ජිමී ඇඩම්ස්, ශිව්නරීන් චන්ද්‍රපෝල්ට ලියයි

529

ICC විශිෂ්ටයන්ගේ සමාජයට (Hall of fame) ඇතුළත් වීම ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ සිහිනයකි. එහෙත් සිහිනය සැබෑවන්නේ ඉතාමත් සීමිත පිරිසකගේ ය.

2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි උණුසුම අතරතුර ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකුට විශිෂ්ටයන්ගේ නිල වටිනාකම ලැබිණි.

සුපිරි පාකිස්තාන පා දඟපන්දු යවන්නෙකු වූ අබ්දුල් කදීර්, සුපිරි බටහිර ඉන්දීය කොදෙව් පිතිකරුවෙකු වූ ශිව්නරීන් චන්ද්‍රපෝල් සහ සුපිරි එංගලන්ත ක්‍රිකට් නායිකාවක වූ චාලට් එඩ්වර්ඩ්ස් ඒ තිදෙනායි.

ඉන් වැඩි වශයෙන් කතාබහට ලක්වූ පිතිකරුවා ශිව්නරීන් චන්ද්‍රපෝල් ය. ICC විශිෂ්ටයන්ගේ සමාජයට ඇතුළත් වූ 107 වැන්නා ඔහුයි. වසර 21ක බැබළෙන ක්‍රිකට් දිවියක හිමිකරු වූ චන්ද්‍රපෝල් ජාත්‍යන්තර ලකුණු 20,988ක් වාර්තා කළේය.

විශිෂ්ටයන්ගේ සමාජයට නිල වශයෙන් ඇතුළත් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ සමීපතමයන් විසින් ලිපි ලිවීම සම්ප්‍රදායකි.

ජිමී ඇඩම්ස් කලක් ඔහු සමඟින් ක්‍රීඩා කළ කණ්ඩායම් සගයෙකු මෙන්ම හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් නායකයෙකි. ICC විශිෂ්ටයන්ගේ සමාජයට ඇතුළත් වූ චන්ද්‍රපෝල් හට ඔහුගේ ආදී මිතුරු ජිමී ඇඩම්ස් යැවූ ලිපියෙහි සිංහල අනුවාදය ඔබට ඉදිරිපත් කිරීමටයි මේ වෑයම.

ශිව්ට,

කලක් ශ්‍රේෂ්ඨ පිතිකරණ සගයෙකු වූ ගයානා හි සිට පැමිණි 19 හැවිරිදි අයෙකු, කාමර සගයෙකු, මිතුරෙකු සහ මේ වන විට ICC විශිෂ්ටයන්ගේ සමාජයේ සාමාජිකයෙකු සමඟින් එකම කාමරය බෙදා ගැනීමට මට අවස්ථාව ලැබී දශක තුනක් ගෙවී ගොස් ඇත.

බටහිර ඉන්දීය සහ ගෝලීය ක්‍රිකට් වෙනුවෙන් ඔබ කළ සියළු දෙය වෙනුවෙන් ඔබව අගය කිරීමට ලක්වීම ගැන මම උද්දාමයට පත්වී සිටිමි. තමන්ගේ ශිල්පය වෙනුවෙන් වඩා වෙහෙසට පත්වී වැඩ කළ වෙනත් අයෙකු මට කිසිදා හමුවී ඇති බවට මට සහතිකයක් නැත, කණ්ඩායමේ වාසනාව පවා අභියෝගවලට මුහුණ දෙද්දී ඔබ වඩ වඩාත් හොඳ වූ බවට, ඔබ කළ කර්තව්‍යයන් සහ ඔබේ කැපකිරීම් වලට එය සහතිකයකි.

ඔබේ නම පළමු වරට ඇසුණු දිනය මට තාමත් මතක ය. ගයානා වලින් පැමිණෙන, පැන්සලක් මෙන් හීනි, ශක්තිමත්ම කෙනා නොවුණු එහෙත් කිසිවෙකුටවත් දවා ගන්නට නොහැකි මේ යොවුන් දරුවා ගැන අපට කියනු ලැබිණි.

යෞවනයෙකු ලෙස 1994 එංගලන්ත ටෙස්ට් තරගය සඳහා ඔවුන් ඔබව තෝරා ගත් විට, මගේ ද ඇතුළුව ඇහිබැමි එසවිණි. ඔබ ක්‍රීඩා කරනයුරු මා කිසිදිනෙක දැක නොතිබූ අතර ඔබ පෝලිම පැන ඇති බවක් හැඟුණි. දශක දෙකක් සහ ටෙස්ට් ලකුණු 10,000කට පසු, තේරීම් කමිටු සාමාජිකයන් ඒ මොහොතේ ගත් තීරණය නිවැරදි බව කීම සාධාරණ ය.

