ශ්‍රී ලංකා A සමඟ සටනට ප්‍රබල ඉන්දීය කණ්ඩායමක්

336

මේ මස 25 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය සඳහා සහභාගී වන ඉන්දීය A සංචිතය අද (15) නිල වශයෙන් මාධ්‍යයට නිකුත් කරන ලදි. මේ තරගාවලිය සඳහා නිල නොවන සිව්දින තරග දෙකක් හා නිල නොවන එක්දින තරග 5ක් ඇතුළත්.

ඉන්දියාව මෙල්ල කරන ශ්‍රී ලංකා A සංචිතය එළියට

මේ මස 25 වැනිදා සිට ජුනි 15 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඉන්දීය..

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිව්දින තරග හා එක්දින තරග වෙනුවෙන් වෙන වෙනම සංචිත දෙකක් නම් කර තිබෙන අතර එම සංචිත දෙකට ක්‍රීඩකයින් 14 දෙනා බැගින් ඇතුළත් කර ඇත. ඉන්දීය දේශීය ක්‍රිකට් තරග රටාව තුල සිටින ප්‍රබල ක්‍රීඩකයින් රැසක් එම සංචිත සඳහා නම් කර ඇත. ඒ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුල දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ද වේ.

පසුගිය ඉරිදා (12) නිමාව දුටු ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දස්කම් දැක්වූ සුහබ්මන් ගිල් (කොල්කටා නයිට් රයිඩර්ස්), ශ්රේයාස් ගෝපාල් (රාජස්ථාන් රෝයල්ස්) හා ශූරතාවය දිනා ගත්  මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ රාහුල් චහාර් යන ක්‍රීඩකයින් ද මේ සංචිතවලට ඇතුළත් වීය තරගාවලියේ තරගකාරීත්වය තවත් වැඩි කරනු ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරයට පාකිස්තානය කැමැත්ත පලකරයි

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා පාකිස්තානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට්…

ඉන්දීය A කණ්ඩායමේ සිව්දින සංචිතයේ නායකත්වය ගුජරාට් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන පිතිකරුවෙක් වන ප්‍රියන්ක් පංචාල් වෙත ලබා දී තිබෙන අතර එක්දින සංචිතයේ නායකත්වය ලබා දී තිබෙන්නේ කඩුලු රකින පිතිකරුවෙකු වන ඉශාන් කිෂාන් වෙතයි. ඉශාන් කිෂාන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩකයෙකි.

සිව්දින තරග සංචිතය

ප්‍රියන්ක් පංචාල් (නායක), අභිමනියු එෂ්වරන්, අන්මොල්ප්රීට් සිං, රිකී බුයි, සිද්දේශ් ලඩ්, රින්කු සිං, ශිවම් ඩබ්, කේ. එස්. භරත් (කඩුලු රකින්නා), රාහුල් චහාර්, ජයන්ට් යාදෙව්, ආධිත්ය සාර්වට්, සන්දීප් වොරියර්, අන්කිට් රාජ්පුත්, ඉශාන් පෝරෙල්.

එක්දින සංචිතය

ඉෂාන් කිෂාන් (නායක, කඩුලු රකින්නා), අන්මොල්ප්රීට් සිං, රිතුරාජ් ගයික්වාඩ්, දීපක් හූඩා, රිකි බුයි, සුහබ්මන් ගිල්, ශිවම් ඩබ්, ශ්රේයාස් ගෝපාල්, වොෂිංටන් සුන්දර්, මයාන්ක් මාර්කන්ඩේ, ටුෂර් ඩෂ්පාන්ඩේ, සන්දීප් වොරියර්, ඉශාන් පෝරෙල්., ප්රශාන්ට් චොප්රා

තරග කාලසටහන

  • මැයි 25 – 28: පළමු නිල නොවන සිව්දින තරගය, බෙල්ගාම්
  • මැයි 31 – ජුනි 03: දෙවන නිල නොවන සිව්දින තරගය, බෙල්ගාම්
  • ජුනි 06 – පළමු නිල නොවන එක්දින තරගය, බෙල්ගාම්
  • ජුනි 08 – දෙවන නිල නොවන එක්දින තරගය, බෙල්ගාම්
  • ජුනි 10 – තුන්වැනි නිල නොවන එක්දින තරගය, බෙල්ගාම්
  • ජුනි 13 – සිව්වැනි නිල නොවන එක්දින තරගය, හබ්ලි
  • ජුනි 15 – පස්වැනි නිල නොවන එක්දින තරගය, හබ්ලි

තරගාවලියේ සියලුම තරග තොරතුරු, ලකුණු සටහන් හා එසැණ පුවත් ඔබ වෙතට රැගෙන ඒමට ThePapapre.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<