Home Sinhala දිමුත් හා තිරිමාන්නගේ වාර්තාගත සබඳතාවය නිසා ශ්‍රී ලංකාව ඉදිරියෙන්

දිමුත් හා තිරිමාන්නගේ වාර්තාගත සබඳතාවය නිසා ශ්‍රී ලංකාව ඉදිරියෙන්

5318

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරගයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (17) සිව්වැනි දිනයටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

එහි දී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න සිව්වැනි ඉනිමක දී ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් වාර්තා කළ හොඳම සබඳතාවයේ වාර්තාව අලුත් කිරීමට සමත් වූයේ හෙට (18) දිනයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයක් පිළිබඳව සුබවාදී බලාපොරොත්තුවක් ලබා දෙමිනි.

සිව්වැනි ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක් ලැබෙන ලකුණු

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පසුගිය 14 වැනිදා ආරම්භ වූ ශ්‍රී ලංකා හා…

සිව්වැනි දිනය සඳහා තරගය නවතා දමන විට සිය දෙවන ඉනිම කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙක් නොදැවී ලකුණු 133ක් වාර්තා කරගෙන සිටින්නේ සිය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 135ක් පසුපසින් සිටියි. 

ඊයේ රාත්‍රියේ දී සහ අද උදෑසන කාලයේ දී ඇදහැළුණු වර්ෂාව නිසාවෙන් මේ තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ වූයේ මිනිත්තු 50ක ප්‍රමාදයකට පසුවයි. ඊයේ දිනය (16) සඳහා තරගය නවතා දමන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 195ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් සිටිමිනි.

දකුණතින් පිතිකරණයේ නිරත වන බී. ජේ. වොට්ලින්ග් හා විලියම් සමර්විල් 8 වැනි කඩුල්ල වෙනුවෙන් හෙමින් සීරුවේ ලකුණු 46ක සබඳතාවයක් ගොඩනැංවූ අතර සුරංග ලක්මාල්, ලසිත් ඇඹුල්දෙනිය හා අකිල දනංජය හට ඔවුන් දෙදෙනාගේ සබඳතාවය බිඳ හෙලීමට නොහැකි විය. 

නමුත් ලහිරු කුමාර ක්‍රියාත්මක කළ දිනයේ පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී පන්දු 173කට මුහුණ දෙමින් 4 පහර 6ක් සමඟ ලකුණු 77ක් ලබාගෙන සිටි වොට්ලින්ග් දැවී ගියේ පිත්තේ පිටත දාරයේ වැදුණු පන්දුව නිරෝෂන් දික්වැල්ල විසින් සාර්ථක ලෙස රැක ගත් නිසාවෙනි. 

>>Photos: Sri Lanka vs New Zealand | 1st Test – Day 4<< 

සමර්විල් හා එක්වූ ට්‍රෙන්ට් බෝල්ට් නවසීලන්ත දෙවන ඉනිමේ ලකුණු පුවරුව තවදුරටත් සවිමත් කරමින් 9 වැනි කඩුල්ල සඳහා ද ලකුණු 36ක අගනා හා වටිනා සබඳතාවයක් ගොඩනංවන ලදි. 

4 පහර 2ක් හා එක් 6 පහරක් සමඟින් ලකුණු 26ක් වාර්තා කරගෙන සිටි බෝල්ට් කුමාරගේ පන්දුවකට දැවී ගියේය. අවසන් කඩුල්ල වෙනුවෙන් පිටියේ එක්වූ අජාස් පටෙල් හා සමර්විල් සිය ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු වාර්තා කර ගනිමින් පිළිවෙළින් ලකුණු 40*ක් හා ලකුණු 14ක් ලබා ගත් අතර නවසීලන්ත දෙවන ඉනිමේ අවසන් කඩුල්ල ලෙස පටෙල්ව දවා ගැනීමට ධනංජය ද සිල්වා සමත් විය. 

ඒ අනුව නවසීලන්ත කණ්ඩායම විසින් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ තරගය ජය ගැනීම වෙනුවෙන් ලකුණු 268ක ඉලක්කයක් ලබා දී තිබේ.  කෙසේ නමුත් ගාලු තණතීරුවේ සිව්වැනි ඉනිම පිතිකරණය සඳහා එතරම් පහසු නොවන නිසා ඉතාමත් හොඳ ටෙස්ට් ක්‍රිකට් තරගයක් දැක බලා ගැනීමේ අවස්ථාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින් හට ලැබී ඇත.

පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ක්‍රීඩක ඇඹුල්දෙණිය ලකුණු 99කට කඩුලු 4ක් දවා ගනිමින් නවසීලන්ත දෙවන ඉනිම සුනුවිසුනු කර දමන ලදි. ඊට අමතරව ධනංජය හා ලහිරු අතරේ පිළිවෙළින් කඩුලු 3ක් හා කඩුලු 2ක් බෙදී ගියේය. අකිල දනංජය කඩුලු එකයි.

>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<< 

දිවා ආහාරයට පසුව ලකුණු 268ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමේ අදිටන ඇතිව පිටියට පැමිණි වමතින් පිතිකරණයේ නිරත වන ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන නායක දිමුත් කරුණාරත්න හා ලහිරු තිරිමාන්න සිව්වැනි දිනය අවසන් වන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 133ක නොදැවුණු සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. 

එම සබඳතාවය සිව්වැනි ඉනිමක දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් මෙතෙක් වාර්තා කර ගත් හොඳම සබඳතාවය බවට වාර්තා පොත් අලුත් කළ අතර ඊට අමතරව ශ්‍රී ලංකා ටෙස්ට් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් ශතක සබඳතාවයක් ගොඩනැංවූයේ ටෙස්ට් ඉනිම 21කට පසුව වීම ද සුවිශේෂී වේ. 

කෙසේ නමුත් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට නවසීලන්ත පන්දු යවන්නන්ට ඉතාමත් හොඳින් පන්දුවට පහර දුන් නායක කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 23 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර ගනිමින් ලකුණු 71*ක් (4 පහර 2) ලබාගෙන කඩුල්ලේ රැඳී සිටින අතර තිරිමාන්න ද නොදැවී ලකුණු 57*ක්  (4 පහර 4) රැස්කරගෙන කඩුල්ලේ රැඳී සිටියි. තිරිමාන්න අද දිනයේ දී වාර්තා කර ගත්තේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා කර ගත් 6 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි. 

තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු  සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

තරගයේ ලකුණු සටහන

Result


Sri Lanka
267/10 (93.2) & 268/4 (86.1)

New Zealand
249/10 (83.2) & 285/10 (106)

Batsmen R B 4s 6s SR
Jeet Raval c Dhananjaya de Silva b Akila Dananjaya 33 83 3 0 39.76
Tom Latham c Niroshan Dickwella b Akila Dananjaya 30 88 3 0 34.09
Kane Williamson c Dimuth Karunaratne b Akila Dananjaya 0 3 0 0 0.00
Ross Taylor c Niroshan Dickwella b Suranga Lakmal 86 132 6 0 65.15
Henry Nicholls lbw b Akila Dananjaya 42 78 2 0 53.85
BJ Watling lbw b Akila Dananjaya 1 5 0 0 20.00
Mitchell Santner lbw b Suranga Lakmal 13 42 1 0 30.95
Tim Southee run out (Dhananjaya de Silva) 14 19 0 1 73.68
William Somerville not out 9 28 1 0 32.14
Trent Boult c Kusal Perera b Suranga Lakmal 18 22 1 1 81.82
Ajaz Patel lbw b Suranga Lakmal 0 0 0 0 0.00


Extras 3 (b 0 , lb 2 , nb 1, w 0, pen 0)
Total 249/10 (83.2 Overs, RR: 2.99)
Fall of Wickets 1-64 (26.3) Tom Latham, 2-64 (26.6) Kane Williamson, 3-71 (30.2) Jeet Raval, 4-171 (58.2) Henry Nicholls, 5-179 (60.2) BJ Watling, 6-205 (69.1) Ross Taylor, 7-216 (73.5) Mitchell Santner, 8-222 (74.6) Tim Southee, 9-249 (83.1) Trent Boult, 10-249 (83.2) Ajaz Patel,

Bowling O M R W Econ
Suranga Lakmal 15.2 5 29 4 1.91
Lahiru Kumara 10 1 37 0 3.70
Akila Dananjaya 30 3 80 5 2.67
Dhananjaya de Silva 6 0 20 0 3.33
Lasith Embuldeniya 22 1 81 0 3.68
Batsmen R B 4s 6s SR
Lahiru Thirimanne st BJ Watling b Ajaz Patel 10 36 1 0 27.78
Dimuth Karunaratne lbw b Ajaz Patel 39 73 4 0 53.42
Kusal Mendis c Ross Taylor b Ajaz Patel 53 89 7 1 59.55
Angelo Mathews c Ross Taylor b Ajaz Patel 50 98 7 1 51.02
Kusal Perera c Mitchell Santner b Trent Boult 1 4 0 0 25.00
Dhananjaya de Silva c & b Ajaz Patel 5 19 1 0 26.32
Niroshan Dickwella c Kane Williamson b William Somerville 61 109 3 0 55.96
Akila Dananjaya c Ross Taylor b William Somerville 0 8 0 0 0.00
Suranga Lakmal b Trent Boult 40 98 3 2 40.82
Lasith Embuldeniya lbw b William Somerville 5 17 1 0 29.41
Lahiru Kumara not out 0 9 0 0 0.00


