ඩිස් 48*, සුහඟ විජේවර්ධන 2/27.


සාන්ත තෝමස් විද්‍යාලය සහ සාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර තරගය

සාන්ත තෝමස් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවති මෙම තරගය නිමාවට පත්වූයේ සාන්ත තෝමස් විද්‍යාලයට ප්‍රථම ඉනිමේ ජයක් හිමිකර දෙමිනි. විද්‍යාල දෙකෙන්ම අඩු ලකුණු වාර්තා වූ මෙම තරගයේ සාන්ත තෝමස් විද්‍යාලය මුල් ඉනිමට රැස් කල ලකුණු 162ට පිලිතුරු ලෙස සාන්ත ඇලෝසියස් විද්‍යාලයට රැස් කරගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

සාන්ත තෝමස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 162 (පන්දුවාර 78.1) පී. ගුණවර්ධන 45, හරීන් වීරසිංහ 5/43, රවිඳු සංජන 3/26.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 124 (පන්දුවාර 63.5) රවිඳු සංජන 40, නවිඳු නිර්මාල් 27, පවිත් රත්නායක 6/17.

සාන්ත තෝමස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 100 (පන්දුවාර 51.3) හරීන් වීරසිංහ 4/31.

සාන්ත ඇලෝසියස් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 2ක් දැවී ලකුණු 37 (පන්දුවාර 13).


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර තරගය

ධර්මරාජ විද්‍යාලය සත්කාරකත්වය දැරූ මෙම තරගය නිමාවට පත්වූයේ ජය පරාජයෙන් තොරවයි. නමුත් ප්‍රථම ඉනිමේ ජයක් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය සතුවිය. ඔවුන් ප්‍රථම ඉනිමට ලකුණු 281ක් රැස්කල අතර ධර්මරාජයට ලබා ගත හැකි වූයේ ලකුණු 241ක් පමණි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 281 (පන්දුවාර 76.3) අවිඳු හේරත් 81, මනූජ පෙරේරා 72, මන්ජිත් රාජපක්ෂ 41, රුක්මාල් දිසානායක 4/75, දේශාන් ගුණසේකර 2/21.

ධර්මරාජ විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 241 (පන්දුවාර 77.1) දුලාජ් බණ්ඩාර 67, සචින්ත සේනානායක 64, කවින්ද තිලකරත්න 39, ගිනෝද් යසින්ත 4/80, මනූෂ පෙරේරා 3/33, සුසිත් ද සොයිසා 3/60.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 5ක් දැවී ලකුණු 70 (පන්දුවාර 38.1) කවිඳු මුණවීර 28, නිමන්ත හේරත් 2/16, ගිහාන් විතාරණ 2/06.


මලියදේව විද්‍යාලය සහ සාන්ත සර්වේසස් විද්‍යාලය අතර තරගය

මලියදේව විදුහල් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු මෙම තරගය ජය පරාජයෙන් තොරව නිමා වූ අතර ප්‍රථම ඉනිමේ ජයග්‍රහණය සත්කාරකයින් සතු විය. මලියදේව විද්‍යාලයේ ප්‍රථම ඉනිමේ ලකුණු 254ට පිලිතුරු ලෙස සර්වේසස් විද්‍යාලය රැස් කළේ ලකුණු 208ක් පමණි.

මලියදේව විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 254 (පන්දුවාර 73.4) සුපුන් සුමනරත්න 49, පවිත්‍ර ලියනගේ 36, චූලංග හෙට්ටිආරච්චි 37*, කවීන් බණ්ඩාර 30, ශශික දුල්ෂාන් 6/73, එස්. නෙත්මිණ 2/67.

සාන්ත සර්වේසස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 208 (පන්දුවාර 61.4) මුදිත හෂාන් 80*, තිලාන් ප්‍රශාන් 43, සුපුන් කවින්ද 26, සජීවන් ප්‍රියදර්ශන 3/47, දමිත සිල්වා 3/57.

මලියදේව විද්‍යාලය (දෙවන ඉනිම) කිසිවෙකු නොදැවී ලකුණු 5 (පන්දුවාර 1).

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට