රග්බි පිටියේ ප්‍රබල පාසල් රැසක් මට්ටු කරමින් මරදාන සාන්ත ජෝසප් රග්බි කණ්ඩායම මෑතකාලීන රග්බි පිටියේ පෙරළි රැසක් සිදු කිරීමට සමත් විය. 2017 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලි ජයෙන් කරළියේ පෙරළි ඇරඹූ ඔවුන්ගේ මෙවර සූදානම කෙබඳු ද?

අතීතයෙන් බිඳක්

1954 වසරේ දී රග්බි ක්‍රීඩාව ආරම්භ කළ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය නිල වශයෙන් පාසල් රග්බි පිටියට පිවිසෙන්නේ 1955 වසරේ දීයි.’ Hornets’ යන සුරතල් නාමයෙන් හැඳින්වූ මරදානේ සාන්තුවරුන්ගේ පළමු නායකයා ක්‍රිෂාන්ත් ප්‍රනාන්දු, පළමු නිල නායකයා 1955 වසරේ කණ්ඩායම මෙහෙය වූ මෙහෙන්ද්‍ර ඩයස්.

(සාන්ත ජෝසප් රග්බි ඉතිහාසයේ ස්වර්ණමය අවස්ථාව)

2016 තරගවාරය සාන්ත ජෝසප් රග්බි විරුවන්ට එතරම් සුබදායි වූයේ නැත. කෙසේ වෙතත් ඔවුන් 2016 වසරේ දී පලඟ ශූරතාව දිනා ගත්තේ 2017 වසරට සාර්ථක ආරම්භයක් ලබා දෙමිනි.

සුපිරිතම පසුපෙළක් සමඟින් රග්බි උරුමක්කාරයෝ සටනට

ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා පිටියට රග්බි ක්‍රීඩාව හඳුන්වා දුන් මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ රග්බි කණ්ඩායම මේ වසරේ අන්තර් පාසල් ලීග් රග්බි…

සාන්ත ජෝසප් විද්‍යාලයීය රග්බි ඉතිහාසයේ ස්වර්ණමය වසරක් ලෙස 2017 වසර ඉතිහාසයේ සටහන් වන්නේ ඔවුන් 2017 මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ජයග්‍රහණය කරමින් සිය පළමු ප්‍රධාන රග්බි ශූරතාව දිනා ගත් නිසාවෙනි. විනූ ප්‍රනාන්දුගේ නායකත්වයෙන් බල ගැන්වුණු මරදානේ සාන්තුවරු ප්‍රබල ඉසිපතනය පරාජය කළේ සිය රග්බි ඉතිහාසයේ වටිනාම මොහොත සනිටුහන් කරමිනි.   

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයීය රග්බි කණ්ඩායමෙන් දේශීය රග්බි පිටියට දායක වූ ප්‍රබල රග්බි ක්‍රීඩකයින් රැසකි. හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ටන් බෙනඩික්ට්, දිනුක් එස් විජේරත්න ඒ අතර වෙනවා. මේ දිනවල හැව්ලොක් කණ්ඩායමේ ක්‍රීඩක කරන විමුක්ති රාහුල, චතුර සෙනෙවිරත්න හා CR කණ්ඩායම නියෝජනය කරන ගැමුණු චේතිය ද සාන්ත ජෝසප් විද්‍යාලයේ පහස ලැබූවන්.

පසුගිය තරගවාරය

පසුගිය වසර සාන්ත ජෝසප් විද්‍යාලයට ඉතා සුවිශේෂ වසරක් විය. ඒ වසර ගණනාවකට පසු ඔවුන්ගේ ප්‍රබලතම කණ්ඩායම පාසල් රග්බි පිටියට පිවිසුණු නිසාවෙනි. ලීග් රග්බි තරගාවලියේ කොළඹ රාජකීයයින්ට පමණක් නොදෙවෙනි වූ ඔවුන් සහභාගී වූ තරග නවයෙන් තරග අටක් ජය ගත්තේ කුසලාන අනුශූරයින් බවට පත් වෙමිනි.

(සත් සාමාජික ශූරතාව දිනූ සාන්ත ජෝසප් කණ්ඩායම)

සුපිරි තරගයකින් පසු අවාසනාවන්ත ලෙස මයිලෝ ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ ද අනුශූරයින් ලෙස අභිෂේක ලබන්නට ඔවුන් සමත් විය.

දෙවන ස්ථානයෙන් හෙම්බත් වූ නමුත් උත්සාහය අත්නොහළ ඔවුන් කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් අන්තර් පාසල් සත් සාමාජික ශූරයින් බවට පත්වුනේ සාර්ථක වසරක් අවසානයේ කුසලාන රැසක් සිය පාසලට රැගෙන යමිනි ගැමුණු චේතිය, කාවින්ද කේෂාන් සන්තුෂ් අල්ගම වැනි ක්‍රීඩකයින් සුපිරි ක්‍රීඩා විලාසයක් දියත් කළේ සාන්ත ජෝසප් විද්‍යාලයට ස්වර්ණමය මතකයන් ඉතිරි කරමිනි.

මෙවර සූදානම

සාන්ත ජෝසප් විද්‍යාලය රග්බි පිටියේ දැවැන්තයින් බවට පත් කළ සුපිරි පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රහිම් මහතා මෙවරත් කණ්ඩායමේ පුහුණුකරු ලෙසට කටයුතු කරයි. 2017 වසරේ කණ්ඩායමට පැමිණි දිනයේ සිටම සුපිරි පෙරළියක් කළ ඔහු මෙවර කණ්ඩායමේ වගකීම භාරගෙන කටයුතු කරන්නේ තෙවැනි වරටයි.

ප්‍රබල අංක 8 ක්‍රීඩකයෙකු වන තරිඳු ද අල්විස් මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ මෙවර නායකයා ලෙස කටයුතු කරයි. පස්වැනි වසර සඳහා පළමු පෙළ රග්බි කණ්ඩායම නියෝජනය කර ඔහු පසුගිය වසරේ දී සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ඉහළ දස්කම් දැක්වීමට සමත් විය.

ThePapare.com වෙත අදහස් දක්වමින් නායක තරිඳු මෙසේ පවසා සිටියා. “අපි මෙවර තරගාවලියට පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා, අපිට පුහුණුකරුවන්ගෙන් හොඳ සහයක් ලැබෙනවා හා අපි පසුගිය වසරේ දී මෙන්ම ඉහළටම යාමට උත්සහ කරනවා.”

ගිලිහුණු ගෞරවය යලි සොයා යන්නට ධර්මරාජ රග්බි හමුදාව සූදානම්

අවාසනාවන්ත තරග වාරයකට පසුව මහනුවර ධර්මරාජ විද්‍යාලයීය රග්බි කණ්ඩායමට පසුගිය වසරේ නොසිතූ ලෙස B කාණ්ඩය දක්වා පසු බැසීමට සිදු විය.

2017 යොවුන් ඔලිම්පික් උළෙලේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික රග්බි කණ්ඩායම නියෝජනය කළ තරිඳු 2018 වසරේ දී වයස අවුරුදු 19න් පහළ ආසියානු රග්බි ශූරතාවලියට ද ක්‍රීඩා කළේය. ඒ නිසාම තරිඳු ක්‍රීඩා රටාව මෙවර කණ්ඩායමට ඉතා වැදගත් වනු ඇත.

තරිඳුගේ සහයට හිටපු සාන්ත ජෝසප් නායකයෙකු වන හසරු ගුණවර්ධනගේ සහෝදරයෙකු වන රශේන් ගුණවර්ධන කණ්ඩායමේ උපනායක ලෙස කටයුතු කරයි. සක්‍රම් හාෆ් ක්‍රීඩකයෙකු වන ඔහු පසුපෙළ මෙහෙයවමින් නායකයාට අනගි සහයක් ලබා දෙනු ඇත.

මෙවර කණ්ඩායමේ ශක්තිය වන්නේ ඔවුන්ගේ ප්‍රබල ඉදිරිපෙළයි. නායක තරිඳුට අමතරව අත්දැකීම් බහුල ශෙවෝන් ග්‍රෙගරි ද කණ්ඩායමේ ඉදිරිපෙළ සවිමත් කරනු ඇත. ග්‍රේශෝම් තන්ගයියා හුකර් ස්ථානයේ ක්‍රීඩා කරන්නේ ප්‍රතිවාදීන් සුනුවිසුනු කරමිනි.

කන්ද උඩරට පෙරළිකාරයන් – ශ්‍රී සුමංගල විද්‍යාලය

1992 වසරේ ශ්‍රී සුමංගල විද්‍යාලයට හඳුන්වා දෙන ‍රග්බි ක්‍රීඩාව මුල් අවදියේ දී දැඩි බාධක රැසක් මතින් ගොඩනැගුණි. එම වසරේ පටන් දෙවැනි කාණ්ඩයේ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා…

කෙසේ වෙතත් ඉදිරිපෙළට නොදෙවෙනි පසුපෙළක් ඔවුන්ට සිටින්නේ සුපිරි වේගවත් ක්‍රීඩකයින් රැසක් සමඟයි. රශෙන් ගුණවර්ධන සමඟ තරිඳු මදුරංග හා සන්තුෂ් අල්ගම එක්වූ විට පිටිය මැද එකම සැණකෙළියක් වනු ඇත. පවනට බඳු වේගයෙන් පසුගිය වසරේ ද ප්‍රතිවාදීන් හෙල්ලූ ඔවුන් තිදෙනා මෙවරත් කණ්ඩායමට ශක්තියක් වෙමින් සුපුරුදු ලෙස ශිල්ප දක්වනු ඇත.

(සුපිරි පුහුණුකරු ඉබ්‍රහිම් (වමේ) මෙවරත් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි)

පසුගිය වසරේ අසාර්ථක වූ කුසලාන බලාපොරොත්තු සිතේ කොනක තබාගෙන සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ මෙවර රග්බි යුධ පිටියට අවතීර්ණ වනු ඇත .සුපිරි දස්කම් සමඟින් නූලෙන් ගිලිහුණු මංගල ලීග් කුසලානය සොයා යන්නට ඔවුන්ට හැකි වෙයි ද?

විද්‍යා ක්‍රීඩකයින්ට මරදානෙන් හොඳ සංග්‍රහයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් අද (28) CR&FC ක්‍රීඩාංගණයේ දී මරදාන සාන්ත ජෝසප් විදුහල හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය…

සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු වටයේ තරග සැලැස්ම මෙසේය.

සාන්ත ජෝසප් විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර – පෙබරවාරි 28, සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 20-14 ක් ලෙස ජය ගන්නා ලදි.

  • සාන්ත අන්තෝනි විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර – මාර්තු 10, නිත්තවෙල
  • සහිරා විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර – මාර්තු 16, ලොන්ඩන් පෙදෙස
  • ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර – මාර්තු 22, ලොන්ඩන් පෙදෙස
  • ඉසිපතන විද්‍යාලය හා සාන්ත ජෝසප් විද්‍යාලය අතර – මාර්තු 30, හැව්ලොක් පාක්

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<