ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් 2026-27 වසර සඳහා වාර්ෂික ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා ක්‍රීඩකයින් 46 දෙනෙකු නම් කර තිබෙනවා.
මෙම කොන්ත්‍රාත්තු කාල සීමාව 2026 අප්‍රේල් මස 01 සිට 2027 මාර්තු මස 31 දක්වා වලංගු වනවා.
මෙහි දී ක්‍රීඩකයින් ව ඔවුන්ගේ දක්ෂතා, හැකියාවන් සහ කණ්ඩායම් අවශ්‍යතා මත A1, A2, B1, B2, C1 සහ මධ්‍යම කොන්ත්‍රාත්තුව යටතේ වර්ගීකරණය කර තිබෙනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා නම් කර ඇති ක්‍රීඩකයින්;
කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, පැතුම් නිස්සංක, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, දුශ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, දසුන් ශානක, මහීෂ් තීක්ෂණ, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, නිරෝෂන් දික්වැල්ල, ජෙෆ්‍රි වැන්ඩසේ, ප්‍රභාත් ජයසූරිය, විශ්ව ප්‍රනාන්දු, මතීෂ පතිරණ, ඩිල්ශාන් මදුශංක, පවන් රත්නායක, එශාන් මාලිංග, මිලාන් රත්නායක, ලහිරු කුමාර, කසුන් රාජිත, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, කමිල් මිශාර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුශාර, සොනාල් දිනූශ, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මදුශාන්, ලසිත් කෲස්පුල්ලේ, ලහිරු උදාර, නුවනිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත්, ඉසිත විජේසුන්දර, නිශාන් මදුශ්ක, අකිල ධනංජය, චාමික කරුණාරත්න, පසිඳු සූරියබණ්ඩාර, මොහමඩ් ශිරාස්, වනුජ සහන්, දිලුම් සුදීර සහ තරිඳු රත්නායක
දෙස්, විදෙස් ක්රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















