DS ප්‍රහාරයෙන් ආනන්ද ක්‍රීඩකයින්ට දැඩි අලාභ හානී

1154

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තරගයක් අද (14) CR&FC ක්‍රීඩාංගණයේ දී පැවතියේ සත්කාරක D. S. සේනානායක විදුහල හා ආනන්ද විදුහල අතරයි. එම තරගයෙන් D.S. සේනානායක විදුහල ලකුණු 69-03ක් ලෙස පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් විය.

කන්නන්ගර ක්‍රීඩකයින් පළමු වරට පරාජය වේ

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ තවත් තරගයක් අද (11) කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වුණේ

තරගය ආරම්භ වූ මොහොතේ පටන්ම මන්දගාමී බවක් පෙන්වුවද, ක්‍රීඩකයින්ට තමන්ගේ සුපුරුදු රිද්මයට පැමිණීමට මද වේලාවක් ගත විය. D. S. ක්‍රීඩකයින් වැරදි පිට වැරදි සිදු කරද්දී 7 වැනි විනාඩියේ දී ලැබුණු දඬුවම් පහරකින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ආනන්ද විදුහලේ දක්ෂිණ ප්‍රසාද් සමත් විය. (ආනන්ද 03-00 DS)

15 වැනි මිනිත්තුවේ දී අලංකාර ලෙස උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සාරංග උඩවත්තට හැකි විය. එහි ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට හසිඳු හේමසිරි සමත් විය. (ආනන්ද 03 – 07 DS)

ඉන්පසුව Line Out අවස්ථාවකින් මනාව ප්‍රයෝජනය ගත් DS ක්‍රීඩක හසිඳු හේමසිරි උත්සාහක දිනුමක් වාර්තා කළ අතර ඔහුට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (ආනන්ද 03 – 12 DS)

එයින් නොනැවතුණු DS ක්‍රීඩකයින් වෙනුවෙන් නැවතත් හසිඳු ධවල රේඛාව පසුකරමින් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ද හසිඳු සමත් විය. (ආනන්ද 03 – 19 DS)

දෙවන සතියේ B කාණ්ඩයත් උණුසුම්

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයෙන් තරග වදින පාසල් අතර පසුගිය සතියේ පැවති තරග

DS ක්‍රීඩකයින් ආනන්ද ක්‍රීඩකයින්ගේ දුර්වලතා මනා ලෙස හඳුනා ගනිමින් ක්‍රීඩා කරන බවක් දක්නට ලැබුණේ ආනන්ද ක්‍රීඩකයින් අසරණ කරමින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට DS ක්‍රීඩක ලසිරු නෙත්මිණ සමත් වීමත් සමඟයි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (ආනන්ද 03 – 24 DS)

පළමු අර්ධය: D.S. සේනානායක විදුහල 24 – 03 ආනන්ද විදුහල

දෙවන අර්ධය ආරම්භ වූ විගසම මල්ෂාන් විමුක්ති DS කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වූයේ පළමු අර්ධයේ දියත් කළ අභියෝගාත්මක ක්‍රීඩා රටාවට නැවතත් ජීවය ලබා දෙමිනි. කෙසේ නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය. (ආනන්ද 03 – 29 DS)

එයින් නොනැවතුණු DS විදුහලේ දිනූප සෙනෙවිරත්න ද ආනන්ද ක්‍රීඩකයින් පෙරලා ගෙන යමින් ධවල රේඛාව පසු කළේ තවත් උත්සාහක දිනුමක් DS ලකුණු පුවරුවේ සටහන් කරමිනි. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (ආනන්ද 03 – 36 DS)

නැවත වරක් ආනන්ද පසුපෙළ පහසුවෙන් නොමඟ යැවූ ලලන්ක විජේසුන්දර ගෝල කණු යටින්ම තවත් උත්සාහක දිනුමක් වාර්තා කරද්දී එහි වටිනාකම තවත් වැඩි කරමින් ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නට DS ක්‍රීඩකයින් සමත් විය. (ආනන්ද 03 – 43 DS)

