Major League පිටියට ශතක වැස්සක්

708

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ තරග අද (16) අවසාන වූවද එකම තරගයකින් හෝ ජයග්‍රහණ වාර්තා නොවෙද්දී දිනයේ දී ශතක 5ක් වාර්තා වීම කැපී පෙනුණි.

රාගම ක්‍රිකට් කණ්ඩායමේ ඉෂාන් ජයරත්න සහ ආක්ෂු ප්‍රනාන්දු මුවර්ස් ක්‍රීඩකයන්ට එරෙහිව ද, මීගමුව ක්‍රිකට් සමාජයේ අශේන් සිල්වා සී. සී. සී. ක්‍රීඩකයන්ට එරෙහිව ද, ටැමිල් යූනියන් කණ්ඩායමේ නායක තරංග පරණවිතාන යුද හමුදා ක්‍රීඩකයන්ට එරෙහිව ද සහ කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායමේ විශාද් රන්දික එස්. එස්. සී. ක්‍රීඩකයන්ට එරෙහිව ද මෙසේ ශතක ලබා ගත්හ.

සුපේෂල සහ ලහිරු පිත්තෙන් වැඩපෙන්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ Major League ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ දෙවැනි දිනයේ (15) කැපී පෙනෙන පිතිකරුවන් බවට පත් වීමට..

රාගම ක්‍රිකට් සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර තරගය

මුවර්ස් පිටියේ පැවැත්වෙන මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට රාගම ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් මුවර්ස් කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 337ක් ලබා ගත් අතර රාගම ක්‍රිකට් සමාජය ඊට පිළිතුරු ලෙසින් පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 497ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවූහ.

ලකුණු 160ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 269ක් ලබා සිටියහ.

>>Photos : Ragama CC vs Moors SC | Major League Tier A Tournament 2018/19<<

එම ඉනිමේ කැපී පෙනෙන පිතිකරු වූයේ නායක ඉරෝෂ් සමරසූරිය ය. ඔහු පන්දු 119කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තේ ය. ඊට අමතරව චරිත කුමාරසිංහ සහ අනුක් ප්‍රනාන්දු ලකුණු 45ක් බැගින් ලබා ගත්හ.  

දිනයේ කැපී පෙනෙන රාගම ක්‍රීඩකයා වූයේ ඉෂාන් ජයරත්න ය. ඔහු පන්දු 150කට මුහුණ දී හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 123ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව පෙර දිනයේ ආබාධිත තත්ත්වයේ සිටි ආක්ෂු ප්‍රනාන්දු නැවත පිටියට පිවිසෙමින් පන්දු 186කට හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 102ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දනෝෂ් රනෝදිත් ලකුණු 171කට කඩුලු 4ක් දවා ගනිද්දී, තරිඳු කෞෂල්‍ය ද කඩුලු 2ක් දවා ගත්තේ ය.  

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 337 (84.2) චරිත කුමාරසිංහ 102, ඉරෝෂ් සමරසූරිය 60, පබසර වඩුගේ 25, අදීශ තිලාංචන 40, කෙෂාන් විජේරත්න 26, ශිරාන් ප්‍රනාන්දු 40, ඉෂාන් ජයරත්න 2/54, මොහොමඩ් අලි 3/73, අමිල අපොන්සු 3/117, කල්හාර සේනාරත්න 2/49

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 497 (125.1) දිනෙත් තිමෝද්‍ය 45, සමින්ද ප්‍රනාන්දු 42, සුපේෂල ජයතිලක 114, ආක්ෂු ප්‍රනාන්දු නොදැවී 102, ඉෂාන් ජයරත්න 123, අමිල අපොන්සු 33, තරිඳු  කෞෂල්‍ය 2/104, දනෝෂ් රනෝදිත් 4/171

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 269 (52) චරිත කුමාරසිංහ 45, ඉරෝෂ් සමරසූරිය 87 -119-7 පබසර වඩුගේ 38, රමේෂ් මෙන්ඩිස් 40, අනුක් ප්‍රනාන්දු 45, අමිල අපොන්සු 2/59, කල්හාර සේනාරත්න 2/91

ආසියාවේ නැගීඑන ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට

ආසියානු රටවල නැගී එන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති එක්දින තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (15) සමත් වූහ. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට්…

එස්. එස්. සී. කණ්ඩායම සහ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 365ක් ලබා ගත්හ. එස්. එස්. සී. ක්‍රීඩකයන්ට තම පළමු ඉනිම වෙනුවෙන් රැස් කර ගත හැකි වූයේ ලකුණු 285ක් පමණි.

