ශකිබ් නැහැ කියන්නේ ක්‍රීඩකයින් දෙන්නෙක් නැහැ වගේ – බංග්ලාදේශ නායක

106

ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසන් තම සංචිතය තුල නොසිටීම ක්‍රීඩකයින් දෙදෙනෙක් නොමැති පාඩුවට හා සමාන පාඩුවක් බව බංග්ලාදේශ ටෙස්ට් නායක මොමිනුල් හක් පවසයි.

බංග්ලාදේශය අවතක්සේරු කළ ඉන්දියාවට හොඳ පාඩමක්

බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය …….

බංග්ලාදේශය සතුව දැනට  සිටින ප්‍රබලතම ක්‍රීඩකයෙක් වන ශකීබ් අල් හසන් වෙත නොසිතූ මොහොතක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ලබා දුන් වසර දෙකක තරග තහනම නිසාවෙන් බංග්ලාදේශය මෙම ඉන්දීය තරගාවලිය සඳහා පැමිණියේ දැඩි සිත් තැවුලකින් බවට කිසිදු රහසක් නොමැත.

“අපි මේ ටෙස්ට් තරගාවලියට එන්නේ ක්‍රීඩකයින් තිදෙනෙක් නැතිව. ශකිබ් කියන්නේ අපිට ක්‍රීඩකයින් දෙදෙනෙක් නැති හා  පාඩුවක්. අපිට අහිමි වුණු අනෙක් ක්‍රීඩකයා තමයි තමිම් ඉක්බාල්.” යැයි බංග්ලාදේශ ටෙස්ට් නායක මොමිනුල් හක් ඉන්දොරේ හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට පෙර මාධ්‍ය වෙත පැවසීය. 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශකීබ් අල් හසන් වෙත ලබා දුන් වසරක අත්හිටවූ තහනමක් හා වසරක තහනමක් ඔහුට පැනවීම නිසාත් තමිම් ඉක්බාල් පුද්ගලික හේතුවක් නිසාත් මේ තරගාවලියට සහභාගී වන්නේ නොමැත. 

“මෙය අපිට ලොකු අභියෝගයක්, ඒ වගේම කණ්ඩායම ඇවිත් දස්කම් පෙන්වලා ස්ථාවර වෙන්න බලාගෙන ඉන්න ක්‍රීඩකයින්ටත් මේ ලැබුණු අවස්ථාව ඉතාමත් වටිනවා.”

“මම පිතිකරුවෙක් ලෙස කණ්ඩායමට ලොකු දෙයක් ඉටු කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. නායකත්වය යටතේ ලැබෙන ධනාත්මක පීඩනයත් මගේ පිතිකරණයට ලොකු සවියක් කරගෙන තරගාවලිය සාර්ථකව අවසන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.” යැයි වමතින් පිතිකරණයේ නිරත වන මොමිනුල් පැවසීය. 

මැක්ස්වෙල්ගේ තීරණයට කෝලිගෙන් පැසසුම්

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා තරගාවලියෙන් …….

“මේ නායකත්වයත් මම ඉතාමත් සතුටින් භාර ගන්නවා. මොකද මේක මට ලැබුණු හොඳ අවස්ථාවක්. අනික් එක ජාත්‍යන්තර ටෙස්ට් කණ්ඩායමක ටෙස්ට් ක්‍රීඩකයෙක් විශේෂයෙන් ටෙස්ට් නායකයෙක් වෙන එක ලේසි දෙයක් නෙමෙයි.  මම මේ අවස්ථාව රට වෙනුවෙන් ඉතාමත් කැමැත්තෙන් භාර ගන්නවා.”  යැයි වයස අවුරුදු 28ක් වන බංග්ලාදේශ නව ටෙස්ට් නායකයා මාධ්‍ය වෙත පැවසීය.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් වන ටෙස්ට් තරග දෙකක් මේ තරගාවලිය සඳහා ඇතුළත් අතර බංග්ලාදේශය ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ සහභාගී වන පළමු තරගය මෙයයි.

“ඉන්දියාවේ දී ඉන්දියාව එක්ක ටෙස්ට් තරග විතරක් නෙමෙයි ඕනෑම ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරන එක ඕනෑම කණ්ඩායමකට ලෙහෙසි වන්නේ නැහැ. ඒක නිසා අපේ කණ්ඩායම මේ තරගාවලියේ දී ඉන්දියාවට හොඳ සටනක් දීලා ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගැනීම වෙනුවෙන් සූදානමින් ඉන්නවා.” යැයි මොමිනුල් අවසන් ලෙස පැවසීය.

ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (14) ඉන්දොරේ හිදී ආරම්භ වූ අතර දෙරට අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය දිවා/රාත්‍රි තරගයක් ලෙස මේ මස 22 වැනිදා කොල්කටා හිදී ආරම්භ වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<