නිදහස් කුසලානයේ අවසන් පූර්ව තරගයන් තීන්දුයි

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

134

දේශීය පාපන්දු පිටියෙහි නවතම තරගාවලිය ලෙස ජනවාරි මස 25 වැනිදා ආරම්භ වූ නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අවසන් පූර්ව වටයේ තරග කාලසටහන පාපන්දු සම්මේලනය විසින් නිකුත් කර තිබුණා.

සති හතක් පුරාවට ඉතා උණුසුම් ලෙස පැවති මෙම තරගාවලියේ මුල් ස්ථාන 4 තහවුරු කරගනිමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට සබරගමුව, නැගෙනහිර, උතුර සහ දකුණු පළාත් කණ්ඩායම් සමත් වුනා.

අවසන් පූර්ව වටයේ දී අදියර දෙකක් යටතේ තරග හතරක් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර එම වටය එළඹෙන සිකුරාදා (25) ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අවසන් පූර්ව වටයේ පළමු අදියරේ දී සබරගමු ක්‍රීඩකයින් දකුණු පළාත සමඟින් තරග වැදීමට නියමිතව ඇති අතර උතුරු ක්‍රීඩකයින්ට අවසන් පූර්ව වටයේ දී මුණගැසෙන්නේ නැගෙනහිර පළාත් කණ්ඩායමයි.

අවසන් පූර්ව වටයේ තරග කාලසටහන, 

  • පළමු අදියර
  • පෙබරවාරි මස 25 – දකුණු පළාත සහ සබරගමු පළාත – සවස 3.30 – ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ දී.
  • පෙබරවාරි මස 26 – උතුරු පළාත සහ නැගෙනහිර පළාත – සවස 3.30 – යාපනය Durayappa ක්‍රීඩාංගණයේ දී.
  • දෙවැනි අදියර
  • මාර්තු මස 01 – උතුරු පළාත සහ නැගෙනහිර පළාත – සවස 3.30 – අග්නිදිග විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී.
  • මාර්තු මස 02 – සබරගමු පළාත සහ දකුණු පළාත – සවස 3.30 – රත්නපුර සීවලි ක්‍රීඩාංගණයේ දී.

තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු මස 05 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර එහි ක්‍රීඩාංගණය සහ වේලාවන් පිළිබඳව පාපන්දු සම්මේලනය විසින් තවමත් නිවේදනය කර නොමැත.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ සියලුම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, අප සමඟම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<