කමිදු හා අවිදු රිච්මන්ඩ් විද්‍යාලය අවසන් 4ට ගෙන යයි

396
U19 Cricket Richmond college v Mahanama College

සිංගර් අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් ඊයේ (11) කොළඹ මහානාම විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර ආරම්භ විය. එම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කල රිච්මන්ඩ් විද්‍යාලය අවසන් පූර්ව වටයේ තම අසුන වෙන්කර ගැනීමට අද (12) සමත් විය.

අයහපත් ආලෝකය තත්වය තෝමසුවන්ගේ ජය වළක්වයි

පැය දෙකකටත් අධික කාලයක් පැවති අයහපත් ආලෝක තත්වයත්, අතොරක් නැතිව ඇද හැලුණු පොද වැස්සත් නිසාවෙන් තරග උණුසුම සේදී ගිය 138 වැනි නිල් මහ සටන අද (11) ජය පරාජයෙන් තොරව නිමා විය.

හොරණ ආරෝන් ක්‍රීඩා පිටියේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කල රිච්මන්ඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. තම පළමු ඉනිම දියත් කල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 150ක් ලබාගෙන තම ඉනිම අත්හිටුවන ලදි. එහි දී කසුන් තාරක ලකුණු 33ක් ලබා ගත් අතර, හශාන් සංදීප මහානාම විද්‍යාලය වෙනුවෙන් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

අනතුරුව දියත් කල මහානාම පළමු ඉනිම අසාර්ථක කරමින්, තම සාර්ථකත්වය ලගා කර ගත් වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අවිදු තීක්ෂණ ලකුණු 36ක් තුල කඩුලු 6ක් දවාලමින් සුපිරි පන්දු යැවීමක නිරත වූ අතර, තම විද්‍යාලයේ පළමු ඉනිමට ලකුණු 29ක් ද එක්කිරීමට සමත් විය. මහානාම විදුහල් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 17ක් ලබා ගත් නිදුක වැලිකලයි. තම කණ්ඩායමට පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට නොහැකි බව වටහා ගත් මහානාම විද්‍යාලය තම මුල් ඉනිම ඉක්මනින්ම අත්හිටුවා තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව යළිත් පන්දු රැකීමට පිටියට පිවිසියේය.

නමුත් මහානාම විද්‍යාලයේ බලාපොරොත්තු සුනුවිසුනු කරමින් ක්‍රියාත්මක වුනු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ හා රිච්මන්ඩ් විද්‍යාලයේ නායක කමිදු මෙන්ඩිස් සිය ජාත්‍යන්තර අත්දැකීම් උපයෝගී කර ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත විය. එම ඉනිම සාර්ථක ලෙස අවසන් කිරීමට වර්ෂාව ඉඩකඩ ලබා නොදුන්න ද, ඒ වන විටත් කමිදු තම ශතකය ලබාගෙන සිටියේ, රිච්මන්ඩ් විද්‍යාලයට අවසන් පූර්ව වටය තුල තම අසුන ද වෙන් කරවමිනි.

මහානාම විද්‍යාලය වෙනුවෙන් විහාන් මුදලිගේ කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

රිච්මන්ඩ් විද්‍යාලය පළමු ඉනිම – කඩුලු 8ක් දැවී ලකුණු 150 dec (පන්දුවාර 52): කසුන් තාරක 33, අවිදු තීක්ෂණ 29, හශාන් සංදීප 3/50, හෙශාන් හෙට්ටිආරච්චි 2/22, නිදුක වැලිකල 2/23

මහානාම විද්‍යාලය පළමු ඉනිම – කඩුලු 9ක් දැවී ලකුණු 83 dec (පන්දුවාර 39): නිදුක වැලිකල 17, අවිදු තීක්ෂණ 6/36

රිච්මන්ඩ් විද්‍යාලය දෙවන ඉනිම – කඩුලු 5ක් දැවී ලකුණු 171 (පන්දුවාර 47): කමිදු මෙන්ඩිස් 111*, රවිශ්ක විජේසිරි 29, විහාන් මුදලිගේ 2/32

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට