සිංගර් පාසල් රග්බි ලීගයේ සිව්වන සතිය අවසන් වන විට එහි තවත් තරග 5ක් අවසන් විය. එහි දී ජයග්‍රහණ වාර්තා කළේ රාජකීය, සාන්ත පීතර, සහිරා, වෙස්ලි, සාන්ත ජෝසප් යන කණ්ඩායම් ය. මේ වන විට කණ්ඩායම්වල ප්‍රබල/දුර්වල කාරනා සොයා ගත නොහැකි වන තරමටම තරගාවලිය උණුසුම් වී තිබේ.

ලක් දියණියෝ රග්බි කිරුළු පලඳිති

සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි කණ්ඩයම ප්‍රථම වරට බෝර්නියෝ සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය..

කුරුඳුවත්තෙන් පහර කෑ බොරැල්ලේ ගැටයන්

17310105_10156004534119251_3794348515673904715_o

කොළඹ රාජකීය විද්‍යාලයත්, ඩී. එස්. සේනානායක විද්‍යාලයත් අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු රග්බි තරගයෙන් 47-07ක් ලෙස ජයග්‍රහණය ලබා ගන්නට රාජකීයයන් සමත් විය.

සුපුරුදු පරිදි රාජකීය ඉදිරිපෙළ ක්‍රීඩකයන් ඩී. එස්. ක්‍රීඩකයන් ඉදිරියේ තම ආධිපත්‍යය පැතිරවීම අරඹන ලදි. අනතුරුව පසිඳු පෙරේරා, රාජකීයයන්ට උත්සාහක දිනුමක් එක් කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ එදින පාපන්දු අංශය භාරව සිටි ජෝජ් ගුණවර්ධන විසිනි. මඳ වේලාවකට පසුව ලෙහාන් ඩි සොයිසා විසින් රාජකීය ලකුණු පුවරුවට තවත් ලකුණු 05ක් එක් කරන ලද අතර එහි ප්‍රවර්තනයත් සාර්ථක කර ගන්නට ජෝජ් ගුණවර්ධන සමත් විය. (රාජකීය 14-00 ඩී.එස්.)

රාජකීයයන් ලබා ගත් පරතරය ලකුණු 07ක් දක්වා අඩු වූයේ නොමනා අතපසුවීම් මඟින් ඩී. එස්. කණ්ඩායමට ලැබුණු අවස්ථාවක් ආර්. ඩබ්ලිව්. සමරවික්‍රම විසින් සාර්ථක කර ගැනීමත් සමඟය. එච්. ඩී. ප්‍රේමසිරිගේ ප්‍රවර්තනය සාර්ථකයි. (රාජකීය 14-07 ඩී.එස්.)

අනතුරුව එහි වාඩුව ගන්නට සමත් වූ ජනිඳු ඩිල්ශාන්, රාජකීයයන්ට තවත් ලකුණු 05ක් එක් කළ අතර ජෝජ්ගේ ප්‍රවර්තනය ද සාර්ථක විය. (රාජකීය 21-07 ඩී.එස්.)

ඩී. එස්. කණ්ඩායම කබලෙන් ලිපට ඇද දමමින් එච්. පතිරණ හට කහ කාඩ්පතක් හිමි වූයේ ඉන් අනතුරුවයි. ක්‍රීඩකයන් 14ක් දක්වා අඩු වූ ඩී. එස්. ක්‍රීඩකයන් මැදින් යළිත් පෙරමුණට ගිය හම්සා රීසා වාර්තා කළ උත්සාහක දිනුමක ප්‍රවර්තනයත් ජෝජ්ගේ පාදයෙන් සාර්ථක විය.

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 28 (4T 4C) – 07 (1T 1C) ඩී. එස්. සේනානායක විද්‍යාලය

දෙවන අර්ධයට උපායශීලී සැලසුම් එක් කරමින් රාජකීය කණ්ඩායමේ හම්සා රීසා අංක 8 ස්ථානයට යොමු කොට තිබුණි. මලීෂ පෙරේරාගේ උත්සාහක දිනුමකින් රාජකීයයන් දෙවන අර්ධයේ ලකුණු ලබා ගැනීම ඇරඹුවේය. ජෝජ්ගේ ප්‍රවර්තන දක්ෂතාවය නැවතත් ප්‍රකට විය. (රාජකීය 35-07 ඩී.එස්.)

