19න් පහළ සංචිතයට සාන්ත ජෝසප් විද්‍යාලයෙන් පස් දෙනෙක්

1217

වයස අවුරුදු 19න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (4) මාධ්‍ය වෙත නිකුත් කරන ලදි. ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයේ නායකත්වය සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩක නවීන් හේනකන්කානම්ගේ හට ලැබී ඇත.

මෙම රග්බි තරගාවලියේ පළමු අදියර මේ සති අන්තයේ කොළඹ දී පැවැත්වෙන අතර මෙහි දෙවන අදියර හොංකොං හිදී පැවැත්වෙනු ඇත.

පෙරළිකාර හැව්ලොක් හමුවේ යුද හමුදාව පසු බසී

‘Dialog’ අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලිය යටතේ යුද හමුදා ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර අද (02) කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන්….

මෙවර තරගාවලියේ පළමු කාණ්ඩයේ සිටින්නේ ශ්‍රී ලංකාව හා හොංකොං දේශය පමණි. තරගාවලිය අවසානයේ වැඩිම ලකුණු ලබා ගන්නා කණ්ඩායම හෙවත් ශූරතාවය දිනා ගන්නා කණ්ඩායම ලබන වසරේ පැවැත්වෙන කනිෂ්ඨ ලෝක කුසලාන රග්බි තරගාවලියට සුදුසුකම් ලබාගනු ඇත.

30 දෙනෙකුගෙන් යුතු මෙම සංචිතයට ඉදිරිපෙළ ක්‍රීඩකයින් වන අවීශ ප්‍රියංකර, හරිත් බණ්ඩාර හා නවීන් හේනකන්කානම්ගේ වැනි දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙන‍ෙක් ඇතුළත් කර ඇත. තවද නිමා වූ පාසල් රග්බි ලීගයේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් ද ඇතුළත් කර ඇත.

බහාමාස් හිදී නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පැවති සත් සාමාජික රග්බි තරගාවලියේ දී දස්කම් දැක්වූ මොහොමඩ් ශාබීර්, දියාන් සාබර් හා ගැමුණු චේතිය ඇතුළු දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙන‍ෙක්ම ද සංචිතයට ඇතුළත් කර තිබේ.

අවිශ්ක ලී හා සැමුවෙල් මදුවන්ත පෙර පුහුණුවීම් සඳහා නොපැමිණීම නිසාවෙන් ඔවුන් මෙම සංචිතයට ඇතුලත් කර නැත.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ රග්බි සංචිතය

CR දණ ගසද්දී මහනුවර ජය පැන් බොති

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පස්වන සතියේ දෙවන දිනයේ තරගයක් ලෙස CR & FC කණ්ඩායමත්, මහනුවර ක්‍රීඩා සමාජයත් අතර තරගය අද …

  1. නවීන් හේනකන්කානම්ගේ – නායක (සාන්ත තෝමස් විද්‍යාලය)
  2. අශේන් ප්‍රනාන්දු (රාජකීය විද්‍යාලය)
  3. අවීශ ප්‍රියංකර (ත්‍රිත්ව විද්‍යාලය)
  4. ශවීන් ඒකනායක (ත්‍රිත්ව විද්‍යාලය)
  5. විමුක්ති ගමගේ (වෙස්ලි විද්‍යාලය)
  6. ටෙහාන් සෙනෙවිරත්න (සාන්ත ජෝසප් විද්‍යාලය)
  7. ස්වෙන් මුලර් (සාන්ත ජෝසප් විද්‍යාලය)
  8. දිනේශ් රොද්‍රිගෝ (සාන්ත අන්තෝනි විද්‍යාලය)
  9. රිශාන් මාදේන (ත්‍රිත්ව විද්‍යාලය)
  10. තිමිර අමන්ද (වෙස්ලි විද්‍යාලය)
  11. මොහොමඩ් ශාබීර් (සාන්ත අන්තෝනි විද්‍යාලය)
  12. දයාන් සාබර් (වෙස්ලි විද්‍යාලය)
  13. ශසික අශාන් (වෙස්ලි විද්‍යාලය)
  14. නිපුන් තාරක (ධර්මරාජ විද්‍යාලය)
  15. උමාර් මොහිදීන් (සාන්ත පීතර විද්‍යාලය)
  16. සුධීර ගයන්ත (ඉසිපතන විද්‍යාලය)
  17. හරිත් බණ්ඩාර (ඉසිපතන විද්‍යාලය)
  18. හරිත් සේනානායක (සාන්ත තෝමස් විද්‍යාලය)
  19. හශාන් මධුමාධව (විද්‍යා විද්‍යාලය)
  20. හෙශාන් ජනසේන (කිංග්ස්වූඩ් විද්‍යාලය)
  21. චතුර සෙනෙවිරත්න (සාන්ත ජෝසප් විද්‍යාලය)
  22. ලක්ෂිත රණවීර (කිංග්ස්වූඩ් විද්‍යාලය)
  23. දිනුක් අමරසිංහ (සාන්ත අන්තෝනි විද්‍යාලය)
  24. තීක්ශන දසනායක (සාන්ත පීතර විද්‍යාලය)
  25. ගැමුණු චේතිය (සාන්ත ජෝසප් විද්‍යාලය)
  26. දිලුක්ශ දංගේ (ත්‍රිත්ව විද්‍යාලය)
  27. චමෝද් ප්‍රනාන්දු (ඉසිපතන විද්‍යාලය)
  28. දුලංජන පියතිස්ස (ධර්මරාජ විද්‍යාලය)
  29. රැන්ඩි සිල්වා (ඉසිපතන විද්‍යාලය)
  30. ගිහාන් සිල්වා (සාන්ත ජෝසප් විද්‍යාලය)

කණ්ඩායමේ පුහුණුකරු ලෙස රජිව් පෙරේරා මහතා හා ලසින්ත ද කොස්තා මහතා කටයුතු කරනු ලබන අතර මෙම තරගාවලියේ ප්‍රථම තරගය ලබන 10 වැනිදා සවස් 2.30ට පැවැත්වේ. මෙම තරගය ThePapare.com, ඩයලොග් TV නාලිකා අංක 1 හා MyTv හරහා නැරඹීමට හැකිය.

 තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට