පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක Shadab Khan හට සති හයකට ක්‍රිකට් ක්‍රීඩාව අහිමි වනු ඇතැයි වාර්තා වෙනවා. ඒ නවසීලන්තය සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය අතර ඇති වූ ආබාධයක් නිසාවෙන්. මේ පිළිබඳව පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය අද (26) නිවේදනය කළා.
Shadab මස්පිඩු ඉරී යෑමකට ලක්ව ඇතැයි වෛද්‍යවරුන් MRI පරීක්ෂණ මගින් හඳුනා ගෙන තිබෙනවා. කෙසේ වෙතත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමඟ Shadab දිගටම නවසීලන්තයේ රැඳී සිටින්නට නියමිත අතර එහි සිටම පාකිස්තාන වෛද්‍ය කාර්ය මණ්ඩලය ඔහුට ප්‍රතිකාර ආරම්භ කිරීමට නියමිතයි.
තවත් ක්‍රිකට් පුවත්:
- ලොව හොඳම T20 පිතිකරුවන් දසදෙනා අතරට ඉන්දියානුවන් දෙදෙනෙක්
- සුපිරි පිතිකරුවාගේ අපූරු නත්තල් පණිවිඩය!
- IPL තරගාවලියට තවත් කණ්ඩායම් දෙකක් ගේන්න යෝජනා
“MRI පරීක්ෂණවලින් සනාථ වුනා මේක පසුගිය මස සිම්බාබ්වේ හිදී ඇතිවූ ආබාධය නොව අලුත් ආබාධයක් කියලා” පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වෛද්‍ය Sohail Saleem පවසා සිටියා. “මේ අලුත් ආබාධය නිසා Shadabට සති හයක් ක්‍රීඩාවෙන් අයින් වෙලා ප්‍රතිකාරවලට යොමු වෙන්න වෙනවා. එහි දී ඔහුට සතියෙන් සතිය ultrasound පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. සති හය නිමා වුනාට පස්සේ වෛද්‍යවරු නැවතත් පරීක්ෂණ කරලා තීරණය කරයි ඔහුට නැවත ක්‍රීඩාවට පිවිසෙන්න පුළුවන් ද කියලා.”
පාකිස්තානය හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය හා විස්සයි විස්ස තරගාවලිය ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
Cricbuzz ඇසුරින්
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<