හම්සා රීසා වාර්තා කළ උත්සාහක දිනුමක ප්‍රවර්තනය ජෝජ්ට සාර්ථක කර ගැනීමට නොහැකි වූවත් රාජකීයයන් දිගු පරතරයක් ලබාගෙන තිබිණි. (රාජකීය 40-07 ඩී.එස්.) රාජකීයයන් වෙනුවෙන් මීළඟ සහ අවසන් උත්සාහක දිනුම වාර්තා කළේ දේහාන් පෙරේරා ය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට ජෝජ්ට හැකි විය.

සම්පූර්ණ කාලය: රාජකීය විද්‍යාලය 47 ( 7T 6C) – 07 (1T 1C) ඩී. එස්. සේනානායක විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ජනිඳු ඩිල්ශාන් (රාජකීය)

ලකුණු රැස් කළ ක්‍රීඩකයන් –

  • රාජකීය – පසිඳු පෙරේරා 1T, ලෙහාන් ද සොයිසා 1T, හම්සා රීසා 2T, මලීෂ පෙරේරා 1T, දේහාන් පෙරේරා 1T, ජෝජ් ගුණවර්ධන 6C.
  • ඩී. එස්. – ආර්. ඩබ්ලිව්. සමරවික්‍රම 1T, එච්. ඩී. ප්‍රේමසිරි 1C.

වසර 06 කට පසු පීතරයන් ජය ගනියි

17240223_10155999806074251_5693879121348633028_oවසර 06ක උත්සාහයකින් පසුව කොළඹ ඉසිපතන විද්‍යාලය පරාජය කරමින් ජය ගන්නට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් විය. අවසන් ලකුණු තත්වය සටහන් වූයේ 32-15ක් ලෙසයි.

ස්ටීවන් සිවරාජ් ලබා ගත් දඬුවම් පහරක් සමඟින් ලකුණු ලබා ගැනීම ඇරඹූ පීතර විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කළේ රවීන් ප්‍රනාන්දුයි. ඔහුගේ උත්සාහයේ ප්‍රවර්තනය ස්ටීවන් සිවරාජ් විසින් සාර්ථක කර ගත්තේය. (පීතර 10-00 ඉසිපතන)

පසුව මීටර 30ක පමණ දුරක් රෝලින් මෝල් එකක් ආකාරයට ඉදිරියට ඇදුණු පීතරයන් ඉන් අනතුරුව ලද දඬුවම් අවස්ථාවක දී පන්දුව තීක්ෂණ දසනායක වෙත ලබා දී ඔහුගෙන් උත්සාහක දිනුමක් උපයා ගත්තේය. එහි ප්‍රවර්තනය අසාර්ථක වෙද්දී පිට පිටම උත්සාහක දිනුම් තුනක් වාර්තා කරමින් ඉසිපතනය ලකුණු සම කර ගන්නට සමත් වූයේ කාගේත් අවධානය දිනා ගනිමිනි. විකාෂ් විමාධව, හරිත් බණ්ඩාර, සුධීර ගයානාත්ගෙන් වාර්තා වූ උත්සාහක දිනුම්වල ප්‍රවර්තනයන් අසාර්ථක විය. (පීතර 15-15 ඉසිපතන)

පළමු අර්ධය – සාන්ත පීතර විද්‍යාලය 15 (2T 1C 1P) – 15 (3T) ඉසිපතන විද්‍යාලය

දෙවන අර්ධයේ ශක්තිමත් ආරක්ෂණ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කළ සාන්ත පීතර විද්‍යාලය, ආක්‍රමණයේ දී ද විශේෂ දක්ෂතාවන් ප්‍රදර්ශනය කළේය. ඒ අතර තීක්ෂණ දසනායක විසින් වාර්තා කළ උත්සාහක දිනුමක ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සිවරාජ් සමත් විය. ඊට දඬුවම් පහරකින් ද ලකුණු 3ක් එක් කිරීමට ඔහු සමත් විය. (පීතර 25-15 ඉසිපතන)

උත්සාහක දිනුම් ත්‍රිත්වයක ආසන්නයට පැමිණ සිටි තීක්ෂණ, ඒ පිම්ම පැන ගත්තේ ඩිල්ශාන් මධුශංකගෙන් ලද පන්දු යොමුවක් උත්සාහක දිනුම් රේඛාවෙන් එපිටට ගෙනයමිනි. එහි ප්‍රවර්තනය සාර්ථක විය. (පීතර 32-15 ඉසිපතන)

සම්පූර්ණ කාලය – සාන්ත පීතර විද්‍යාලය 32 (4T 3C 2P) – 15 (3T) ඉසිපතන විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ස්ටීවන් සිවරාජ් (පීතර)

ලකුණු රැස් කළ ක්‍රීඩකයන් –

  • පීතර – රවීන් ප්‍රනාන්දු 1T, තීක්ෂණ දසනායක 3T, ස්ටීවන් සිවරාජ් 3C 2P.  
  • ඉසිපතන –  විකාෂ් විමාධව 1T, හරිත් බණ්ඩාර 1T, සුධීර ගයානාත් 1T.

ජෝසප් විදුහලෙන් සුන්දර පළිගැනීමක්

17390855_10156003553529251_6441956815915507276_oකොළඹ CR&FC ක්‍රීඩාංගණයේ දී පැවති මහනුවර ධර්මරාජ විදුහලත්, මරදාන සාන්ත ජෝසප් විදුහලත් අතර රග්බි තරගය ලකුණු 44-10ක් වශයෙන් ජය ලබාගත්තේ සාන්ත ජෝසප් විදුහලයි. පසුගිය වසරේ දී දෙපිල අතර ඇතිවූ ගැටුමෙන් පසුව රග්බි තරගයක දී ඔවුන් මෙසේ හමු වූ බැවින් තරගය කාගේත් අවධානය දිනා ගත්තේය.

දඬුවම් පහර දෙකකින් අනතුරුව 03-03ක් වශයෙන් පැවති ලකුණු තත්වය නවීන් ද සිල්වාගේ උත්සාහක දිනුමක් හේතුවෙන් වෙනස් විය. එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේ චතුර සෙනවිරත්නයි. (ජෝසප් 10-03 ධර්මරාජ)

චතුර තවත් දඬුවම් පහරක් සාර්ථක කරගනිද්දී සාන්ත ජෝසප් නායක විනුල් ප්‍රනාන්දු සහ ස්වේන් මුලර් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් තම කණ්ඩායම ඉදිරියට ගෙන ගියේය.

පළමු අර්ධය – සාන්ත ජෝසප් විද්‍යාලය 25 (3T 2C 2P) – 03 (1P) ධර්මරාජ විද්‍යාලය

දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 20ක් පමණ ගත වන විට සචින් සිල්වා, ජෝසප් විද්‍යාලයට තවත් උත්සාහක දිනුමක් එක් කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථක වෙද්දී ධර්මරාජය වෙනුවෙන් බිනුර බණ්ඩාර උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය සාර්ථකයි. (ජෝසප් 30-10 ධර්මරාජ).

සුපිරි ධාවක ගැමුණු චේතිය, තම වේගය උපයෝගී කර ගනිමින් ඉක්මන් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළ අතර චතුර සහ සචිත් සිල්වා විසින් ඒ ප්‍රවර්තන දෙක සාර්ථක විය.

කෙසේ වෙතත් පසුගිය තරහ-මරහ අමතක කරමින් කණ්ඩායම් දෙක විසිර ගියත් සුන්දර පළිගැනීමක් සිදු කරන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයන් සමත් විය.

සම්පූර්ණ කාලය – සාන්ත ජෝසප් විද්‍යාලය 44 (6T 4C 2P) – 10 (1T 1C 1P) ධර්මරාජ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – ගැමුණු චේතිය (ජෝශප්)

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්

  • ජෝසප් – ගැමුණු චේතිය 2T, විනුල් ප්‍රනාන්දු 1T, ස්වෙන් මුලර් 1T, සචින් සිල්වා 1T, සමීෂ විරංග 1T.චතුර සෙනවිරත්න 2C 3P, සචිත් සිල්වා 1C.
  • ධර්මරාජ – බිනුර බණ්ඩාර 1T, ගිහාන් දේශප්‍රිය 1C, තාරුක ගලපිටගෙදර 1P.