ලකුණු 80ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට පිටියට පිවිසි කෝල්ට්ස් ක්‍රිකට් කණ්ඩායම තරගය අවසන් වෙන විට කඩුලු 8ක් දැවී ලකුණු 300ක් ලබා සිටියහ.

එම ඉනිම වෙනුවෙන් විශාද් රන්දික පන්දු 110කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය.

ඊට අමතරව සංගීත් කුරේ අර්ධ ශතක ලබා ගත්තේ ය. කඩුලු ලබා ගැනීමේ දී සචිත්‍ර සේනානායක සහ තරිඳු රත්නායක කඩුලු 3 බැගින් දවා ගනිමින් දක්ෂතා දැක්වූහ.  

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 365(108.1) සංගීත් කුරේ 119, හෂාන් දුමිඳු 119, ප්‍රියමාල් පෙරේරා 51, කවිශ්ක අංජුල 34, තරිඳු රත්නාය 99/3 සචිත්‍ර සේනානායක 7/88

එස්. එස්. සී. කණ්ඩායම ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 285 (81.2) කෞෂාල් සිල්වා 45, කවිඳු කුලසේකර 43, ක්‍රිශාන් සංජුල 22, චාමර කපුගෙදර 69, සචිත්‍ර සේනානායක නොදැවී 34, කසුන් මධුශංක 25, රොහාන් සංජය 4/64, මහීෂ තීක්ෂණ 5/76

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 300 (68) සංගීත් කුරේ 58, හෂාන් දුමිඳු 34, විශාද් රන්දික 104, ප්‍රියමාල් පෙරේරා 44, මහීෂ තීක්ෂණ 24, තරිඳු රත්නායක 3/115, සචිත්‍ර සේනානායක 3/55

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය

කොළඹ පී. සරා ඕවල් පිටියේ පැවැත් මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරිමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වෙති.

පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා කණ්ඩායම තම පළමු ඉනිමට ලකුණු 386ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 481ක් ලබා ගනිමින් ඉනිම අත්හිටවූහ.   

එම ඉනිම වෙනුවෙන් අද දිනයේ දී නායක තරංග පරණවිතාන පන්දු 196කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 124ක් ලබා ගත්තේ ය.   

ඊට අමතරව සචිත්‍ර සේරසිංහ පන්දු 122කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 71ක් ලබා ගත්තේ ය.  ඉනිම අත්හිටුවන විට මනෝජ් සරත්චන්ද්‍ර පන්දු 69කට මුහුණ දී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා සිටියේ ය.

ලකුණු 95ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ යුද හමුදා ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 66ක් ලබා සිටියේ ය.

යුද හමුදා ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 386 (128) ලක්ෂිත මධුශාන් 36, අශාන් රන්දික 53, දුශාන් විමුක්ති 50, ඩිල්ශාන් ද සොයිසා 51, සංජික රිද්ම 64, යසෝද මෙන්ඩිස් 55, ලක්ෂාන් මධුශංක නොදැවී 30, සචිත්‍ර සේරසිංහ 2/65, සදීෂ් පතිරණගේ 2/75, ලහිරු මිලන්ත 4/33

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 481 (115.5) සිතාර ගිම්හාන් 93, ලහිරු මිලන්ත 103, තරංග පරණවිතාන 124, සචිත්‍ර සේරසිංහ 97, කිත්රුවන් විතානගේ 29, මනෝජ් සරත්චන්ද්‍ර නොදැවී 50,  ලක්ෂාන් මධුශංක 2/112

යුද හමුදා ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 66 (22) ඩිල්ශාන් ද සොයිසා නොදැවී 23, බොබී ප්‍රනාන්දු 2/17

ලේතම්ගේ නොදැවුණු ශතකයෙන් ශ්‍රී ලංකා පළමු ඉනිම අභිබවා යයි

ඊයේ (15) දිනයේ දී ආරම්භ වූ ශ්‍රී ලංකා නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය අද (16) දෙවන දිනය සඳහාත් ක්‍රියාත්මක වූ අතර තරගයේ දෙවන දිනය…

එන්. සී. සී. කණ්ඩායම සහ හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 321ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 193ක් පමණි.