එම තරගාවලියේ සිට මගේ ක්‍රීඩා දිවියේ බොහෝ කාලයක දී අප දෙදෙනා කාමර සගයන්ව සිට ඇති අතර, කාලයත් සමඟ ගොඩනැගුණු විශ්වාසය මත ඔබ මා හට ජීවිතය සහ ක්‍රීඩාව යන දෙකම ගැන බොහෝ දෑ උගන්වා ඇති බව පැවසීම සාධාරණ ය.

මා සිතන්නේ විශාලම ඉගැන්වීම වූයේ නිදහසට කරුණු නොකීම යි. ඔබ ඉහළටම නැගුණු ආකාරය සහ ඔබ මුහුණ දුන් අභියෝග නොතකා එහි (ඉහළ) ඔබ සිටි තරම් කාලයක් එහි සිටීම දෙස මම බලමි. අපහසු පරිසරයන් තුළින් පැමිණෙන දරුවන්ට ඕනෑම දෙයක්, ශ්‍රේෂ්ඨත්වයක් ලද හැකිය යන්නට ඔබ සලකුණකි. “ශිව්ට එය කළ හැකි වූවා නම් අපටත් එය කළ හැකි”යැයි ඔබව ආදර්ශයක් ලෙස තබාගෙන සිටින බොහෝ නවකයන්ට මම කතා කොට ඇත්තෙමි.

යම් කෙනෙකු වීමට ඇති හැකියාවන් ගැන මම ඔබව උදාහරණයක් ලෙස තබා ගනිමි. යම් දරුවෙකුට කැමැත්තත් උත්සාහයත් ඇත්නම් ඔහු හෝ ඇයව කිසිදිනෙක අත් නොහරින්න යන කරුණට ඔබ මාගේ මනස විවෘත කළෙහි ය. ඔබ දක්ෂයෙකු බව අපි සියලු දෙනාම දන්නෙමු. එහෙත් ඔබ වසර විස්සක් තුළ ටෙස්ට් ලකුණු 10,000ක් ලබාගන්නා බව කියා තිබුණි නම්…එය සිදු වූයේ ඔබට වෙනස් වූ නිසා සහ වෙනස් වෙමින් තම කාර්යයෙහි නියැලුණු බැවිනි.

ඔබ බාධකයක් වෙත දිවගියේ නම්, ඔබ උදව් ඉල්ලා ගොඩනැගෙන්නෙහිය. කිසිවෙකු ඔබ ගැන නරක ආකල්පයකින් පසු නොවූයේය, එය ඔබ විසින් රැගෙන ආ, ඔබ ඕනෑම තැනකට රැගෙන යන දෙයකි. පසුගිය වසර 30 තුළ දී ඔබ ගොඩනැගුණු ආකාරයත්, පරිණාමය වූ ආකාරයත් නැරඹීමේ දී මවිසින් මාගේ ශක්තිය කොයි වේලාවේ දී, කොයි තැන දී ආයෝජනය කළ යුතු ද යන්න ගැන මාගේ ජීවන දර්ශනය ශක්තිමත් විය. නැවතත්, මෙම පාඩම් ගැන මම සත්‍ය වශයෙන්ම කෘතගුණවේදී වෙමි.

ඔබේ අංක ඇඟ කිලිපොළා යන සුළු ය. බොහෝ දෙනා ඒ ගැන අවධානය යොමු කරනු ඇත. එහෙත් මාත් සමඟින් අනුනාද කරන්නේ, ප්‍රථමයෙන්ම ජාත්‍යන්තර වේදිකාවට නැගීමට මා හට කෙතරම් වෙහෙසක් දරන්නට සිදු වුනි ද, දෙවනුව, වසර 10ක් එතුළ රැඳී සිටීමට මා හට කෙතරම් දෑ අවශ්‍ය වුනි ද යන්නයි. ඔබ විසින් එය විසි වසරක් කර ඇත! ඒ උත්සාහයත් කැපවීමත් මාගේ මනස අවුල් කරන්නේ ය.

ඔබ විසින් ගොඩනැගූ උරුමය කෙතරම් ශ්‍රේෂ්ඨ දැයි මැනීම අපහසු ය. ඔබ ආරම්භ කළේ දිනන කණ්ඩායමකිනි, කණ්ඩායමේ බර අඩුවෙමින් තිබිය දී ඔබේ පෞද්ගලික කැපකිරීම්  බ්‍රයන් ලාරා සමඟින් වඩාත් ශ්‍රේෂ්ඨ විය. එය ඔබ  ප්‍රමාණවත් පරිදි මහන්සි වී වැඩකරන්නේ නම් ඔබට ඕනෑම කණ්ඩායමක වාසනාව ඉක්මවා නැගී සිටිය හැකිය යන්න යළි මතක් කරන්නකි. සාර්ථක කණ්ඩායමක ප්‍රීතිඝෝෂා වල නැගී ගමන් කිරීම පහසු ය. එහෙත් ඔබ, කණ්ඩායම අරගල කරද්දීත්, නොසිතිය හැකි මට්ටමේ ඉහළ තත්වයක් පවත්වා ගෙන යෑමට සමත් විය.

