විද්‍යා ක්‍රීඩකයින්ට මරදානෙන් හොඳ සංග්‍රහයක්

1536

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරමින් අද (28) CR&FC ක්‍රීඩාංගණයේ දී මරදාන සාන්ත ජෝසප් විදුහල හා ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර පැවති තරගයෙන් සාන්ත ජෝසප් කණ්ඩායම ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් විය.

2019 පාසල් රග්බි ලීගයේ මංගල ජය ගල්කිස්සට

මෙම වසරේ (2019) සිංගර් පාසල් රග්බි ලීගය ආරම්භ කරමින් අද (28) ගල්කිස්ස සාන්ත..

තරගය ආරම්භ වූ මොහොතේ පටන්ම කණ්ඩායම් දෙකම ඉතා තියුණු ලෙස පන්දුව පසුපස හඹා ගිය අතර වේගය සහ තාක්ෂණය මනා ලෙස පවත්වා ගෙන ගිය විද්‍යා විදුහල, සත්කාරක සාන්ත ජෝසප් කණ්ඩායමට ආරම්භයේ දී ම ලකුණු රැස් කරගැනීමට ඉඩ තැබුවේ නැත.

නමුත් ලැබුණු අවස්ථාවකින් මනාව ප්‍රයෝජන ගත් තරිඳු මදුරංග අලංකාර ලෙස විද්‍යා ආරක්ෂක බැම්ම තුලින් රිංගා යමින් තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සන්තුශ් අල්ගමට නොහැකි විය. (සාන්ත ජෝසප් 05-00 විද්‍යා)

සාන්ත ජෝසප් ක්‍රීඩකයින්ගේ පන්දුව හැසිරවීමේ වැරදි නිසා තරගයේ වේගය ද අඩාල වූ අතර ඔවුන් අතින් සිදු වූ වැරැද්දකට විනිසුරුවරයා විසින් දඬුවම් පහරක් විද්‍යා විදුහලට පිරිනමන ලදි. එහි දී ක්‍රියාත්මක වූ හසරංග පන්දුව ගෝල කණු අතරින් පා කර හරිමින් විද්‍යා විදුහල වෙනුවෙන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේය. (සාන්ත ජෝසප් 05-03 විද්‍යා)

සාන්ත ජෝසප්වරුන් නැවතත් තරගය තුල වැරදි පිට වැරදි සිදු කරන්නට වූ අතර විනිසුරු ඩින්කා පීරිස් නැවතත් විද්‍යා විදුහලට දඬුවම් පහරක් ලබා දුන්නේය. එම අවස්ථාව ද අපතේ නොයැවූ ප්‍රින්ස් රවිසිංහ පන්දුව ගෝල කණු අතරින් පා කර හැරියේ ලකුණු 3ක් විද්‍යා විදුහලට එක්කරමිනි. (සාන්ත ජෝසප් 05-06 විද්‍යා)

ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් පිටියේ අණසක පැතිර වූ සාන්ත ජෝසප් විදුහල් කණ්ඩායම වෙනුවෙන් තරිඳු මදුරංග තවත් අලංකාර උත්සාහක දිනුමක් රැස් කළේය. එහි ප්‍රවර්තනය සන්තුශ් විසින් සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත ජෝසප් 12-06 විද්‍යා)

රග්බි පිටිය දෙවනත් කරන්නට තෝමසුවන් සහ ජෝසප්වරුන් පෙරමුණ ගනී

මාස හතරක් වැනි දීර්ඝ කාලයක් පුරාවට පැවති Dialog අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය..

එයින් පසුබට නොවූ විද්‍යා ක්‍රීඩකයින් තුන් හතර වතාවක්ම උත්සාහක දිනුම් සීමාව ආසන්නයට පැමිණිය ද අවසන් මොහොතේ සිදු වූ සුළු වැරදි නිසාවෙන් නැවතත් පසුබෑමට ලක්විය.