ලකුණු 128ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඇරඹූ එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 5ක් දැවී ලකුණු 241ක් වෙද්දී ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. එම ඉනිම වෙනුවෙන් ලහිරු උදාර, උපුල් තරංග සහ චතුරංග ද සිල්වා  විසින් අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක්වීම කැපී පෙණුණි.

ජයග්‍රහණය සඳහා ලකුණු 370ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි මේරියන්ස් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 315ක් පමණි. එම ඉනිම වෙනුවෙන් ද අර්ධ ශතක තුනක් වාර්තා විය. ඒ තික්ෂිල ද සිල්වා, ඔසඳ ප්‍රනාන්දු, රයිපි ගෝමස් සහ නිමේෂ් විමුක්ති ය.

කඩුලු ලබා ගැනීමේ දී චතුරංග ද සිල්වා ලකුණු  95කට කඩුලු 5ක් දවා ගත්තේ ය.

එන්. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (86.4) ලහිරු උදාර 66, පැතුම් නිශ්ශංක 77, චතුරංග ද සිල්වා 48, මාලිංග අමරසිංහ 21, සාරංග රාජගුරු නොදැවී 23, සචින්ත පීරිස් 29, චතුරංග ඩිල්ශාන් 4/88, සාගර් පරේෂ් 4/74

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 193 (62.5) නිසල් ෆ්‍රැන්සිස්කෝ 28, ඔසඳ ප්‍රනාන්දු 26, හර්ෂ කුරේ 48, ඩීලේශ් ගුණරත්න 5/52, චතුරංග ද සිල්වා 2/53, නිශාන් පීරිස් 2/26

එන්. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 241 (42) ලහිරු උදාර 85, පැතුම නිශ්ශංක 27, උපුල් තරංග 66, චතුරංග ද සිල්වා නොදැවී 52, සාගර් පරේෂ් 2/59, චතුරංග ඩිල්ශාන් 2/48

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 315 (68) තික්ෂිල ද සිල්වා 52, ඔසඳ ප්‍රනාන්දු 67, රයිපි ගෝමස් 68, නිමේෂ් විමුක්ති නොදැවී 79, චතුරංග ද සිල්වා 5/95, සාරංග රාජගුරු 2/111

සී. සී. සී. කණ්ඩායම සහ මීගමුව ක්‍රිකට් සමාජය අතර තරගය

කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වෙති.

සී. සී. සී. ක්‍රීඩකයෝ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 383ක් ලබා ගත් අතර ප්‍රතිවාදී මීගමු ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 316ක් පමණි.

මීගමු ඉනිම වෙනුවෙන් අශේන් සිල්වා පන්දු 266කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක ඇන්ජලෝ ජයසිංහ පන්දු 217කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තේ ය.

>>Photos: CCC vs Negombo CC | Major League Tier A Tournament 2018/19<<

කඩුලු ලබා ගැනීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 90කට කඩුලු 5ක් දවා ගත්තේ ය. ඊට අමතරව ලහිරු ගමගේ සහ ඩිල්ශාන් මුණවීර කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 67ක් තමන් සන්තකයේ තබා ගනිමින් දෙවැනි ඉනිම ඇරඹූ සී. සී. සී. ක්‍රීඩකයෝ තරගය අවසන් වන විට කඩුල්ලක් දැවී ලකුණු 66ක් ලබා සිටිය හ.

සී. සී. සී. කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 383 (100.3) රොන් චන්ද්‍රගුප්ත 45, අශාන් ප්‍රියන්ජන් 53, ලසිත අබේරත්න 26, මිනෝද් භානුක 88, ලහිරු මධුශංක 75, මනෙල්කද සිල්වා  33, රොෂේන් ප්‍රනාන්දු 4/66, සචිත් පතිරණ 3/66

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 316 (153) ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 54, අශේන් සිල්වා 109, ඇන්ජලෝ ජයසිංහ 57, සහන් ආරච්චිගේ 33, ප්‍රසන්න ජයමාන්න 27, ලහිරු ගමගේ 2/45, මාලින්ද පුෂ්පකුමාර 5/90, ඩිල්ශාන් මුණවීර 2/44

සී. සී. සී. කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 66 (10) මනෙල්ක ද සිල්වා නොදැවී 27, සොනාල් දිනූෂ 29

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<