ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්වලට 21න් පහළ සංචිතයක්

263
nder 21 Women’s squad

ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 21න් පහළ ශ්‍රී ලංකා කාන්තා සංවර්ධිත සංචිතයක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඉදිරි ජාත්‍යන්තර තරගාවලි සඳහා ඉතාමත් හොඳ ශක්තිමත් අඩිතාලමක් සකසා ගැනීම අරමුණු කරගෙන මෙම සංචිතය පිහිටුවීමට පියවර ගෙන තිබෙනවා.

දිවයින පුරා සිදු කළ දක්ෂ ක්‍රීඩිකාවන් සොයා යෑමේ වැඩසටහනක් තුළින් හඳුනා ගත් ක්‍රීඩිකාවන් 120 දෙනෙකු අතරින් මෙම ක්‍රීඩිකාවන් 20 දෙනා නම් කර තිබෙන අතර තෝරා ගත් ක්‍රීඩිකාවන් මේ වන විටත් මාස 3ක විශේෂ පුහුණු වැඩසටහනකට එක්ව සිටින බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළ මාධ්‍ය නිවේදනයේ සඳහන්.

අනතුරුව එම ක්‍රීඩිකාවන් දිස්ත්‍රික් හා පළාත් කාන්තා කණ්ඩායම් වෙත යොමු කෙරෙන අතර එහි දී ලබන මාර්තු හා අප්‍රේල් මාසවල දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කිරීමට නියමිත තරගාවලි සඳහා ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වනු ඇත.

අදාළ ක්‍රීඩිකාවන් සමග මාස 3ක කාලයක් සඳහා (නොවැම්බර් 1 සිට ජනවාරි 31 දක්වා) කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

21න් පහළ ශ්‍රී ලංකා කාන්තා සංවර්ධිත සංචිතය:

  1. රන්දි ප්‍රේමරත්න – සාන්ත ජෝසප් විද්‍යාලය, කෑගල්ල
  2. සංසලා වනිගසේකර – නුගවෙල මාධ්‍ය මහා විද්‍යාලය, මහනුවර
  3. තරුෂි රාජකරුණා – නුගවෙල මාධ්‍ය මහා විද්‍යාලය, මහනුවර
  4. D. S. H. මහේෂිකා – සාන්ත ජෝසප් විද්‍යාලය, කෑගල්ල
  5. P. නිමේෂා තරුණි – මාරපොල මහා විද්‍යාලය, කෑගල්ල
  6. නවෝද්‍යා නෙත්මිණි – වාද්දුව මාධ්‍ය මහා විද්‍යාලය, කළුතර
  7. එමොක්ෂා භාශිනි – වාද්දුව මාධ්‍ය මහා විද්‍යාලය, කළුතර
  8. සවින්දි නිමාෂා කුරේ – වාද්දුව මාධ්‍ය මහා විද්‍යාලය, කළුතර
  9. මනෝහාරි නිසංසලා – වාද්දුව මාධ්‍ය මහා විද්‍යාලය, කළුතර
  10. සුලේෂා සත්සරණි – දේවපතිරාජ විද්‍යාලය, රත්ගම
  11. චේතනා විමුක්ති –පැලවත්ත මහා විද්‍යාලය, මොනරාගල
  12. අයේෂා දිලක්ෂිනි – මස්පැන්න මහා විද්‍යාලය, බදුල්ල
  13. ලංකා තිලිනි – සිංහල මහා විද්‍යාලය, ත්‍රිකුණාමලය
  14. ශානු බාස්කරන් –යාපනය මහජන විද්‍යාලය
  15. ජනනි වීරකෝන් – පොලොන්නරුව රාජකීය විද්‍යාලය
  16. තරුෂි සත්සරණි – පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය, නුවරඑළිය
  17. එරංගා දිසානායක – කටුපොත තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, කුරුණෑගල
  18. Mathurika Muralithasan – Skanthavarodaya College, Jaffna
  19. දුලංගා දිසානායක – නුගේගොඩ අනුලා විද්‍යාලය
  20. මෙත්මා හෙට්ටිආරච්චි – නුගේගොඩ අනුලා විද්‍යාලය

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<