කොරෝනාවට ගේම දෙන්න වෝන් ගෙන යන සුපිරි මෙහෙයුම!

78

ලොව බිහි වූ දක්ෂතම දඟපන්දු යවන්නන්ගේ ලැයිස්තුවෙහි ඉහළින්ම වැජඹෙන පුරාවෘත්තයක් ලෙස හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් අවිවාදයෙන් හඳුන්වා දිය හැක. 

ඔහු ක්‍රීඩා පිටිය තුළ දී තරමක් දඩබ්බර චරිතයක් ලෙස අප කා අතරත් ප්‍රසිද්ධ බව නොරහසකි. නමුත් අද අප කතා කරන්නට සැරසෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ ඔහු විසින් සිදු කළ ඉතාමත් සුවිශේෂී මෙන්ම කාලීන සමාජ සත්කාරයක් පිළිබඳවයි. 

විස්සයි විස්ස ලෝක කුසලානයට මොකද වෙන්නේ?

පවතින කොරෝන වයිරස අවදානම යටතේ වුවත් ICC විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය නවත්වන්නට අදහසක්……

නව කොරෝනා වයිරසය දිනෙන් දින මිනිස් ජීවිත බිලි ගනිමින් මුළු ලොවක් භීතියට පත්කරමින් සිටින මොහොතක තම ජීවිතය රැක ගැනීම උදෙසා සටන් වදින අසරණ මිනිසුන් හට සවියක් වීමට දැනටමත් ලොව නම් දැරූ සුප්‍රසිද්ධ චරිත රැසක් එකට අත්වැල් බැඳ ගනිමින් ඒ වෙනුවෙන් ඉදිරිපත් වී සිටින බව අප පවසන්නේ ඉතාමත් සතුටෙනි. 

ෂේන් වෝන් තමන්ට අයත් පෞද්ගලික ජින් ඉස්කාගාරයක් සම්පූර්ණයෙන්ම පාහේ ඉහළ ප්‍රමිතියකින් යුත් සනීපාරක්ෂක අත්සේදුම් දියර (Sanitizer) නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බවට පරිවර්තනය කිරීමට ඉඩ ප්‍රස්තාව සලසා දී තිබෙන්නේ ඊයේ (19) දිනයේ දී එරට අගමැතිවරයා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාරයක් වශයෙනි. 

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ස් මහතා මාධ්‍ය අමතමින් එරට ආයතන හිමියන් වෙත විවෘත ආරාධනයක් කර තිබුණේ මෙම ආපදා තත්වය හමුවේ ප්‍රජාවට සහනයක් සැලසිය හැකි යම් ආකාරයක හෝ උපකාරයක් වේ නම් ඒ සඳහා නොපැකිලිව ඔවුන්ගේ දායකත්වය ලබා දෙන ලෙසයි. 

“මේ වෙලාව ඉතාමත් අභියෝගාත්මකයි. මේ අවස්ථාවේ දී අපි පුළුවන් හැම ආකාරයකින්ම අපේ සෞඛ්‍ය අංශ වලට සහය වෙන්න ඕන. මොකද ජීවිත ගොඩක් රඳා පවතින්නේ ඔවුන් අතේ. මම සතුටු වෙනවා SevenZeroEight සමාගම විදියට අපිට යම් සමාජ මෙහෙවරක් ඉටු කරන්න පුළුවන් වීම ගැන. අපි බලාපොරොත්තු වෙනවා අනෙක් සමාගමුත් මේ විදියේ දේවල් කරන්න ඉදිරියේ දී මූලිකත්වය අරන් කටයුතු කරයි කියලා.” යනුවෙන් වෝන් තම පෞද්ගලික ඉන්ස්ටග්‍රෑම් ගිණුමට සටහන් එක් කරමින් සඳහන් කර තිබුනේය.

එංගලන්ත දේශීය ක්‍රිකට් ගැන ඇන්ඩර්සන් බියෙන්

එංගලන්ත වේගපන්දු යවන්නෙකු වන ජේම්ස් ඇන්ඩර්සන් මේ දිනවල පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන්……

වෝන්ට අයත් මෙම සමාගමේ ජින් නිෂ්පාදන ක්‍රියාවලිය ඉකුත් සතියේ නතර කර දැමීමට පියවර ගනු ලැබුවේ මහා පරිමාණයෙන් නිපදවන 70%ක මධ්‍යසාරමය අත් සේදුම් දියර බටහිර ඕස්ට්‍රේලියාව පුරා විසිරී තිබෙන රෝහල් වෙත බෙදා දීමේ අරමුණෙනි. 

ඉතාමත් සද්භාවයෙන් සිදු කරන මෙම සමාජ මෙහෙවර පිළිබඳව බොහෝ දෙනා තම ප්‍රශංසාව පළකර තිබුණේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ පිළිබඳ පුළුල් ප්‍රචාරයක් ගෙන යමිනි. මෙම ගෙන යන වැඩපිළිවෙළ කෙරෙහි පැහැදුණු වෝන්ගේ එක් අනුගාමිකයෙකු මෙසේ තම සතුට පළකර තිබුණේ ඔහුගේ නිල ට්විටර් ගිණුමට පණිවිඩයක් එකතු කරමිනි. 

“ෂේන් ඇතුළු කණ්ඩායම ගෙන යන මේ ක්‍රියාන්විතය අති විශිෂ්ටයි. දැන් තමයි නියම නායකයෝ නැඟී සිටිය යුතු හොඳම අවස්ථාව. ඒ ගුණාංග ඔබෙන් අපි එදත් අදත් දකිනවා.” 

කොරෝනා වයිරසය සමඟ ගැටෙන බොහෝ රටවල මේ වන විට අත් සේදුම් දියර හිඟයක් පවතින අතර ඉල්ලුමට සරිලන සැපයුමෙහි මදිකම මීට ප්‍රධානතම හේතුව බවට පත් වීඇත. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<