සහිරා, වේල්ස්ට දුන් ප්‍රහාරය

17359073_10155999157279251_2524269295197160213_oමරදානේ දී පැවැත්වුණු සහිරා විදුහලත් වේල්ස් කුමර විදුහලත් අතර තරගයෙන් ලකුණු 64-12ක් වශයෙන් ජය ලබා ගැනීමට මරදාන සහිරා ක්‍රීඩකයන් සමත් විය.

සහිරා ක්‍රීඩකයන්ගේ ශක්තිය පිළිබිඹු කරමින් මොහොමඩ් ඩීන් සහ සයිඩ් සිංහවංස උත්සාහක දිනුම් දෙකකින් ලකුණු පුවරුව සක්‍රිය කළේය. වේල්ස් කුමර ක්‍රීඩක බී. ඒ. තරංග විසින් එක් දඬුවම් පහරක් පමණක් සාර්ථක වූ අතර මින්හාජ් සම්සුඩීන්, සහිරා ක්‍රීඩකයන් වෙත තවත් උත්සාහක දිනුමක් එක් කළේය. එහි ප්‍රවර්තනයත් සාර්ථක වූයේ සයිඩ් සිංහවංසගේ පාදයෙනි. (සහිරා 21-03 වේල්ස් කුමර)

පළමු අර්ධය – සහිරා විද්‍යාලය 21 (3T 3C) – 03 (1P) වේල්ස් කුමර විද්‍යාලය

මෙවර ලීගයේ සාර්ථකම ලකුණු රැස් කරන්නා වන සයිඩ් සිංහවංස සිය දෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේය. පසුව ශිෆාස් අමත් විසින් වාර්තා වූ උත්සාහක දිනුමක ප්‍රවර්තනය ඔහුගේ පාදයෙන් ගිලිහී ගියේය. (සහිරා 33-03 වේල්ස් කුමර)

තරගයේ 50 සහ 52 යන මිනිත්තු වල දී වේගවත් ක්‍රීඩා ශෛලියකට අවතීර්ණ වූ සහිරාවන් වෙනුවෙන් යුස්රාන් ලන්ත්‍රා සහ අමත් උත්සාහක දිනුම් දෙකක් වාර්තා කළේය. සිංහවංසගේ ප්‍රවර්තනයන් සාර්ථකයි. (සහිරා 47-03 වේල්ස් කුමර)

උත්සාහක දිනුම් වාර්තා කිරීමේ අපහසුතාවයෙන් පෙළුණු වේල්ස් කුමරුවන්ට කළ හැකි වූයේ දඬුවම් පහර ලැබෙන පරිදි ලකුණු රැස් කිරීමය. තරංග එවන් ලකුණු කිහිපයක්ම රැස්කළේය. ලන්ත්‍රාගේ වේගය තවදුරටත් වැඩි වූ අතර උත්සාහක දිනුම් දෙකක් වාර්තා කරමින් ‘උත්සාහක දිනුම් ත්‍රිත්වයක්’ සම්පූර්ණ කර ගැනීමට ඔහු සමත් විය. ඩීන් විසින් තම දෙවන උත්සාහක දිනුමත් වාර්තා වූ අතර අමතක නොවන දෙවන අර්ධයක් සනිටුහන් කරමින් සහිරාවන් තරගය අවසන් කළේය.