උත්සාහයන් ව්‍යර්ථ වුවද පන්දු හැසිරවීමේ දී හා ක්‍රීඩකයින් මෙල්ල කිරීමේ ද කරන වැරදි විද්‍යා විදුහලෙන් සුලභව දක්නට ලැබුණි. එසේ සිදු වූ වැරැද්දක් නිසාවෙන් විනිසුරු සාන්ත ජෝසප් කණ්ඩායමට දඬුවම් පහරක් ප්‍රදානය කළ අතර එය ද සාර්ථක කර ගන්නට ඔවුන් සමත් විය. (සාන්ත ජෝසප් 15-06 විද්‍යා)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

තරගයේ ප්‍රථම අර්ධයේ අවසන් මිනිත්තු කිහිපය ගත වන විට දී සාන්ත ජෝසප් ක්‍රීඩකයෙකු විසින් විද්‍යා ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමට ගත් උත්සාහයක දී නීති විරෝධි High Tackle කිරීමක් නිසාවෙන් එම ක්‍රීඩකයාට තදින් අවවාද කරමින් නැවතත් විද්‍යා විදුහලට පන්දුව හැසිරවීමේ වාසිය ලබා දුන්න ද ඔවුන් එය දඬුවම් පහරක් ලෙස පරිවර්තනය කරගනිමින් ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් එක්කර ගන්නා ලදි. (සාන්ත ජෝසප් 15-09 විද්‍යා)

පළමු අර්ධය: සාන්ත ජෝසප් විදුහල  15 – 09 විද්‍යා විදුහල

ප්‍රථම අර්ධයේ සිදු වූ වැරදි නිවැරදි කර ගැනීමට උත්සුක නොවූ කණ්ඩායම් දෙකම තරග රටාවේ යම්කිසි වෙනසක් කිරීමට උත්සහ කළ ද, එයින් ඔවුන්ට හා ඔවුන්ගේ ගම්‍යතාවට හානියක් සිදු වූවා මිස හොඳක් නම් සිදු වූයේ නැත.

ලද අවසරයකින් ක්‍රියාත්මක වූ සාන්ත ජෝසප් කණ්ඩායමේ No 8 ක්‍රීඩක තරිඳු ද අල්විස් අලංකාර උපක්‍රමයකින් විද්‍යා ආරක්ෂක බැම්ම බිඳ හෙලා උත්සාහක දිනුමක් වාර්තා කරන්නේ සාන්ත ජෝසප් ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රීති ඝෝෂා මැදයි. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සාන්ත ජෝසප් 20-09 විද්‍යා)

2019 පාසල් රග්බි ලීගයේ මංගල ජය ගල්කිස්සට

මෙම වසරේ (2019) සිංගර් පාසල් රග්බි ලීගය ආරම්භ කරමින් අද (28) ගල්කිස්ස සාන්ත..

තරගය ආරම්භ වූ මොහොතේ පටන්ම වැරදි පිට වැරදි කරමින් පසුබෑමට ලක්වූ විද්‍යා කණ්ඩායම තවමත් තමන්ගේ ආරක්ෂක බැම්ම ශක්තිමත් කිරීමට වෙර දැරූව ද, පසුපෙළින් ලකුණු රැස් කිරීමට උත්සාහ කළ විට දී යම්කිසි අතපසුවීමකින් පන්දුව ප්‍රතිවාදියාට පූජා කිරීමට සිදු වූ අවස්ථා ද නැතුවාම නොවේ.

නමුත් සිදු වූ අතපසුවීම් පසෙකලා එක්වරම ක්‍රියාත්මක වීමට සිතූ විද්‍යා විදුහලේ  Wing ක්‍රීඩකයා උත්සාහක දිනුමක් රැස්කරමින් කණ්ඩායම් ලකුණු මට්ටම 14ක් දක්වා උසස් කළ ද ප්‍රවර්තනය අසාර්ථක වීමත් සමඟම විනිසුරු ඩින්කා පීරිස් තරගයේ අවසානයට සංඥාව නාද කළේ විද්‍යා ක්‍රීඩකයින්ගේ සියලු බලාපොරොත්තු සුන් කරමිනි.

අවසන් ලකුණු තත්වය: සාන්ත ජෝසප් විදුහල 20 (3T,1C, 1P) – 14 (1T,3C) විද්‍යා විදුහල

  • ThePapare.com තරගයේ වීරයා: රශේන් ගුණවර්ධන (SJC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

සාන්ත ජෝසප් විදුහල

  • උත්සාහක දිනුම් – තරිඳු මදුරංග 2, තරිඳු ද අල්විස් 1
  • ප්‍රවර්තන – සන්තුෂ් අල්ගම 1
  • දඬුවම් පහර – සන්තුෂ් අල්ගම 1

විද්‍යා විදුහල

  • උත්සාහක දිනුම – ඉමාෂ් පිටියගේ 1
  • දඬුවම් පහර – ප්‍රින්ස් රවිසිංහ් 2,  හසරංග අක්මීමණ 1.

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<