ඉදිරියේ දී පැවැත්වීමට නියමිත 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී කරවන ශ්‍රී ලංකා මූලික සංචිතය තේරීම සඳහා පැවති ජාතික තේරීමේ තරග අද (24) සුගතදාස ක්‍රීඩාංගණයේ දී අවසන් විය.

ඒ අනුව ඔහු අද පැවති මීටර 100 අවසන් තරගයේ දී තත්පර 10.22ක කාලයක් වාර්තා කරමින් ඉසව්ව අවසන් කරනු ලැබුවේ මීට පෙර පැවති තත්පර 10.26ක ඔහුගේම වාර්තාව අභිබවා යමිනි.
2016 දකුණු ආසියානු තරගාවලියේ දී ඔහු දැක්වූ තත්පර 10.26ක දක්ෂතාවය මීටර 100 ඉසව්ව සඳහා දකුණු ආසියානු වාර්තාව ලෙස සටහන් වී තිබූ අතර ඒ අනුව ඔහු අද දැක්වූ මෙම දක්ෂතාවය හරහා එම දකුණු ආසියානු වාර්තාව ද අලුත් වන්නට විය. තරගාවලියේ පළමු දිනයේ දී ද විශිෂ්ට දස්කම් දක්වමින් ඔහු මූලික වටවල දී පිළිවෙළින් තත්පර 10.11ක සහ 10.12ක දක්ෂතාවයන් දක්වන්නට සමත් වුවත් එහි දී සුළඟේ සහය නීත්‍යානුකූල මට්ටමට වඩා වැඩියෙන් පැවතීම නිසා එම දක්‍ෂතාවයන් ප්‍රතිඵල සඳහා සලකා බැලුණේ නැත.
ග්‍රේෂාන් ජාතික වාර්තාවක් පිහිටුවද්දී ධාවකයෝ පිටිය උණුසුම් කරති
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට හා දකුණු ආසියානු ක්‍රීඩා උළෙල වැනි ඉදිරියට පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර…

එහි මීට පෙර පැවති මූලික වටයේ දී ඇය තත්පර 24.41ක කාලයක් වාර්තා කරගනිමින් ඉසව්ව අවසන් කරන්නට සමත්ව තිබුණත් අද පැවති අවසන් තරගයේ දී ඇයට ඒ සඳහා තත්පර 24.74ක කාලයක් වැය වූ අතර එහිදී ඇයට ප්‍රතිවාදී ක්‍රීඩිකාවන්ගෙන් කිසිඳු තරගයක් නොලැබීම එම පසුබෑමට නිසැකවම හේතු වන්නට ඇත. මේ අනුව තවමත් අවුරුදු 17ක තරම් ළාබාල වයසක පසුවුවත් ශෙලින්ඩා පසුගිය කාලය පුරාවට අඛණ්ඩව ඉහළ දක්‍ෂතා අතර රැඳෙන්නට සමත් වූ අතර ඒ අනුව ඇය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ අනාගතයට ඉතා වටිනා ආයෝජනයක් වනු නොඅනුමාන ය.
තරගාවලියේ පළමු දිනයේ දී මීටර 100 ඉසව්වේ දී සහ මීටර 200 ඉසව්වේ දී තත්පර 21.10ක කාලයක් වාර්තා කරගනිමින් ඉහළ දක්‍ෂතා අතර සිටි විනෝජ් සුරංජය අද දිනයේ දී සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට අසමත් වූ අතර ඒ අනුව ඔහුට අවසන් තරගයේ දී මීටර 200 ඉසව්ව නිම කිරීම සඳහා තත්පර 21.39ක කාලයක් ගතවිය.

එහි දී මීටර 8 සීමාව පසුකර ගිය එකම ක්‍රීඩකයා වූ ප්‍රසාද් සිය ජයග්‍රාහී දක්ෂතාවයට අමතරව මීටර 8.02ක පිම්මක් ද වාර්තා කරගන්නට සමත් විය. එහි දී මීටර 7.89ක දක්ෂතාවයක් දැක්වූ ධනුෂ්ක සඳරුවන් දෙවන ස්ථානයත්, මීටර 7.86ක දක්ෂතාවයක් දැක්වූ අමිල ජයසිරි තෙවන ස්ථානයත් දිනාගන්නට සමත් වූහ. ඒ අනුව එහි සුදුසුකම් ලබා ගැනීමේ දක්ෂතාවය ලෙස දක්වා තිබූ මීටර 7.90 අභිබවා යන්නට ප්‍රසාද් සමත් වූ අතර ධනුෂ්ක ද එයට ඉතා ආසන්නයට පැමිණීම නිසා ඔහුව ද සංචිතයට ඇතුළත් කිරීමට වැඩි ඉඩකඩක් ඇත.
නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න අතර පසුගිය වසර කිහිපය පුරාවට තිබූ තරගය හේතුවෙන් මීටර 800 කාන්තා ධාවන ඉසව්ව ඉතා තරගකාරී ඉසව්වක් වූ අතර මෙවර තරගාවලිය සඳහා තරුණ ක්‍රීඩිකා දිල්ෂි කුමාරසිංහ ද එක්වීම නිසා එම තරගය තවත් උණුසුම් වන්නට විය.
ඉතා තියුණු තරගයකින් අනතුරුව එහි පළමු ස්ථානය විශිෂ්ට ධාවනයක් දියත් කළ නිමාලි විසින් මිනිත්තු 02:02.83ක කාලයක් වාර්තා කරගනිමින් දිනාගත් අතර එහිදී මිනිත්තු 02:03.36 කාලයක් වාර්තා කරගත් එම ඉසව්වේ ජාතික වාර්තාවට හිමිකම් කියන ගයන්තිකා හට හිමිවූයේ දෙවැනි ස්ථානය යි. තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගනිමින් අත්දැකීම් බහුල නිමාලි සහ ගයන්තිකා හට හොඳ අභියෝගයක් ලබා දුන් දිල්ෂි හට එහි දී තෙවන ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
ඇය ඉසව්ව අවසන් කිරීම සඳහා ගතකළ කාලය මිනිත්තු 2:04.23ක් ලෙස සටහන් විය. ඒ අනුව මෙම ක්‍රීඩිකාවන් තිදෙනාම එම ඉසව්වේ සුදුසුකම් ලබා ගැනීමේ කාලය ලෙස දක්වා තිබූ මිනිත්තු 2:04.5ක කාලය අභිබවා යමින් සිය සුදුසුකම සපුරා ගන්නට සමත් වූහ.
මෙම තේරීමේ තරගාවලිය තුළ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතාවන් සහ නියම කර තිබූ සුදුසුකම් ලබා ගැනීමේ දක්ෂතාවන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මූලික සංචිතයක් නිර්මාණය කිරීමට නියමිත අතර අනතුරුව ඔවුන්ව කොළඹ රඳවා ගනිමින් පුහුණු කරමින් එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වෙන දෙවන ජාතික තේරීමේ තරගාවලිය සඳහා සූදානම් කිරීමට නියමිත ය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<






