සම්පූර්ණ කාලය – සහිරා විද්‍යාලය 64 (10T 7C) – 12 (4P) වේල්ස් කුමර විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – මොහොමඩ් අසාර් (සහිරා)

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්

  • සහිරා – සයිඩ් සින්හවංශ 1T 7C, යුස්රාන් ලන්ත්‍රා 3T, ශිෆාස් අමාත් 2T, මින්හාජ් සම්සුඩීන් 2T, මොහොමඩ් ඩීන් 2T.
  • වේල්ස් කුමර – තරංග 4P

අතිදක්ෂ වෙස්ලි ආක්‍රමණයක්

17349850_10155997325479251_7548968831611043261_oගල්කිස්ස විද්‍යා විද්‍යාලයට එරෙහිව පැවැත්වුණු තරගය ලකුණු 36-10ක් වශයෙන් ජය ගන්නට වෙස්ලි විදුහලට හැකි විය.

එක් අන්තයකින් දිව ගිය ඊ. හර්ෂණ, වෙස්ලි විදුහල වෙනුවෙන් ආරම්භක උත්සාහක දිනුම එක් කළ අතර දිනෙරු රණවීර, අනෙක් අන්තයෙන් උත්සාහක දිනුමක් වාර්තා කරමින් වෙස්ලියට ලකුණු එක් කළේය. එකදු හෝ ප්‍රවර්තනයක් සාර්ථක කර ගන්නට අවිශ්ක ලී අසමත් විය. (වෙස්ලි 10-00 විද්‍යා)

හර්ෂණට යළිත් අවස්ථාවක් ලැබුණු පසු එය සාර්ථක කර ගන්නට ඔහු සමත් විය. එවර අවිෂ්කගේ ප්‍රවර්තනය ගෝල කණු අතරින් රිංගා ගියේය. එච්. සාමරත්නගේ දඬුවම් පහර සාර්ථක කර ගැනීමක් සමඟින් විද්‍යා විද්‍යාලය ලකුණු ලබා ගැනීම ඇරඹුවේ ඉන් පසුවයි. අවන්ත ලී ගේ උත්සාහක දිනුමක් නැරඹීමේ අවස්ථාව පසුව ප්‍රේක්ෂකයන්ට හිමි වූ අතර වෙස්ලියන් ඉදිරියෙන් සිටිය දී ප්‍රථම අර්ධය නිමා විය.

පළමු අර්ධය – වෙස්ලි විද්‍යාලය 24 (4T 2C) – 03 (1P) විද්‍යා විද්‍යාලය

වෙස්ලි ෆ්ලෑන්කර් ක්‍රීඩක ඉමේෂ් අපොන්සු උත්සාහක දිනුමක් වාර්තා කිරීමත් සමඟ වෙස්ලි විද්‍යාලය නැවතත් ප්‍රතිවාදීන්ට දඬුවම් දීම ඇරඹුවේය. එහි ප්‍රවර්තනයත් අසාර්ථකයි. කහ කාඩ්පත් හේතුවෙන් විද්‍යා විද්‍යාලය පෙළෙමින් සිටි අතරේ එහි වාසිය තමා වෙත පවරා ගත් වෙස්ලි ක්‍රීඩක අවන්ත ලී, උත්සාහක දිනුමක් රැස් කළේය. ඔහුගේ සොයුරු අවිශ්ක එහි ප්‍රවර්තනය සාර්ථක කර ගත්තේය. (වෙස්ලි 36-03 විද්‍යා)

සී. එස්. ෆොන්සේකාගෙන් ලද උත්සාහක දිනුමකින් ලකුණු 10ක් දක්වා ලකුණු තත්වය ඉහල නංවා ගැනීමට විද්‍යා විද්‍යාලයට හැකි වුවත් තරගයේ වැඩි ගෞරවය හිමි වූයේ වෙස්ලි කණ්ඩායමටයි.

සම්පූර්ණ කාලය – වෙස්ලි විද්‍යාලය 36 (6T 3C) – 10 (1T 1C 1P) විද්‍යා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – අවිශ්ක ලී (වෙස්ලි)

ලකුණු රැස් කළ ක්‍රීඩකයන්

  • වෙස්ලි – ඊ. හර්ෂණ 2T, දිනෙරු රණවීර 1T, අවන්ත ලී 2T, ඉමේෂ් අපොන්සු 1T, අවිශ්ක ලී 3C.
  • විද්‍යා විද්‍යාලය – සී. එස්. ෆොන්සේකා 1T, එම්. හසරංග 1C, එච්. සාමරත්න 1P.  
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට <<