Home Sinhala කොදෙව්වන්ගේ සාර්ථක ආරම්භය බිඳ වැටෙයි

කොදෙව්වන්ගේ සාර්ථක ආරම්භය බිඳ වැටෙයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

9508

බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (30) ගාල්ලේ දී නිමා වුනා.

වර්ෂාව නිසා තරගයේ දෙවැනි දිනයේ නිමා වන විට කොදෙව් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 62ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 135ක් පසුපසින් සිටිමිනි.

දෙවැනි දිනය ආරම්භ වන විට ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 113ක් ලබාගෙන සිටි අතර පැතුම් නිස්සංක නොදැවී ලකුණු 61*ක් ලබාගෙන සිටියා.

දෙවැනි තරගය ක්‍රීඩා කරන කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චරිත් අසලංක, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ප්‍රවීන් ජයවික්‍රම.

බටහිර ඉන්දීය කොදෙව් – Kraigg Brathwaite (capt.), Shai Hope, Nkrumah Bonner, Roston Chase, Jermaine Blackwood, Kyle Mayers, Jason Holder, Joshua da Silva (wk), Jomel Warrican, Veerasammy Permaul, Kemar Roach.

ඕෂද සහ පැතුම් එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 33 සබඳතාවය හැරෙන්නට දෙවැනි දිනය තුල ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එතරම්ම හොඳ සබඳතාවයන් ගොඩනැංවුනේ නැහැ.

වසර 5කට පසුව නැවතත් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි වමතින් දඟපන්දු යවන Permaul සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක දැක්වූ හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කරමින් ලකුණු 35කට කඩුලු 5ක් දවා ගත්තා. එය ඔහු දවාගත් පළමු කඩුලු 5 අවස්ථාවයි.

අනෙක් අන්තයෙන් හොඳ සහයක් ලබා දුන් Warrican ලකුණු 50කට කඩුලු 4ක් දවාගෙන සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කළා.

සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවැනි අර්ධ ශතකය ලබාගෙන සිටි පැතුම්ගේ ඉනිම අද උදෑසනම ලකුණු 73ක දී කඩුල්ල කිරීමේ වරදකට හසුකරගෙන දවා ගැනීමට කොදෙව්වන් සමත් වුනා. ඔහුගේ එම ඉනිමට 4 පහර 5ක් සහ 6 පහරක් ඇතුලත් වුනා.

දිනය ආරම්භයේ දී 113/1ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 204කට සීමා වුනු අතර ශ්‍රී ලංකා මුල් ඉනිමේ අවසන් කඩුලු 9 ලකුණු 98ක් තුල දැවී යාම කැපී පෙනුණා.

පළමු දිනයේ දී දැක ගන්නට ලැබුණු දඟකැවීමට වