ට්‍රම්ප් අතින් විවෘත වුන පාළුවට ගිය ලොව විශාලතම ක්‍රීඩාංගණය

128

මුළුමහත් ලෝකයම එකවර නතර කරන්නට නව කොරෝනා හෙවත් COVID-19 වසංගතය සමත්ව ඇත. මෙම වසංගතය ලොව පුරා පැතිර යාමත් සමඟින් අප රටේ මෙන්ම ලොව පුරා සියලු රටවල ක්‍රීඩා තරග හා තරගාවලි සියල්ලක්ම පාහේ අවලංගු වූයේ දසදහස් ගණනින් පිරී ඉතිරී යන ක්‍රීඩාංගණ පවා සම්පූර්ණයෙන්ම හිස් කරමිනි. 

ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ දී ඉන්දියාවේ සංචාරයක් සඳහා එක්වූ අතර එහි දී ඔහු විසින් විවෘත කරන ලද අහමදාබාද් හි ආසන 110,000ක ආසන සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය තරම්, ගෝලීය ක්‍රීඩා විරාමයේ තරම විදහා දක්වන තවත් විශාල සංකේතයක් නොමැති ය.

මයිකල් ක්ලාක්ගෙන් ප්‍රබල චෝදනාවක්

ඩොලර් මිලියනයක ‘ඉන්දීය ප්‍රිමියර් ලීග්’ ගනුදෙනු ලබා ගැනීමේ අපේක්ෂාව ඕස්ට්‍රේලියානු…

මෙම නවතම, ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය කොරෝනා වසංගතය හේතුවෙන් හිස්ව පවතී. ලෙදර් පන්දු තණතීරුව මත ගැටෙන හඬ හා ප්‍රේක්ෂක ඝෝෂාව වෙනුවට කිසිදු තරගයක් හෝ මේ වන විට පවත්වා නොමැති එම ක්‍රීඩාංගණයේ ඇත්තේ නිශ්ශබ්දතාවක් පමණි. 

පෙබරවාරි 24 වැනිදා ජනාධිපති ට්‍රම්ප් සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මෙම ක්‍රීඩාංගණය විවෘත කිරීමේ සමාරම්භක උත්සවය සඳහා උත්කර්ෂවත් අන්දමින් දෙපැත්තේ සිටගෙන සිටිය දී එය උපරිම ධාරිතාවයෙන් පිරී තිබුණි.

ඕස්ට්‍රේලියාවේ ආසන 100,000කින් යුත් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය අභිබවා යමින් ඉදි කළ මෙම ක්‍රීඩාංගණය ලොව ධනවත්ම විස්සයි විස්ස තරගාවලිය වන, මිලියන ගණනක් සජීවීව ලෙස නරඹන ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව තිබූ බවට කටකතා ද පැතිර ගියේය.

“ජනාධිපති ට්‍රම්ප්ගේ පැමිණීම සහ වසංගතය අතර කිසිදු කාලයක් තිබුණේ නෑ” ගුජරාට් ක්‍රිකට් සංගමයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් නිර්නාමිකව AFP වෙත පවසා ඇත. මෙම වසංගතයෙන් අනතුරුව ක්‍රිකට් නැවත ආරම්භ වූ පසු ක්‍රීඩාංගණය ඉක්මනින් සූදානම් කළ හැකි බවත් ඔහු පවසා ඇත.

“ක්‍රීඩාංගණයේ 5% වැඩක් පමණක් ඉතිරිව තියනවා. එහි සුළු සුළු වැඩ කීපයක් පමණයි තියෙන්නේ.” 

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉන්දීය ප්‍රිමියර් ලීග් හි ආරම්භක දිනය මාර්තු 29 සිට අප්‍රේල් 15 දක්වා කල් දමා ඇති නමුත් ඉන්දියාවේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,000 ඉක්මවා තවමත් ඉහළ යමින් තිබිය දී එය සැලසුම් කළ පරිදි පැවැත්වීම අපහසු වී තිබේ. තරගාවලිය තවදුරටත් කල්දැමීම, අවලංගු කිරීම හෝ සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට බලධාරීන්ට තීරණය කිරීමට සිදුව ඇත. 

ඩොලර් මිලියන 100ක වියදමින් ඉදිකෙරුණු මෙම ක්‍රීඩාංගණය ප්‍රේක්ෂකයන්ට කිසිදු බාධාවකින් තොරව තරග නැරඹීමට අවස්ථාව ලබා දී ඇත. සියලු පහසුකම් සහිත මෙම ක්‍රීඩාංගණය තුල ක්‍රීඩා රැසකට පහසුකම් සලසන ක්‍රීඩා සංකීර්ණයක් ඇතුළත් වන අතර එයට ඔලිම්පික් ප්‍රමිතියට අනුව සැකසූ පිහිනුම් තටාකයක් ද ඇතුළත් ය. 

සුපිරි එංගලන්ත කඩුලු රකින්නාගේ ජර්සියට ඉහළට ඉල්ලුමක්!

ලොව පුරා වෙසෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවිත අනතුරේ හෙළමින් ශීඝ්‍රයෙන් පැතිර ……

ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වුවද දේශීය පළමු පෙළ තරග සහ සමහර ජාත්‍යන්තර ටෙස්ට් තරග බොහෝ විට හිස් ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරනු දක්නට ලැබේ.

විශාල ජනකායක් ආකර්ෂණය කර ගැනීම සඳහා සහතික විය හැකි එකම තරගාවලි වන්නේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග සහ එක්දින ජාත්‍යන්තර තරග පමණි. විටෙක එම තරග පවා ප්‍රතිවාදීන්ගේ ගුණාත්මකභාවය මත රඳා පවතී.

බිලියන 1.3ක ජනගහනයක් සිටින ඉන්දියාවට දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සත්කාරකත්වය සැපයිය හැකි ක්‍රීඩාංගණ 12කට වඩා ප්‍රමාණයක් පවතී. 

“එය රොක් ප්‍රසංග වේදිකාවක් ද නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ද කියන එක ගැන මම තවමත් කල්පනා කරනවා.” ESPNcricinfo හි ජ්‍යේෂ්ඨ කතෘ ශාරදා උග්‍රා AFP වෙත පවසා ඇත. 

“ඉන්දියාවට දැන් අවශ්‍ය වන ක්‍රීඩාංගණ පිළිබඳව යම් විශ්ලේෂණයක් සිදු වනු ඇතැයි මම බලාපොරොත්තු වුනා.” 

“වසර දෙකකට එක් ජාත්‍යන්තර තරගයක් පමණක් ක්‍රීඩා කරන යෝධ ක්‍රීඩාංගණ ඉන්දියාව සතුව තියනවා.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<