ප්‍රවර්තන සියල්ල අසාර්ථක වූවත් ත්‍රිත්වයින් සාර්ථකයි

421

සිංගර් අන්තර් පාඨශාලීය ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතිය ආරම්භ කරමින් අද (15) සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය සහ ඔවුන්ගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා ලෙස සැලකෙන සාන්ත අන්තෝනි විද්‍යාලය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී එකිනෙකා මුණගැසුණු අතර උද්වේගකර තරගයක චමත්කාරය ප්‍රේක්ෂකයන් හට දැකබලා ගැනීමට ඉඩ සලසමින් ත්‍රිත්ව විද්‍යාලය තරගය ජය ගත්තේ ලකුණු 35-10ක් ලෙසිනි.

DS ප්‍රහාරයෙන් ආනන්ද ක්‍රීඩකයින්ට දැඩි අලාභ හානී

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (14) CR&FC ක්‍රීඩාංගණයේ දී පැවතියේ සත්කාරක D. S. සේනානායක විදුහල හා ආනන්ද…

අන්තෝනිවරුන් හට මෙවර තරගවාරයේ සිය ආරම්භක තරග ද්විත්වය ප්‍රබල සාන්ත ජෝසප් සහ ඉසිපතන කණ්ඩායම් හමුවේ පරාජය වීමට සිදු වූ නමුත් ඔවුන්ගේ සංචිතය අතිදක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත වන නිසාවෙන් මෙම තරගයේ දී දැනෙන වෙනසක් සිදු කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු විය.

අනෙක් අන්තයෙන් ත්‍රිත්ව විද්‍යාලය සිය ප්‍රථම තරගයේ දී සහිරා විද්‍යාලයට එරෙහිව විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වූ නමුත් පසුගිය සතිඅන්තයේ දී සිය සත්කාරක පිටියේ දී ම ඉසිපතන කණ්ඩායම හමුවේ ලද පරාජය ඔවුන්ගේ මානසිකත්වය තරමක පහතට ඇදහැලුණු අවස්ථාවක් ලෙස සටහන් කළ හැක. කෙසේ නමුත් එම තරගයේ සිදු වූ අඩුපාඩු සියල්ල හදුනා ගනිමින් ඒවාට නිසි ප්‍රතිකර්ම ද සොයා ගනිමින් අද දිනයේ දී ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගයට පිවිසියේ සිය ආධිපත්‍යය රග්බි පිටියේ යළි පතුරවාලීමේ අරමුණෙනි.

දෙපිලේම පාසල් ගීතයන් ගායනය කිරීමෙන් අනතුරුව ප.ව.4.15ට ආරම්භ වූ තරගයේ මුල් විනාඩි කිහිපය තුල කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් ඉතා ආක්‍රමණශීලී තරග රටාවක නියැලෙනු දක්නට ලැබුණු අතර දෙපිලේම ආරක්ෂක පෙළ ක්‍රීඩකයින් නිසියාකාරව සිය කාර්‍යභරය ඉටු කරමින් මනා සහයක් සිය ඉදිරිපෙළ සඟයින් වෙත ලබා දුනි.

තරගයේ 06 වැනි විනාඩියේ දී ත්‍රිත්ව ක්‍රීඩකයෙකු විසින් එල්ල කළ High tackle අභියෝගය විනිසුරු ජමාල්ඩින්ගේ නෙත ගැටුණු බැවින් වහාම පන්දුවේ ග්‍රහණය සාන්ත අන්තෝනි කණ්ඩායම වෙත ලබා දීමට පියවර ගත් අතර එසැණින් ගෝල කණු වෙත පන්දුව යොමු කිරීමේ අවස්ථාව උදාකරගත් අන්තෝනිවරුන් එම දඬුවම් පහර සාර්ථක කරගැනීමට සමත් විය. තිරුෂ ඒකනායක එහි ගෞරවය තමන් සතු කරගත්තේය. (ත්‍රිත්ව 00-03 අන්තෝනි)

​සුමංගල ක්‍රීඩක ජයතිලකගෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (14) පැවැත්වූයේ සත්කාරක සාන්ත බෙනඩික්ට්…

ලකුණු පුවරුවේ තම අන්තය සක්‍රිය කිරීමට වැඩි කාලයක් නොගත් ත්‍රිත්ව ක්‍රීඩකයින් සිය ප්‍රතිවාදීන් හට සාර්ථක ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සමත් වූයේ දුලන්දිත් නෙත්වරගේ සුරතින් වාර්තා අලංකාර උත්සාහක දිනුමත් සමඟිනි. නමුත් එහි ප්‍රවර්තන ගෝලය සාර්ථක කරගැනීමට ඔවුන් අසමත් විය. (ත්‍රිත්ව 05-03 අන්තෝනි)