Extras 3 (b 1 , lb 1 , nb 0, w 1, pen 0)
Total 267/10 (93.2 Overs, RR: 2.86)
Fall of Wickets 1-27 (10.6) Lahiru Thirimanne, 2-66 (22.5) Dimuth Karunaratne, 3-143 (46.5) Kusal Mendis, 4-144 (47.3) Kusal Perera, 5-155 (52.2) Dhananjaya de Silva, 6-158 (54.1) Angelo Mathews, 7-161 (55.5) Akila Dananjaya, 8-242 (84.4) Suranga Lakmal, 9-262 (91.1) Niroshan Dickwella, 10-267 (93.2) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Trent Boult 20 4 45 2 2.25
Tim Southee 7 3 17 0 2.43
William Somerville 22.2 3 83 3 3.74
Ajaz Patel 33 6 89 5 2.70
Mitchell Santner 11 0 31 0 2.82
Batsmen R B 4s 6s SR
Jeet Raval c Dimuth Karunaratne b Dhananjaya de Silva 4 20 0 0 20.00
Tom Latham c Lahiru Thirimanne b Akila Dananjaya 45 81 2 1 55.56
Kane Williamson c Kusal Perera b Lasith Embuldeniya 4 25 0 0 16.00
Ross Taylor c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 5 0 0 60.00
Henry Nicholls c Kusal Mendis b Dhananjaya de Silva 26 71 2 0 36.62
BJ Watling c Niroshan Dickwella b Lahiru Kumara 77 173 6 0 44.51
Mitchell Santner c Suranga Lakmal b Lasith Embuldeniya 12 35 0 0 34.29
Tim Southee st Niroshan Dickwella b Lasith Embuldeniya 23 62 1 0 37.10
William Somerville not out 40 118 2 0 33.90
Trent Boult c Dhananjaya de Silva b Lahiru Kumara 26 25 2 1 104.00
Ajaz Patel lbw b Dhananjaya de Silva 14 23 1 0 60.87


Extras 11 (b 4 , lb 5 , nb 2, w 0, pen 0)
Total 285/10 (106 Overs, RR: 2.69)
Fall of Wickets 1-8 (7.4) Jeet Raval, 2-20 (14.4) Kane Williamson, 3-25 (16.3) Ross Taylor, 4-81 (27.5) Tom Latham, 5-98 (39.2) Henry Nicholls, 6-124 (49.3) Mitchell Santner, 7-178 (69.5) Tim Southee, 8-224 (90.3) BJ Watling, 9-260 (98.2) Trent Boult, 10-285 (105.6) Ajaz Patel,

Bowling O M R W Econ
Suranga Lakmal 15 2 37 0 2.47
Akila Dananjaya 32 4 84 1 2.62
Dhananjaya de Silva 12 3 25 3 2.08
Lasith Embuldeniya 37 4 99 4 2.68
Lahiru Kumara 10 0 31 2 3.10


Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne c BJ Watling b Tim Southee 122 243 6 1 50.21
Lahiru Thirimanne lbw b William Somerville 64 163 4 0 39.26
Kusal Mendis c Jeet Raval b Ajaz Patel 10 6 1 1 166.67
Angelo Mathews not out 28 73 2 0 38.36
Kusal Perera c Mitchell Santner b Trent Boult 23 19 5 0 121.05
Dhananjaya de Silva not out 14 13 3 0 107.69


Extras 7 (b 6 , lb 1 , nb 0, w 0, pen 0)
Total 268/4 (86.1 Overs, RR: 3.11)
Fall of Wickets 1-161 (60.2) Lahiru Thirimanne, 2-174 (61.5) Kusal Mendis, 3-218 (76.1) Dimuth Karunaratne, 4-250 (82.2) Kusal Perera,

Bowling O M R W Econ
Trent Boult 9.1 1 34 1 3.74
Tim Southee 12 2 33 1 2.75
William Somerville 31 6 73 1 2.35
Ajaz Patel 18 0 74 1 4.11
Mitchell Santner 13 2 38 0 2.92
Kane Williamson 3 0 9 0 3.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<