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

ආනන්ද ක්‍රීඩකයින්ට හිස ඔසවන්නට කිසිදු අවස්ථාවක් ලබා නොදුන් DS ක්‍රීඩකයින් නැවත නැවතත් පහර පිට පහර එල්ල කරමින් ඉදිරියටම ඇදුණු අතර DS ක්‍රීඩක ලලන්ක විජේසුන්දර අලංකාර උත්සාහක දිනුමක් වාර්තා කරමින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමත් සමඟ DS ක්‍රීඩකයෝ ලකුණු 50 සීමාව පසුකර යන්නට සමත් විය. (ආනන්ද 03 – 50 DS)

නීති විරෝධී ලෙස ක්‍රීඩකයෙකු මෙල්ල කිරීමට උත්සාහ කිරීම නිසා ආනන්ද ක්‍රීඩක H. G. පෙරේරාට විනිසුරු විසින් කහ කාඩ්පතක් නිකුත් කිරීමත් සමඟින් ආනන්ද කණ්ඩායමට ක්‍රීඩකයෙක් තාවකාලිකව අහිමි වී ගියේය.

තව තවත් සිය ජයග්‍රහණය පසුපස හඹා යන DS ක්‍රීඩකයින් අතරින් මීළඟ උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වූයේ රවීෂ සංජුල විසිනි. එහි ප්‍රවර්තනය හසිඳු විසින් සාර්ථකය ගෝල කනු අතරින් යොමු කරන්නට සමත් විය. (ආනන්ද 03 – 57 DS)

අළු මතින් නැගී සිට නැවත පොර බැඳීමට සූදානම් වන කන්නංගරයින්

කනිෂ්ඨ – ජ්‍යේෂ්ඨ ක්‍රීඩක සුසංයෝගයක් හා නව මුහුණුවරක් සමඟින් මෙවර පළමු කාණ්ඩයේ B කොටසේ තරග කරන සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයීය

තරගයේ නිමාවට ආසන්නව තිබිය දී තවත් ලකුණු 5ක් කණ්ඩායම වෙත තිළිණ කරදෙන්නට DS ක්‍රීඩක චේතන රාජරත්න සමත් වූ නමුත් එහි ප්‍රවර්තනය නම් ඔවුන්ට ගිලිහී ගියේය. (ආනන්ද 03 – 62 DS)

ආනන්ද විදුහලට පහර පිට පහර එල්ල කළ DS ක්‍රීඩකයින්ගේ අවසන් උත්සාහක දිනුම වාර්තා කරන්නට හර්ෂණ මදුරංග සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක විය. (ආනන්ද 03 – 69 DS)

කෙසේ නමුත් ආනන්ද ක්‍රීඩකයින් තරගය අවසන් වන තෙක්ම ප්‍රතිවාදීන්ට ප්‍රහාරයක් දියත් කරන්නට මෙහෙයුම් දියත් කළ ස ඒ සියල්ලක්ම ව්‍යර්ථ කර දැමීමට DS ක්‍රීඩකයින් සමත් වුනේ තරගය අවසන් වන විට උත්සාහක දිනුම් 11ක් වාර්තා කරමිනි.

අවසන් ලකුණු තත්ත්වය: D.S සේනානායක විදුහල 69 (11T, 7C) – 03 (1P) ආනන්ද විදුහල

ThePapare.com තරගයේ වීරයා – ලලන්ක විජේසුන්දර

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

D.S සේනානායක විදුහල

  • උත්සාහක දිනුම් – හසිඳු හේමසිරි 2, ලලන්ක විජේසුන්දර 2, සාරංග උඩවත්ත 1, ලසිරු නෙත්මිණ 1, මල්ෂාන් විමුක්ති 1, දිනුප සෙනෙවිරත්න 1, චේතන රාජරත්න 1, හර්ෂණ මදුරංග1, රවීෂ සංජුල 1.
  • ප්‍රවර්තන  – හසිඳු හේමසිරි 6, හර්ෂණ මදුරංග 1

ආනන්ද විදුහල් කණ්ඩායම

  • දඬුවම් පහර – දක්ෂිණ ප්‍රසාද් 1.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<