ඉන් අනතුරුව එළැඹුණු කාල සීමාව තුල දී දෙපිලේම ක්‍රීඩකයින් පන්දුවේ ග්‍රහණය සියතට ගනිමින් තරගයේ පාලනය තමන් නතු කරගැනීමට දැඩි වෙහෙසක් දැරූ අතර එහි දී අන්තෝනි ක්‍රීඩකයින් ත්‍රිත්ව කණ්ඩායමට වඩා පියවරක් ඉදිරියෙන් සිටියේ ඔවුන් එල්ල කළ ආක්‍රමණ හමුවේ ප්‍රතිවාදී ආරක්ෂක බැමි තරමක් දුර්වල වූ නිසාවෙනි.

ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත් අන්තෝනි කණ්ඩායමේ නායක මොහොමඩ් මකාරිම් තම ක්‍රීඩකයින්ගේ දහඩිය මහන්සියට නිසි වටිනාකම් එක්කිරීමට සමත් වූයේ අපූර්ව කණ්ඩායම් උත්සාහක දිනුමකින් සිය ලකුණු තීරුව වර්ණවත් කරමිනි. එහි අමතර ලකුණු ද්විත්වය කණ්ඩායමේ ගිණුමට සාර්ථකව බැර කිරීමට තිරුෂ ඒකනායක සමත් විය. (ත්‍රිත්ව 05-10 අන්තෝනි)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ප්‍රථම අර්ධය නිමා වීමට සුළු කාලයක් පමණක් ඉතිරිව තිබිය දී ත්‍රිත්ව කණ්ඩායමේ ධිරේන් රත්වත්තේ හට කහ කාඩ්පතක් ලබා දීමට විනිසුරුතුමා කටයුතු කළේ ඔහු විසින් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු ඉලක්ක කරගනිමින් සිදු කළ අනතුරුදායක tackle කිරීම නිසාවෙනි.

ඒ අනුව විවේක කාලය වෙත ගමන් කරන විට තරගයේ පෙරමුණ ගනිමින් ත්‍රිත්ව කණ්ඩායම වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමට අන්තෝනිවරුන් සමත් වීම කැපී පෙනුණි.

පළමු අර්ධය – ත්‍රිත්ව විද්‍යාලය 05 (1T) – 10 (1T,1C,1P) සාන්ත අන්තෝනි විද්‍යාලය

එක් ක්‍රීඩකයෙකුගේ සේවය විනාඩි 10ක කාලසීමාවක් පුරාවට ත්‍රිත්ව කණ්ඩායමට අහිමි වීමේ වාසිය තමන් දෙසට හරවා ගැනීමට අන්තෝනි ක්‍රීඩකයින් දැඩි වෑයමක් දැරූ නමුත් ඉන් තරගයේ තීරණයට බලපෑමක් එල්ල කරන මට්ටමේ වෙනසක් සිදු කිරීමට අපොහොසත් විය.

කෙසේ නමුත් දෙවන අර්ධය ආරම්භයේ දී ත්‍රිත්ව කණ්ඩායමේ පසුපෙළ ප්‍රබල වෙනස්කම් කිහිපයක්ම සිදු කිරීම  තරගයේ ඉරණම සම්පූර්ණයෙන්ම පාහේ උඩුයටිකුරු කිරීමට තරම් ප්‍රබල විය.

මෙතෙක් වේලාවක් නිහඬව තරගය ගමන් කරන දිශාව දෙස විමසිල්ලෙන් බලා සිටි ත්‍රිත්ව ක්‍රීඩකයින් සිය ආසන පටි තද කරගනිමින් ප්‍රවේගකාරී තරග රටාවකට අවතීර්ණ වූයේ අන්තෝනී ක්‍රීඩකයින් අසරණ කරමිනි.

