සුපිරි පිතිකරුවාගේ අපූරු නත්තල් පණිවිඩය!

216

ලොව පුරා විසිරී සිටින තම ආදරණීය ක්‍රීඩාලෝලී රසික රසිකාවියන් වෙනුවෙන් විශේෂ නත්තල් සුබ පැතුම් පණිවිඩයක් එකතු කිරීමට අමතක නොකළ හිටපු සුපිරි ඉන්දීය පිතිකරු Sacin Tendulkar එම සුභාසිංශන විඩියෝ පටය සඳහා පෙනී සිට තිබුණේ වෙනදාට ඔහු අප හමුවට පැමිණෙන ආකාරයට වඩා තරමක වෙනස්ම ස්වරූපයකිනි.

වයස් භේදයකින් තොරව බාල මහලු වැඩිහිටි අප කවුරුත් ආදරය කරන සුවිශේෂී චරිතයක් වන නත්තල් සීයාගේ ඇඳුම් කට්ටලයෙන් සැරසී සිය නත්තල් සුබ පැතුම් පණිවිඩය රූගතකොට තිබූ Tendulkarගේ එම Twitter පණිවිඩයට දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩාලෝලීන්ගෙන් උණුසුම් ප්‍රතිචාර හිමිව තිබෙන අයුරු දැකගන්න ලැබුණි.

“හැමදෙනාටම සුබ නත්තලක්! නත්තල කියන්නේ එකමුතු බව සහ නොමසුරු බව කියන ගුණාංගයන් අපේ ජීවිතවලට එකතු කරගැනීමේ වැදගත්කම් ඉස්මතු කරන අපූරු උත්සවයක්. ඔබට පුළුවන් අයුරින් හෝ ඔබගේ සමීපතමයන් සියලු දෙනාම අද දිනයේ දී සතුටින් තැබීමට යමක් කළ හැකි නම් එයයි සැබෑ නත්තල.”

ක්‍රීඩකයෙකු ලෙසින් ඉන්දීය කණ්ඩායම නියෝජනය කළ කාලසීමාව තුල දී තරමක නිහඬ, සාමකාමී පෞරුෂයක් ඇති අයෙකු ලෙසින් කා අතරත් ප්‍රසිද්ධ Sachin Tendulkar,  අසමසම වාර්තාවන් ගොන්නකින් වර්ණවත් වූ ක්‍රීඩා දිවියට සමුදීමෙන් අනතුරුව වෙනස්ම චරිතයක් ලෙසින් සිය ආදරණීය ප්‍රේක්ෂකයින් අතරට ගොස් සිටින්නේ සමාජ මාධ්‍ය ඔස්සේ තම අදහස් නිදහසේ ප්‍රකාශකොට සිටින අයෙකු ලෙසිනි. මෙම නත්තල් සුබ පණිවිඩය ඊට කදිම නිදසුනක් සපයන බව බොහෝ දෙනාගේ මතයයි.

තවත් ක්‍රීඩා පුවත්:

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක Virat Kohliගේ සේවය ඕස්ට්‍රේලියාවට එරෙහිව හෙට(26) දිනයේ දී ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය සඳහා නොලැබෙන නිසාවෙන් නව නායක Ajinkya Rahane හට කණ්ඩායම යලි ජයග්‍රාහී මාවතට රැගෙන ඒමේ වගකීම පැවරෙන බව Tendulkar පසුගිය දා සඳහන්කොට තිබුණි. 

ආක්‍රමණශීලී තරග සැලසුම් සහිත නායකයෙකු ලෙස ප්‍රසිද්ධ Virat Kohliගේ පුරප්පාඩුව ඊට හාත්පසින්ම වෙනස් ගුණාංගයන් ඇති Rahane කෙසේ කළමනාකරණය කරගනිවි ද යන්න මේ වන විට බොහෝ දෙනෙකුට ඇති ගැටලුවකි. ඊට පිළිතුරු ලබා දෙමින් Tendulkar සඳහන්කොට සිටියේ එකිනෙකට වෙනස් චරිත ලක්ෂණ වලින් හෙඹි ක්‍රීඩකයින් සිය නායකත්වය ගුණාංගණයන් යොදා ගන්නා අයුරු අවස්ථානුකූලව වෙනස් විය හැකි බවයි.

“Rahane මීට කලිනුත් ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබා දීලා තියෙනවා. ඔහුගේ තැන්පත, සාමකාමී ස්වභාවයෙන් කිසිම වෙලාවක කියන්නේ නැහැ ඔහු හැමතිස්සෙම එහෙමයි කියලා. අවස්ථානුකූලව ඔහුට අවශ්‍ය නම් ආක්‍රමණශීලී වෙන්න පුළුවන්. ඒකට තවත් හොඳ උදාහරණයක් තමයි Cheteshwar Pujara. ඔහුත් Rahane වගේම නිහඬ චරිතයක්. නමුත් ඔහුට අවශ්‍ය ඕනෑම වෙලාවක ඔහුගේ ක්‍රීඩා රටාව වෙනස් කරන්න පුළුවන්.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<