ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් නිරෝධායනයට

155

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් අතරින් කොරෝනා ආසාදිතයෙකු තහවුරු වීම නිසාවෙන් තවත් ක්‍රීඩිකාවන් 10කට ආසන්න සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

කොරෝනා ආසාදිත බව තහවුරු වූ ක්‍රීඩිකාව හැකි ඉක්මනින් ගල්කිස්සේ පිහිටි විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව ද වාර්තා වේ.

එමෙන්ම ඇය සමීපව ඇසුරු කළ අනෙකුත් ක්‍රීඩිකාවන් වැල්ලපිටියේ පිහිටි විශේෂිත ගොඩනැගිල්ලක නිරෝධායනයට යොමු කිරීමට ද කටයුතු කර තිබේ.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම සිදුවීම නිසාවෙන් ශ්‍රි ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් ඇතුළු සියලුම ක්‍රියාකාරකම් වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ද කටයුතු කර ඇති බව වාර්තා වේ.

Newscenter වෙබ් අඩවිය ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<