එංගලන්තය පසු කරමින් ඉන්දියාව අංක එකට!

1614
indianexpress

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය 3-0ක් ලෙස ජය ගත් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ICC විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ එංගලන්තය දෙවැනි ස්ථානයට ඇද දමමිනුයි. පකිස්තානය, නවසීලන්තය හා දකුණු අප්‍රිකාව පිළිවෙළින් 3, 4, 5 ස්ථානවල රැඳී සිටිනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවති විස්සයි විස්ස තරගාවලිය 4-1ක් ලෙස ජය ගත් ඕස්ට්‍රේලියාව 6 වැනි ස්ථානයේ රැඳී සිටිනවා. මේ අතර ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය 9 වැනි ස්ථානයේ සමව රැඳී සිටීම විශේෂත්වයක්.

ඉන්දියාවට එරෙහිව 3-0ක් ලෙස පරාජය වුනත්, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 7 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ඇෆ්ගනිස්ථානය 8 වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

ඉන්දියාව හා එංගලන්තය මේ වන විට Ratings ප්‍රසාද ලකුණු සමව සිටින අතර ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය ජය ගතහොත් ඉන්දියාවට එංගලන්තය සමඟ ලකුණු පරතරය වැඩි කර ගැනීමට හැකියාව පවතිනවා.

espncricinfo ඇසුරෙන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<