Home Sinhala සාන්ත සර්වේශස් ක්‍රීඩකයින්ට දැවැන්ත ජයක්

සාන්ත සර්වේශස් ක්‍රීඩකයින්ට දැවැන්ත ජයක්

193

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය සහ මාතර සාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන රුහුණු නිල් මහා සටන ක්‍රිකට් තරගයේ 23 වැනි එක්දින තරගය අද (08) පැවැත්වුණා.

මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් සාන්ත තෝමස් ක්‍රීඩකයින් පරදවා ලකුණු 157ක ජයක් හිමිකර ගන්නට සාන්ත සර්වේශස් ක්‍රීඩකයින් සමත් වුනා.

කාසියේ වාසිය දිනූ සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ ආරාධනාවෙන් පිටියට පිවිසි සාන්ත සර්වේශස් කණ්ඩායමේ පළමු කඩුලු 6 ලකුණු 86ක් තුළ දවා ගැනීමට සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට හැකි වුනා.

නමුත් හත්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වූ දිනුරු අබේවික්‍රම සහ කුෂාන් විජේරාම ලකුණු 92ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට සමත් වූ අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ දිනුරු ලකුණු 68ක් ලබා ගනිද්දී, කුෂාන් විජේරාම ලකුණු 58ක් ලබා ගනිමින් සාන්ත සර්වේශස් ඉනිම ශක්තිමත් කළා.

සාන්ත තෝමස් ක්‍රීඩකයින්ගේ දුර්වල පන්දු යැවීම හිමි වූ අතිරේක ලකුණු 32 සමඟ පන්දුවාර 49.3ක් අවසානයේ 221ක් ලබා ගැනීමට සමත් වුනා. පන්දු යැවීමේ දී පෙසන්ඳු සජාන් ලකුණු 39ට කඩුලු 4ක් සහ ලෝශිත ඩික්සිත් කඩුලු තුනක් දවා ගත්තා.

ලකුණු 222ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි සාන්ත තෝමස් ක්‍රීඩකයින්ට පන්දුවාර 27.4ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 64ක් පමණයි.

අගනා පන්දු යැවීමක නිරත වූ විරාන් චමුදිත ලකුණු 14කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වූ අතර තිසාන් දෙව්මිත් ලකුණු 6කට කඩුලු දෙකක් දවා ගත්තා.

ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 157ක දැවැන්ත ජයක් ලබා ගනිමින් එක්දින මහා ක්‍රිකට් තරගයේ ආධිපත්‍ය සියතට ගැනීමට සාන්ත සර්වේශස් ක්‍රීඩකයින්ට හැකි වුනා.

  • තරගයේ වීරයා – විරාන් චමුදිත (සාන්ත සර්වේශස් විද්‍යාලය)

Result


St. Thomas’ College Matara
64/10 (27.4)

St. Servatius’ College
221/10 (49.3)

Batsmen R B 4s 6s SR
Denuwan Pramod c Ochintha Chamika b Bhanuka Insamal 2 10 0 0 20.00
Mithila Charles c Abdul Maajid b Navija De Seram 32 76 4 0 42.11
Chamarindu Nethsara c Abdul Maajid b Loshitha Diksith 0 6 0 0 0.00
Chiran Nethatharu c Abdul Maajid b Loshitha Diksith 5 12 0 0 41.67
Vishwa Supun c Ochintha Chamika b Loshitha Diksith 8 12 1 0 66.67
Diniru Abeywickramasinghe b Pesandu Sanjan 64 81 3 0 79.01
Kushan Wijerama b Pesandu Sanjan 58 65 4 0 89.23
Tharush Damindu st Abdul Maajid b Pesandu Sanjan 1 5 0 0 20.00
Viran Chamuditha b Pesandu Sanjan 2 5 0 0 40.00
Thisan Dewmith run out (Sanju Dilshan) 6 14 0 0 42.86
Chathum Bimsara not out 11 13 1 0 84.62


Extras 32 (b 2 , lb 4 , nb 1, w 25, pen 0)
Total 221/10 (49.3 Overs, RR: 4.46)
Bowling O M R W Econ
Bhanuka Insamal 7 0 37 1 5.29
Loshitha Diksith 9.3 1 38 3 4.09
Sanju Dilshan 3 0 21 0 7.00
Navija De Seram 10 0 33 1 3.30
Pesandu Sanjan 10 1 39 4 3.90
Manuga Yonal 7 0 26 0 3.71
Senura Perera 3 0 21 0 7.00


Batsmen R B 4s 6s SR
Abdul Maajid lbw b Viran Chamuditha 9 8 2 0 112.50
Ochintha Chamika lbw b Viran Chamuditha 4 12 0 0 33.33
Shashindu Jayasekara st Chamarindu Nethsara b Viran Chamuditha 0 3 0 0 0.00
Loshitha Diksith c Thisan Dewmith b Viran Chamuditha 0 5 0 0 0.00
Pesandu Sanjan c Thisan Dewmith b Viran Chamuditha 12 27 2 0 44.44
Jimuth Iddamalgoda b Thisan Dewmith 10 46 0 0 21.74
Sanju Dilshan c Viran Chamuditha b Chiran Nethatharu 7 23 1 0 30.43
Senura Perera lbw b Kushan Wijerama 3 8 0 0 37.50
Navija De Seram c Chamarindu Nethsara b Chathum Bimsara 7 24 0 0 29.17
Manuga Yonal lbw b Thisan Dewmith 3 10 0 0 30.00
Bhanuka Insamal not out 0 0 0 0 0.00


Extras 9 (b 2 , lb 1 , nb 0, w 6, pen 0)
Total 64/10 (27.4 Overs, RR: 2.31)
Bowling O M R W Econ
Tharush Damindu 5 1 18 0 3.60
Viran Chamuditha 10 2 14 5 1.40
Kushan Wijerama 5 0 12 1 2.40
Chiran Nethatharu 3 0 8 1 2.67
Thisan Dewmith 3.4 0 6 2 1.76
Chathum Bimsara 1 0 3 1 3.00



දිනෙන් දින උණුසුම් වන පාසල් මහා ක්‍රිකට් තරග පිටියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<