රශේන් බණ්ඩාරනායකගේ වෙඩිමුරයෙන් ආරම්භ වූ උත්සාහක දිනුම් ක්‍රියාන්විතය තවදුරටත් සවිබලගන්වමින් 48 වැනි සහ 54 වැනි විනාඩියන්හී නිමේෂ ඒකනායක සහ අමිත් කුලතුංග ධවල රේඛාව අභිබවා ගියේ ප්‍රථම අර්ධයේ පල්ලෙකැලේ පිටිය පුරා අණසක පතුරවාලූ අන්තෝනී ක්‍රීඩකයින් සහ ඔවුන්ගේ ආධාරකරුවන් මොහොතකට නිරුත්තර කරමිනි. මෙහි දී දැකගත හැකි වූ තවත් සුවිශේෂී කරුණක් නම් ඉහත අවස්ථාවන් ත්‍රිත්වයේ දී ම ත්‍රිත්ව ක්‍රීඩකයින් හට අමතර ලකුණු ද්විත්වය එක්කිරීමට අපෝහසත් වීමයි. (ත්‍රිත්ව 20-10 අන්තෝනි)

උන් පසු උදා වූයේ ත්‍රිත්ව කණ්ඩායමේ වින්ග් ක්‍රීඩක ගීෂප කුලතුංගගේ ඒක පුද්ගල සංදර්ශනයයි. තරගයේ 63 වන මිනිත්තුව වෙත ගමන් කිරීමත් සමඟ ක්‍රියාත්මක වූ ගීෂප මධ්‍ය රේඛාව අසලින් ආරක්ෂිතව පන්දුව සියතට ගත්තේ මෙම තරගවාරය දැනට වාර්තා කළ විශිෂ්ටතම උත්සාහක දිනුමේ හිමිකාරත්වය තමන් නමින් ලියා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගනිමිනි.

තම ග්‍රහණයට පන්දුව නතු වූ සැණින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පස්දෙනෙකු පමණ සිය වේගවත් පාද චලනයන්ගෙන් සහ ධාවනයෙන් මුලාකර ඔහු පිටියේ දකුණු පස අන්තයෙන් ඉතා දැකුම්කළු අයුරින් උත්සාහක දිනුම් රේඛාව පසුකරගෙන ගිය ප්‍රේක්ෂක ජය ඝෝෂා මධ්‍යයේය. මෙවර ද පන්දුව ගෝල කණු අතරින් යොමු කිරීමට රොෂාන් බණ්ඩාරනායකගේ පා පහරට නොහැකි විය. (ත්‍රිත්ව 25-10 අන්තෝනි)

අගනුවර සහ පිට පළාත් ගැටෙන සංග්‍රාමයේ සංචිතය මෙන්න

ශ්‍රී ලාංකීය රග්බි පිටියේ දැනට ක්‍රීඩා කරන සුපිරිතම ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත වෙනස්ම ආකාරයේ තරගයක් පිළිබඳ ශ්‍රී ලංකා රග්බි සම්මේලනය…

ඉන් නොනැනවතුනු ගීෂප තරගයේ සිය දෙවන උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් වූයේ අද දිනයේ දී  ඔහුගේ වේගයට සම කළ හැකි ක්‍රීඩකයෙකු නොමැති බව සියල්ලන් හට ඔප්පු කරමිනි. (ත්‍රිත්ව 30-10 අන්තෝනි)

ලකුණු පිපාසාවෙන් දෙවන අර්ධය වෙත පා තැබූ ත්‍රිත්ව ක්‍රීඩකයින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගත්තේ ද උත්සාහක දිනුමකිනි. එවර උත්සාහක දිනුම් රේඛාව පසුකොට යමින් ත්‍රිත්ව කණ්ඩායමේ අභිමානය මහනුවර ගුවන සිසාරා මුසු කළේ ටෙවින් කරුණානායක විසිනි. අවාසනාවකට මෙන් අද දිනයේ දී එල්ල කළ සියලුම පා පහර මෙන් මෙම ප්‍රවර්තනයත් ගෝල කණු අතරින් ඉවතට ඇඳි ගියේය. (ත්‍රිත්ව 35-10 අන්තෝනි)

අවසන් ලකුණු තත්වය – ත්‍රිත්ව විද්‍යාලය 35 (7T) – 10 (1T,1C,1P) සාන්ත අන්තෝනි විද්‍යාලය

  • ThePapare.com තරගයේ වීරයා – රෙෂාන් බණ්ඩාරනායක (ත්‍රිත්ව විද්‍යාලය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයෝ

ත්‍රිත්ව විද්‍යාලය
උත්සාහක දිනුම් – ගීෂප කුලතුංග 2, ටෙවින් කරුණානායක 1, ධිරේන් රත්වත්තේ 1, අමිත් කුලතුංග 1, රෙෂාන් බණ්ඩාරනායක 1, නිමේෂ ඒකනායක 1, දුලන්දිත් නෙත්වර 1

සාන්ත අන්තෝනි විද්‍යාලය
උත්සාහක දිනුම් – මොහොමඩ් මකාරිම් 1
ප්‍රවර්තනය – තිරූෂ ඒකනායක
දඬුවම් පහර – තිරූෂ ඒකනායක

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<