Shuttle Time වැඩසටහනෙන් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් වලට තල්ලුවක්

119

මෙරට පළාත් බැඩ්මින්ටන් සම්මේලන වල සහාය ඇතිව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ Shuttle Time වැඩසටහන පසුගිය දා සාර්ථකව නිමාවට පත්විය. එම වැඩසටහන මඟින් සහභාගී වූ නවක බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට, ගුරුවරුන්ට සහ ක්‍රීඩා නිලධාරීන්ට ක්‍රීඩාව පිළිබඳව මනා දැනුමක් ලබා දීමට හැකි විය.

පුහුණුකරුවන් තිදෙනෙකු දෙවන තරු මට්ටමට

ශ්‍රී ලංකාවේ පුහුණුවීම් කටයුතු සිදුකරන ජාත්‍යන්තර පළමු තරු මට්ටමේ ….

ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ කලාපීය පුහුණු සංවර්ධන නිලධාරි නිකිල් චන්ද්‍රා මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද මෙම වැඩසටහන ප්‍රථම වරට උතුරු පළාත පදනම් කරගෙන පැවැත්විය. උතුරු පළාත් වැඩසටහන මන්නාරම නගරයේ පැවති අතර වයඹ පළාත් වැඩසටහන කුරුණෑගල නගරයේ ද, උතුරු මැද පළාත් වැඩසටහන අනුරාධපුර නගරයේ ද, ඌව පළාත් වැඩසටහන බණ්ඩාරවෙල නගරයේ ද, මධ්‍යම පළාත් වැඩසටහන මහනුවර නගරයේ ද සහ අවසන් වැඩසටහන නැගෙනහිර පළාතේ කල්මුණේ නගරයේ ඔලුවිල් දකුණු ශාන්තිකර විශ්ව විද්‍යාලයේ දී ද පැවැත්විය.

උතුරු පළාත සහ නැගෙනහිර පළාත පදනම් කරගනිමින් ප්‍රථම වරට මෙරට පැවැත්වූ බැඩ්මින්ටන් ක්‍රීඩාව සංවර්ධනය කිරීමේ වැඩසටහන මෙය වන අතර එය සාර්ථකව නිමාවට පත් කිරීමට හැකිවීම මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය ලැබූ සුවිසල් ජයග්‍රහණයකි.

“විශේෂයෙන් නවක පුහුණුකරුවන්ට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ මූලික සිද්ධාන්ත, න්යායාත්මකව සහ ප්‍රායෝගික දැනුම ලබා දුන් මෙම වැඩසටහන් මඟින් ඉදිරියේ දී ලෝක බැඩ්මින්ටන් සම්මේලනය මඟින් පවත්වනු ලබන අදියර 01, 02 සහ 03 පුහුණු පාඨමාලා සඳහා මූලික අඩිතාලම දැමීමට හැකි වීම වඩාත් වැදගත් වෙනවා” යයි බැඩ්මින්ටන් සම්මේලනයේ ප්‍රධානී නිශාන්ත ජයසිංහ මහතා පැවසීය.

හතෙන් හතම දිවගොස් ජය ගත් ගැහැණිය

සුසෑන් ගිල් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. එමෙන්ම දිගු දුර ධාවන ශූරියකි….

“අපේ අරමුණ මෙවැනි වැඩසටහන්වලින් පසු බිහිවන පුහුණුකරුවන් වෙතින් අඩුම වශයෙන් ජාතික මට්ටමේ ක්‍රීඩකයෙකු හෝ බිහිකිරීමට හැකියාව ලැබීමයි. ඒ සඳහා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය කරනු ලබන ප්‍රයත්නය වඩාත් වැදගත් වෙනවා” යයි ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ කලාපීය පුහුණු සංවර්ධන නිලධාරි නිකිල් චන්ද්‍රා මහතා පැවසීය.

මේ අතර ඉදිරියේ දී බස්නාහිර පළාත, දකුණු පළාත සහ සබරගමුව පළාත ඉලක්ක කරගෙන ද “Shuttle Time” වැඩසටහන් පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනය සූදානමින් සිටී.  


>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <