රිච්මන්ඩ් විද්‍යාලය හමුවේ ධර්මරාජය නූලෙන් බේරේ

352

කලාතුරකින් දැක ගන්නට ලැබෙන උණුසුම් තරගයක නිමාව සටහන් වූ අද (29) දිනය තුළත් වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් පැවැත්විය. රිච්මන්ඩ් විද්‍යාලය හා ධර්මරාජ විද්‍යාලය අතර පැවැත්වූ එම උණුසුම් තරගයේ ප්‍රධාන තරුව බවට පත්වූයේ සඳුන් මෙන්ඩිස්ය.

අද දිනය තුල පැවති අනෙක් තරගවල දී ජනුශ්ක ප්‍රනාන්දු, ජනිශ්ක පෙරේරා, ශෙනාල් ප්‍රනාන්දු, තරුෂ ප්‍රනාන්දු හා මනොහරන් පවිත්රන් අර්ධ ශතක ලබා ගන්නා ලදි.

හසිත බෝයගොඩ සහ ධනංජය ලක්ෂාන් වාර්තා අලුත් කරයි!

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 09 වැනි ස්ථානයට තේරී පත්වන කණ්ඩායම…

ධර්මරාජ විද්‍යාලය හා රිච්මන්ඩ් විද්‍යාලය

ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම C කාණ්ඩයේ තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක ධර්මරාජ විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

ධර්මරාජ විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් දුලාජ් බණ්ඩාර හා බවන්ත උඩන්ගමුව අර්ධ ශතක ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය. ඒ අනුව ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 234ක් දක්වා වර්ධනය වූ අතර පන්දු යැවීමේ දී සඳුන් මෙන්ඩිස් කඩුලු 6ක් දවා ගත්තේය.

සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ රිච්මන්ඩ් විද්‍යාලයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 130කි. ඒ උපේන්ද්‍ර වර්ණකුලසූරියගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. ආධිත්‍යය සිරිවර්ධන ලකුණු 41යි.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 104ක් හඹා යාමට පිටියට පිවිසි රිච්මන්ඩ් විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් ස්ථාවර ආරම්භයක් ලබා ගන්නා ලදි. සඳුන් නොදැවී ලකුණු 80ක් ලබාගෙන රිච්මන්ඩ් ඉනිම ලකුණු 267ක් දක්වා ඔසවා ගෙන ආවේය.

ලකුණු 154ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාල ඉනිම සුනුවිසුනු කරන්නට සඳුන් සමත් වූයේ කඩුලු 5ක් දවා ගනිමිනි. නමුත් ඔවුන්ගේ අවාසනාවට තරගයේ නියමිත කාලය අවසන් වූ නිසා පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ධර්මරාජ විද්‍යාලයට හැකි විය.

ධර්මරාජ විද්‍යාලය – 234/10 (59.3): දුලාජ් බණ්ඩාර 82, බවන්ත උඩන්ගමුව 76, කසුන් ගුණවර්ධන 45, සඳුන් මෙන්ඩිස් 6/60.

රිච්මන්ඩ් විද්‍යාලය – 130/10 (40.5): ආධිත්‍යය සිරිවර්ධන 41, විමුත් සප්නක 23, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 5/46, නවින්ද ඩිල්ශාන් 3/27.

රිච්මන්ඩ් විද්‍යාල දෙවන ඉනිම (F/O) – 267/5d (40): සඳුන් මෙන්ඩිස් 80*, දිළුම් සුධීර 59*, අවිදු තීක්ෂණ 52, ආධිත්‍යය සිරිවර්ධන 39.

ධර්මරාජ විද්‍යාල දෙවන ඉනිම – 76/7 (37): සඳුන් මෙන්ඩිස් 5/38.

