උත්සාහක දිනුම් වැස්සකින් ත්‍රිත්වයන් පල්ලෙකැලේ ආක්‍රමණය කරයි

333

සිංගර් අන්තර් පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ ‘ඒ කාණ්ඩය’ යටතේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ප්‍රතිවාදී ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර පැවති තරගයෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ සත්කාරක ත්‍රිත්ව ක්‍රීඩකයන් ලකුණු 30ක විශිෂ්ට ජයක් අත් කර ගැනීමට ඊයේ (30) සමත් විය. ඒ පල්ලෙකැලේ රග්බි ක්‍රීඩාංගණයේ දී පැවති තරගයේ අවසන් ප්‍රතිඵලය ලකුණු 50-20ක් ලෙස සටහන් කර ගනිමින්ය.

ඔලිවර් ගුණතිලක කුසලානය වෙස්ලි ක්‍රීඩකයෝ රැගෙන යයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් තරගාවලියෙහි පස්වැනි සතිඅන්තයේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (30) ගල්කිස්ස…

තරගයේ පළමු අර්ධය ආරම්භ කරමින් මිනිත්තු 05ක් ගත වීමටත් මත්තෙන් සිය ක්‍රීඩා පිටියේ දී ත්‍රිත්වයින්ට පසුබෑමක සේයාවක් මතු කරමින් විද්‍යා ක්‍රීඩකයන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.

ඒ අනුව විද්‍යා ක්‍රීඩක එම්. ඩී. කල්හාර ප්‍රථම වරට ධවල රේඛාව පසුකර යමින් උත්සාහක දිනුමකින් ලකුණු 05ක් ලබා ගැනීමට සමත් විය. අනතුරුව එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ආර්. ඒ. මදුශංක සමත්කම් දැක්විය.

එහෙත් 10 වැනි මිනිත්තුවේ ආරම්භයත් සමඟින් විද්‍යා ක්‍රීඩකයින්ගේ වාසිදායක කාලය අවසන් බව පෙන්නුම් කරමින් සිය පිටියේ සුපුරුදු රිද්මය හඳුනා ගත් ත්‍රිත්වයින් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය.

විද්‍යා ක්‍රීඩකයින් පීඩාවට පත් කරන ලකුණු ලබා ගැනීම ආරම්භ කරමින් මුල්ම උත්සාහක දිනුම සටහන් කිරීමට ත්‍රිත්ව විද්‍යාලයේ එල්. ජී. කුලතුංග සමත් වූවද එහි ප්‍රවර්තනය අසාර්ථක විය. නැවත වරක් 16 වැනි මිනිත්තුවේ ටී. එස්. කරුණානායක උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර එහි ප්‍රවර්තනය ද ඒ. එච්. බණ්ඩාරනායක විසින් සාර්ථක කර ගත්තේය. (ත්‍රිත්ව 12-07 විද්‍යා)

අන්තෝනිවරුන් ගිලිහෙමින් තිබූ සිය ගෞරවය රැක ගනියි

2019 ඩයලොග් අන්තර් පාසල් රග්බි කුසලාන ශූරතාවලියේ පළමු වටයේ එක් තරගයක් අද (30) මරදාන සහිරා විද්‍යාලය සහ මහනුවර සාන්ත…

පසුව උත්සාහක දිනුම් පෝලිමට තවත් සාර්ථක සටහනක් තැබීමට ටී. අයි. තන්තිරිගේ 20 වන මිනිත්තුවේ දී සමත් වූ අතර සම්පූර්ණ ලකුණු ත්‍රිත්ව ලකුණු පුවරුවට එක් කරමින් එහි ප්‍රවර්තනය ආර්. එම්. සුබසිංහ විසින් සාර්ථක කර ගත්තේය.

පසුව ලකුණු වේගය තවත් වැඩි කරමින් 27 වැනි මිනිත්තුවේ එච්. සී. සමරසිංහ තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ ද එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ත්‍රිත්ව 24-07 විද්‍යා)

පළමු අර්ධයේ විද්‍යා ක්‍රීඩකයින් ලබා ගත් අවසන් ලකුණු 03 දඬුවම් පහරකින් වාර්තා කර ගැනීමට 39 වැනි මිනිත්තුවේ යළිත් ක්‍රියාත්මක වූ ආර්. ඒ. මදුශංක සමත් වූ නමුත්, ඊට මද වේලාවකට පසුව 45 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව ක්‍රීඩක එම්. යස්වන්ත් නැවත වරක් උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 5ක් එක් කළේය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

ප්‍රථම අර්ධය: මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 29-10 ගල්කිස්ස විද්‍යා විද්‍යාලය

ඒ අනුව ලකුණු 19ක පරතරයක් සහිතව දෙවන අර්ධය ආරම්භ වූ අතර දෙපිලේම ක්‍රීඩක හුවමාරු කිහිපයක් සිදු විය. අනතුරුව දෙවන අර්ධයේ නැවත වරක් බලාපොරොත්තු දල්වා ගනිමින් විද්‍යා ක්‍රීඩක එම්. ඩී. කල්හාර යළිත් වරක් ක්‍රියාත්මක වෙමින් උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් නමුත් එහි ප්‍රවර්තන ඉලක්කය නිවැරදි නොවිණි.

