සුපිරි ධාවනයක් සමඟින් ශෙලින්ඩා ජැන්සන් අවසන් 10ට

1276
Image Courtesy- NOCSL

ආර්ජෙන්ටිනාවේ දී පැවැත්වෙන තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාලිකා මීටර 200 දෙවන අදියරේ දෙවන තේරීම් තරගය තත්පර 24.07කින් නිමා කළ කනිෂ්ඨ කෙටි දුර ධාවන ශුරී ශෙලින්ඩා ජැන්සන් සිය හොඳම පෞද්ගලික කාලය වාර්තා කරමින් විශිෂ්ට ධාවනයක යෙදී එම තේරීම් තරගයේ පළමු ස්ථානය දිනා ගැනීමට සමත් විය. ශෙලින්ඩා මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග වදින අවසන් ක්‍රීඩිකාවයි.

 

පාරමී ප්‍රථම යොවුන් ඔලිම්පික් පදක්කම ලක්මාතාවට දිනා දෙයි

ආර්ජෙන්ටිනාවේ දී පැවැත්වෙන 3 වැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ…

පස්වැනි මංතිරුවේ ධාවනයේ නිරත වූ ඇය 24.98ක සිය හොඳම කාලය තත්පර 0.91කින් අලුත් කරමින් 24.07ක නව හොඳම පෞද්ගලික දක්ෂතාවය මේ තරගයේ දී දක්වන්නට සමත් විය. වේගවත් ආරම්භයක් ලබා ගත් ඇය පළමු නැම්මේ දී විශිෂ්ට ඉදිරියක් ලබාගත් අතර අවසන් මීටර 100යේ සිය උපරිමය ලබා දුන් ඇය දෙවන තේරීම් තරගය ජය ගැනීමට සමත් විය. ඇයගේ කාල ගණනය දුටු ඇයම මවිතයට පත් වූ අතර ඒ බව ඇයගේ මුහුණෙන්ම දැකගත හැකි විය.

Video – යොවුන් මීටර 400 ඉසව්වෙන් ලෝකයෙන්ම හත්වැනියා – ඩිලාන් බෝගොඩ

රැකගත හැකිනම් අනාගත ඔලිම්පික් බලාපොරොත්තුවක්.

 

1994ට පසු මීටර 200 ඉසව්වේ ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රීඩිකාවක් වාර්තා කළ තෙවන හොඳම පෞද්ගලික දක්ෂතාව මෙය වන අතර සුසන්තිකා ජයසිංහ 1994 දී තත්පර 23.18ක් වාර්තා කර ඇති අතර ආසියානු ශූරිය වූ දමයන්ති දර්ශා දෙවන හොඳම කාලය ලෙස තත්පර 23.21කින් ඉසව්ව නිමා කර තිබේ.

රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි මේ සුපිරි තරුව යොවුන් ඔලිම්පික් උළෙලේ බාලිකා මීටර 200 ඉසව්වේ දෙවන අදියර අවසන් වන විට ක්‍රීඩිකාවන් විසි දෙදෙනෙකුගෙන් නව වන ස්ථානයේ රැඳී සිටියි.

එම ඉසව්වේ පළමු අදියරේ දී ශෙලින්ඩා තත්පර 25.00ක කාලයක් වාර්තා කළ අතර සමස්ත ශ්‍රේණිගත කිරීම්වල 12 වන ස්ථානයට පත් විය. දෙවන වටයේ දී ඇයගේ අධිෂ්ඨානය වී තිබුණේ තත්පර 24.8/24.7ත් අතර කාලයක් වාර්තා කිරීමය. මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය මෙසේ අදහස් දක්වා සිටියාය.

“මට ශ්‍රී ලංකාවේ සිටින හැමෝටම කියන්න ඕනේ මම තත්පර 24.8කින් ඉසව්ව අවසන් කරනවා, ඒ තමයි මගේ ප්‍රධාන ඉලක්කය, මට තවත් අවස්ථාවක් තිබෙනවා සහ මම ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා”.

සිය වදන් යථාර්ථයක් බවට පත් කර ගත් ඇය දෙවන අදියරේ දී ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ ක්‍රීඩිකාවන් වාර්තා කළ තෙවන හොඳම පෞද්ගලික කාලය වාර්තා කිරීමට සමත් විය. 17 වියැති මේ විශේෂ ක්‍රීඩිකාවට කනිෂ්ඨ ක්‍රීඩිකාවක් ලෙස තවත් වසර දෙකක් ඉතිරිව තිබෙන අතර අනාගතයේ දී ඇය ශ්‍රී ලංකාවට ඉතා වටිනා සම්පතක් වනු නොඅනුමානය.  

බෝගොඩ හොඳම 10 දෙනා අතරට එද්දී සෙනිරු ලොව සිව්වැන්නා වෙයි

ආර්ජෙන්ටිනාවේ දී පැවැත්වෙන 3 වන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය..

ශ්‍රී ලංකාවට අමතක නොවන යොවුන් ඔලිම්පික් උළෙලකට ශෙලින්ඩා ඉස්තරම් අවසානයක් ලබා දීමට සමත් වූ අතර බාධක දිවීමේ ක්‍රීඩිකා පාරමී වසන්ති මාරිස්ටෙලා මීටර 2000 කාන්තා බාධක දිවීමේ ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ කුළුඳුල් යොවුන් ඔලිම්පික් පදක්කම දිනා ගත්තාය. රාජකීය විද්‍යාලයේ සෙනිරු අමරසිංහ උස පැනීමේ ඉසව්වේ දී මීටර 2.14ක සිය හොඳම පෞද්ගලික දක්ෂතාව වාර්තා කරන්නට සමත් වූ අතර කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ දිලාන් බෝගොඩ පිරිමි මීටර 400 ඉසව්වේ පළමු ක්‍රීඩකයින් දස දෙනා අතරට පිවිසීමට සමත් විය.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<