ශ්‍රී ලංකාව කඩුලු ත්‍රිත්වයේ මාරකයට ළඟා වූ වගයි

සාමාන්‍යයෙන් 9 ගණන් ගැනෙනුයේ මාරක ඉලක්කමක් සේ ය. එසේ වූවද එය මගහැර යෑම අපට කෙසේවත්…


නාලන්ද විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය

කාසියේ වාසිය දිනූ සත්කාරක නාලන්ද විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

තර්ස්ටන් විද්‍යාල මුල්පෙළ කඩුලු කිහිපය ඉක්මනින්ම බිඳ හෙළීමට මහීම වීරකෝන් ඇතුළු නාලන්ද ක්‍රීඩකයින් සමත් වුවත්, දකුණතින් පිත්ත හසුරුවන නායක නිපුන් ලක්ෂාන් හා එක්වූ වමතින් පිත්ත හසුරුවන ජනුශ්ක ප්‍රනාන්දු තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම හොඳ මට්ටමකට රැගෙන ඒමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කරන ලදි. දිනය අවසානයේ තර්ස්ටන් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 265ක් ලබා ගැනීමට සමත් විය. නොදැවී ක්‍රීඩා කරන ජනුශ්ක ලකුණු 66*යි.

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 265/8 (96): ජනුශ්ක ප්‍රනාන්දු 66*, නිපුන් ලක්ෂාන් 30, මහීම වීරකෝන් 2/30, කවීෂ මදුරප්පපෙරුම 2/38, ලක්ෂිත මුණසිංහ 2/57.

 


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

මත්තේගොඩ යුද හමුදා පිටියේ දී පළමු දිනයට ක්‍රියාත්මක වූ මෙම තරගයේ අද දිනය නිමා වන විට සාන්ත සෙබස්තියන් විද්‍යාල ලකුණු පුවරුව කඩුලු 8ක් දැවී ලකුණු 331ක් ලෙස දැක්විය.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ ඇරයුමින් පිටියට පිවිසි සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් ජනිශ්ක පෙරේරා, ශෙනාල් ප්‍රනාන්දු හා තරුෂ ප්‍රනාන්දු අර්ධ ශතක ලබා ගන්නා ලදි. එ් අතුරෙන් ජනිශ්ක හා ශෙනාල් පිළිවෙළින් ලකුණු 82ක් හා ලකුණු 81ක් ලබා ගත්හ. නෙතුශාන් කුමාර හා පසිඳු ආධිත්‍යය අතරේ කඩුලු 2ක බැගින් බෙදී යන ලදි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 331/8 (88): ජනිශ්ක පෙරේරා 82, ශෙනාල් ප්‍රනාන්දු 81, තරුෂ ප්‍රනාන්දු 52, ප්‍රවීන් කුරේ 42, ගිහාන් සේනානායක 32*, දසුන් පෙරේරා 2/31, නෙතුශාන් කුමාර 2/55, පසිඳු ආධිත්‍යය 2/64.


සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය හා ආනන්ද විද්‍යාලය

D කාණ්ඩයේ තරගයක් වූ මෙය ආනන්ද විද්‍යාල පිටියේ දී අද ආරම්භ වූ අතර කාසියේ වාසිය දිනාගත් සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය වෙනුවෙන් මනොහරන් පවිත්රන් ලකුණු 85ක් ලබාගෙන දක්ෂ පිතිකරණයක නිරත විය. ඔහුට අමතරව නිම්සර අත්තනගල්ල ලකුණු 48ක් ලබාගෙන ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 308ක් දක්වා රැගෙන ගියේ සත්කාරක ආනන්ද විද්‍යාලයට හොඳ අභියෝගයක් ලබා දෙමිනි. තරගයේ පළමු දිනය අවසන් වන විට ආනන්ද විද්‍යාලය සිය පළමු ඉනිමට කිසිවෙක් නොදැවී ලකුණු 18යි.

සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය – 308/10 (89.4): මනොහරන් පවිත්රන් 85, නිම්සර අත්තනගල්ල 48, පසන් හෙට්ටිආරච්චි 24, චාමික ගුණසේකර 2/44, ගිශාන් විශ්වජිත් 2/49, ශමල් හිරුශාන් 2/52, අසේල සිගේරා 2/79.

ආනන්ද විද්‍යාලය  – 18/0 (3):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග සියල්ලම හෙට (30) දෙවන දිනටත් පැවැත්වෙන අතර නාලන්ද විද්‍යාලය හා තර්ස්ටන් විද්‍යාලය අතර පැවැත්වෙන තරගයේ දෙවන දිනය හෙට උදෑසන 9.30 සිට සජීව ලෙස නැරඹීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<