>> තරගයේ ඡායාරූප ඇල්බමයට පිවිසෙන්න <<

අනතුරුව දෙවන අර්ධයේ 12 වැනි මිනිත්තුවේ දී ත්‍රිත්ව ක්‍රීඩක ඕ. ඩී. රත්වත්ත අපරික්ෂාරී ක්‍රීඩා විලාශයක නිරත වීම හේතුවෙන් ඔහුට දිනයේ නිකුත් කළ එකම කහ කාඩ් පත ලබා දීමට ප්‍රධාන විනිසුරු ගිහාන් යටවර පියවර ගත්තේය.

රත්වත්තගේ අඩුව සිය වාසියට හරවා ගනිමින් ඉන් මිනිත්තු 4කට පසුව ක්‍රියාත්මක වූ එන්. කවීන්ද්‍ර විද්‍යා විද්‍යාලය රැස් කළ අවසන් ලකුණු 5 උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූව ද එය පූර්ණ ලකුණක් බවට පත් කිරීමට නොහැකි විය. (ත්‍රිත්ව 29-20 විද්‍යා)

දෙවන අර්ධයේ මුල් අදියරේ යම් පසුබෑමකට ලක්ව තරගය තීරණාත්මක මුහුණුවරක් ගෙන තිබෙන විට නැවත වරක්  ආක්‍රමණකාරී ක්‍රීඩා රටාවට අවතීර්ණ වූ ත්‍රිත්ව ක්‍රීඩකයින් සිය අණසක පැතිර වීම යළිත් ආරම්භ කරමින් දෙවන අර්ධයේ ලකුණු රැස් කිරීම ආරම්භ කළේය.

අපරාජිතයින්ගේ සටනින් ඉසිපතනය පරාජය වෙයි

ලකුණු 18-17ක් ලෙස ඉතාමත් තියුණු අවසානයක් සමඟින් නිමාව දුටු, මරදාන සාන්ත ජෝසප් සහ කොළඹ ඉසිපතන විදුහල් අතර සටනින්…

එහි දී ක්‍රීඩක හුවමාරුවකින් අනතුරුව දෙවන අර්ධයේ 20 වැනි මිනිත්තුවේ දී එල්. ජී. කුලතුංග උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර එහි ප්‍රවර්තනය ආර්. එම්. සුබසිංහ සාර්ථක කර ගනිමින් ලකුණු 7ක් ලබා ගත්තේය.

ත්‍රිත්ව ලකුණු පුවරුවට මීළඟ උත්සාහක දිනුම එක් කිරීමට දෙවන අර්ධයේ 30 වැනි මිනිත්තුවේ ක්‍රියාත්මක වූ ඒ. ආර්. කුලතුංග සමත් වූ අතර එහි ප්‍රවර්තනය එම්. ඩී. ජයසුන්දර විසින් නිවැරදි කළේය.

අනතුරුව දිනයේ අවසන් උත්සාහක දිනුමත් යළිත් වරක් ක්‍රියාත්මක වූ එම්. ඩී ජයසුන්දර විසින්ම ධවල රේඛාව පසු කර යමින් වාර්තා කළ අතර දෙවන අර්ධයේ 37 වැනි මිනිත්තුවේ වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය ද ජයසුන්දර විසින්ම සාර්ථක කර ගන්නා ලදි.

ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් බවට ප්‍රධාන විනිසුරුවරයාගේ සංඥාව නිකුත් වන විට ත්‍රිත්ව විද්‍යාලය, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය පරදා ලකුණු 30ක ජයක් වාර්තා කර සිටියේය.

අවසන් ලකුණු තත්ත්වය: ත්‍රිත්ව විද්‍යාලය 50 (8T, 5C) -20 (3T, 1C, 1P) විද්‍යා විද්‍යාලය

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්:

  • ත්‍රිත්ව විද්‍යාලය: එම්. ඩී. ජයසුන්දර (1T, 2C), එල්. ජි. කුලතුංග (2T), ටී. එස්. කරුණානායක (1T), ටී. අයි. තන්තිරිගේ (1T), ආර්. එම්. සුබසිංහ (2C), එච්. සී. සමරසිංහ (1T), එම්. යස්වන්ත් (1T), ඒ. ආර්. කුලතුංග (1T), ඒ. එච්. බණ්ඩාරනායක (1C)
  • විද්‍යා විද්‍යාලය: ආර්. ඒ. මදුශංක (1C 1P), එම්. ඩී. කල්හාර (2T), එන්. කවීන්ද්‍ර (1T)

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<