​සුමංගල ක්‍රීඩක ජයතිලකගෙන් උත්සාහක දිනුම් ත්‍රිත්වයක්

1150

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ තෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක් අද (14) පැවැත්වූයේ සත්කාරක සාන්ත බෙනඩික්ට් විදුහල හා ප්‍රතිවාදී මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතරයි. මෙම තරගයෙන් ලකුණු 38-17ක ජයක් අත්කර ගැනීමට මහනුවර සුමංගල විද්‍යාලය සමත් විය.

බෙනඩික්ට් ක්‍රීඩකයින් අඩපණ කළ DSට තවත් අර්ධ ශතකයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවන සතියේ ආරම්භය සනිටුහන් කරමින් පැවති තවත් එක් තරගයක්…

තරගය ආරම්භ කිරීමේ වගකීම බෙනඩික්ට් විද්‍යාලය වෙත පැවරී තිබූ අතර තරගය ආරම්භ වී 11 වැනි මිනිත්තුවේ දී බෙනඩික්ට් ක්‍රීඩකයන්ට දඬුවම් පහරක් හිමි විය. එය අලංකාර ලෙස ගෝල කනු අතරින් පා කර හරින්නට බෙනඩික්ට් ක්‍රීඩකයන් සමත් වූයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමිනි. (සුමංගල 00-03 බෙනඩික්ට්)

සුමංගල ක්‍රීඩකයන් ද තරගයට පිවිසෙමින් 15 වැනි මිනිත්තුවේ දී ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ රාජපක්ෂ විසින් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට සුමංගල ක්‍රීඩකයින් සමත් විය. (සුමංගල 07-03 බෙනඩික්ට්)

කනිෂ්ඨ අංශයේ රග්බි තරගාවලියේ වෙනසක්

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියට සමගාමීව පවත්වනු ලබන වයස අවුරුදු 14න් හා 16න් පහළ තරග මෙවර සුහද…

ඉන් නොනැවතුණු සුමංගල ක්‍රීඩකයන් බෙනඩික්ට් ඉදිරි පෙළ බිඳහෙළමින් 20 වැනි හා 30 වැනි මිනිත්තුවල දී උත්සාහක දිනුම් දෙකක් වාර්තා කිරීමට සමත් විය.

සුමංගල ප්‍රහාර හමුවේ විඩාවට පත්ව සිටි බෙනඩික්ට් ක්‍රීඩකයන්ට නව ජීවයක් ලබා දුන් අබිලාෂ් තරගයේ 35 වැනි මිනිත්තුවේ දී බෙනඩික්ට් කණ්ඩායමේ ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට බෙනඩික්ට් ක්‍රීඩකයන්ට හැකි විය.  

තරගයේ ප්‍රථම අර්ධය නිමා වීමට මිනිත්තු 4ක් කාලයක් ඉතිරිව තිබිය දී ජයතිලක සුමංගල විද්‍යාලයේ සිව්වැනි උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. (සුමංගල 26 – 10 බෙනඩික්ට්)

පළමු අර්ධය: මහනුවර සුමංගල විද්‍යාලය 26 – 10 සාන්ත බෙනඩික්ට් විදුහල

දෙවන අර්ධය ආරම්භ වුවත් සමඟම තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ ජයතිලක සුමංගල උත්සාහක දිනුම් ප්‍රමාණය 5ක් දක්වා ඉහළ නැංවූ අතර අද දවසේ ඔහු වාර්තා කළ තෙවැනි උත්සාහක දිනුම වන්නේ එයයි.

සුමංගල ක්‍රීඩකයින්ගෙන් ලුම්බිණියට අමිහිරි මතකයක්

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ දෙවන කොටසේ B කාණ්ඩයේ තරගයක් අද (07) කොළඹ ලුම්බිණි විදුහල…

සුමංගලයේ පෙරළිකාර ක්‍රීඩකයා වන ජයතිලකට දෙවන අර්ධයේ 24 වැනි මිනිත්තුවේ දී කහ කාඩ්පතක් විනිසුරු විසින් නිකුත් කළ ඔහුට මිනිත්තු 10ට තරගයෙන් ඉවත් වීමට සිදු විය. ඉන් මනාව ප්‍රයෝජන ගත් බෙනඩික්ට් ක්‍රීඩකයින් තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් තිබිය දී තවත් එක් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් විය. නමුත් බෙනඩික්ට් ක්‍රීඩකයන්ගේ ජයග්‍රහණ සඳහා එය ප්‍රමාණවත් වූයේ නැත.

අවසන් ලකුණු තත්ත්වය: මහනුවර සුමංගල විද්‍යාලය 38 – 17 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

ලකුණු ලබා ගත් ක්‍රීඩකයෝ

  • මහනුවර සුමංගල විද්‍යාලය – R. R.ජයතිලක (3T), S. L. රාජපක්ෂ (1T), R. රාජපක්ෂ (1T), P. නෙත්රංජන (1T), UM වීරකෝන් (4C)
  • සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – R. අබිලාෂ් (1T), E. R. C. වලෙස් (1T, 2C, 1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<