කලබල තත්වය මත මහා තරග කල් යයි

376

මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පවතින ඇඳිරි නීතිය හා ශ්‍රී ලංකාවේ පවතින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් පාසල් ක්‍රිකට් තරග කිහිපයක් දින නියමයක් නොමැතිව  කල්තැබීමට තීරණය වී ඇති අතර මහනුවර ප්‍රදේශයේ සියලුම රජයේ පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීම ද මේ සඳහා තවත් එක් හේතුවක් වී ඇත.

මහනුවර පාසල් රග්බි තරග නවතී

සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මහනුවර සාන්ත අන්තෝනි …

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා සාන්ත ආනා විද්‍යාලය අතර ලබන 9 හා 10 වැනිදා පැවැත්වීමට තිබූ ඇතුගල්පුර මහා සටන දෙදින පාසල් මහා ක්‍රිකට් තරගය හා ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ එහි සීමිත පන්දුවාර තරගය ද දින නියමයක් නොමැතිව කල් දැමීමට එහි සංවිධායක මණ්ඩලය තීරණය කර ඇත.

එසේම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ කන්ද උඩරට නිල් මහා සටන, මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැත්වීමට නියමිතව තිබූ සුරතලුන්ගේ මහා සටන හා මහනුවර ශ්‍රී සුමංගල විද්‍යාලය හා කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලය අතර පාසල් මහා ක්‍රිකට් තරගය ද දින නියමයක් නොමැතිව කල්ගොස් ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<