“මට විවේක දෙන්න ඕනේ වෙලාව ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරයි” – Shakib

3726

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක Shakib Al Hasan දකුණු අප්‍රිකානු සංචාරය සඳහා සහභාගී වන බව පවසා සිටිනවා. ඒ අනුව ඔහු ඉරිදා (13) Dhaka සිට දකුණු අප්‍රිකාව කරා පිටත්ව යෑමට නියමිතයි.

දකුණු අප්‍රිකා – බංග්ලාදේශ එක්දින තරගාවලිය මාර්තු 18 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මම බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානි Nazmul Hassan සමඟ පසුගිය දින දෙකේ කතා කළා. මම ආකෘති තුනේම තරග ක්‍රීඩා කරන්න සූදානම්”, බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් Shakib පවසා සිටියා. “ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කරයි මට විවේකයක් දෙන්නේ කොයි වේලාවේ ද කියලා. ඒ නිසා මම දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වෙනවා.”

Nazmul Hassan පවසා සිටියේ Shakibගේ ඉල්ලීම පරිදි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුව අප්‍රේල් 30 වැනිදා තෙක් තරගවලින් ඉවත් කර තැබූ බවයි. තමා ශාරීරිකව හා මානසිකව වෙහෙසට පත්ව සිටින බව ඔහු බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට දන්වා තිබුණා.

මම ඩුබායි ගියාට පස්සේ Shakib පවසා සිටියා මාත් එක්ක කතා කිරීමෙන් පසුව තමන් අවසන් තීරණය ගන්නා බව. පසුව ඔහු පවසා සිටියා ඔහුට දකුණු අප්‍රිකාවට යන්නට බැහැ කියලා”, Nazmul Hassan පවසා සිටියා. “අපි ඔහුට විවේකයක් දෙන්න තීරණය කළා. පසුව දැනට දින දෙකකට පෙර ඔහු පවසා සිටියා තමන් මානසිකව වෙහෙස වී ඇති බව. ඒක ඕනේ කෙනෙකුට වෙන්න පුළුවන්.”

ඔහුට තමන්ගේ සිත හදාගන්න අපහසුවක් තිබුණා. අපි ඔහුට මේ අමාරු අවස්ථාවේ උදව් කළා. ක්‍රිකට් පාලක මණ්ඩලය හැම වෙලාවේම ක්‍රීඩකයින් සමඟ ඉන්නවා.”

“Shakib දකුණු අප්‍රිකානු සංචාරයට සහභාගී වෙනවා. ඔහු හෙට (13) දකුණු අප්‍රිකාව කරා පිටත්ව යයි. සමහර විට ඔහුට තරගයක් මඟ හැරෙන්න පුළුවන්. ඒක වැඩිය සිතිය යුතු නැහැ. ඔහුට ක්‍රීඩා කරන්න අවශ්‍යයි. ඒක තමයි වැදගත්ම දෙය.”

පසුගිය මස අවසාන භාගයේ දී Nazmul Hassan පවසා සිටියේ Shakib හට දකුණු අප්‍රිකාවේ දී ටෙස්ට් හා එක්දින යන තරගාවලි දෙකම ක්‍රීඩා කළ යුතු යැයි තමන් පවසා සිටි බවයි. Nazmul Hassanගේ මේ ප්‍රකාශයට පෙර  Shakib බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයට පවසා තිබුණේ තමන්ට මාස 6කට වත් ටෙස්ට් පිටියෙන් ඈත්ව සිටීමට අවශ්‍ය බවයි. කෙසේ වෙතත් ක්‍රිකට් තේරීම් කමිටුව ඔහුව ටෙස්ට් හා එක්දින කණ්ඩායම් දෙකටම නම් කර තිබුණා.

දකුණු අප්‍රිකානු සංචාරය මාර්තු 18 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එම තරගාවලියට ටෙස්ට් තරග 2 ක් හා එක්දින තරග තුනක් ඇතුළත්.

Cricinfo ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<