ජිමී ඇඩම්ස් (මැද), ශිවනරීන් චන්ද්‍රපෝල් (වමේ) සහ රිඩ්ලි ජෙකබ්ස් (දකුණේ) ක්‍රීඩා කරන සමයේ දී

ඔබේ ක්‍රිකට් පරිණත වීම පමණක් නොව, ඔබ පුද්ගලයෙකු වශයෙන් පරිණත වීම ද නැරඹීමට පුදුම කරවන්නකි. ලැජ්ජාශීලී අන්තරාවර්ත යෞවනයෙකුගේ සිට ඔබ කණ්ඩායමේ නායකයා වීම දක්වා ගොඩනැගුණේ ය. අනෙක් බොහෝ දෙනා ක්‍රීඩා පිටිය මත ලබන සාර්ථකත්වයෙන් තම අඩුලුහුඬුකම් සහ කඩාවැටීම් සඟවා ගැනීමට තෝරාගනිද්දී, ඔබ තරුණ වයසක සිටම ඔබේ දුර්වලකම් හා සටන්වැද ඔබේ පෞද්ගලික දියුණුව ගොඩනගා ගැනීමට අවශ්‍ය කාලය ආයෝජනය කළේය. ඒ පරිණාමනය සමීපයක සිට නරඹන්නට ලැබීම සත්‍ය වශයෙන්ම උත්තේජකයකි.

ඔබට වසර ගණනාවක් පුරා මතකයේ පවතින ඉනිම් බොහොමයක් ඇත, ඉන් එකක් තෝරාගන්නට වුවහොත් මා දුෂ්කරතාවයකට පත්වනු ඇත. මට එකක් අනෙක්වාට වඩා ඉහළින් කැපී පෙනේ. කෙසේ වෙතත්, මා හට ශ්‍රේෂ්ඨතම දෙය සරලවම, වසර 20ක් පුරා මේසයේ වාඩිවී සිටීමයි.

එය පවසන අතරතුරම, මට එකක් තෝරාගන්නට වුවහොත්, ඔබේ නිජබිම වන ගයානා හිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පන්දු 69කින් වාර්තා කළ ශතකය ගැන සඳහන් නොකර සිටීම නම් කළ නොහැකිය. ඒ වන විට මා කණ්ඩායමේ නොසිටියත් එක්සත් රාජධානියේ මැදිරියක සිට එය සම්පූර්ණයෙන් නැරඹුවෙමි. එය මා හා අනුනාද කරන්නේ සරලවම ලෝකය සහ ඔබ, ඔබේ ක්‍රීඩාවට ලබා දී තිබුනාටත් වඩා තවත් බොහෝ ඉඩකඩ තිබූ බවට එය සහතිකයක් වන බැවිනි.

ඔබ වසර 20ක් පුරාවට ජාත්‍යන්තර ක්‍රිකට් වලට කළ දෑ ගැන මම ගරුසරු දක්වමි. එය කෙතරම් අපහසු දැයි මිනිසුන් කිසිදාක තේරුම් නොගනු ඇත. පිතිකරණ සගයෙකු ලෙස ඔබ, අප සියලු දෙනාටම එය පහසු කළෙහිය. මට, මගේ අනෙක් අන්තයේ පර්වතයක් සිටින බව දැන සිටීම විශාල පීඩනයක් සැහැල්ලු කළ අතර මගේ ක්‍රීඩාව ගැන සම්පූර්ණ අවධානය යොමුකිරීමට ඉඩ ලබා දුන්නේ ය. ඔබත් සමඟින් පිතිකරණයේ යෙදෙන්නට ලැබුණු තවත් බොහෝ දෙනා මෙසේ පවසනු ඇති බව මට සහතික ය.

මෙම සම්මානය, ඔබ පළමු දිනයේ සිට සිදු කළ සියල1 කැපකිරීම් වලට සාධාරණත්වය ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. මෙම සම්මානය ඔබට පමණක් නොවන බව මම දනිමි. ඔබේ පවුල, මුල් කාලයේ දී ඔබට ඕනෑම වේලාවක දී පැය ගණන් පන්දු යැවීමට කැමැත්තෙන් සිටි පියා සහ මාමාවරුන් ගැන මම සිතමි. මෙම සම්මානයෙන් කොටසක් ඔවුන් සහ ඔබගේ අනෙකුත් පවුලේ සගයන්ව ද අගය කරන බව අවිවාදිත ය.

මා කතා කරන්නේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් වලට පමණක් නොව, ලෝක ක්‍රිකට් වලටත් ඔබ විසින් ලබා දුන් මහත් දායකත්වය ගැන ඔබ නිල වශයෙන් අගය කිරීමකට ලක්වූ බව ගැන සතුටින් සිටින, ක්‍රීඩාවේ විශාල ප්‍රේක්ෂක පිරිසක් වෙනුවෙන් බව දනිමි.

නියමයි මගේ මිත්‍රයා,

ජිමී.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<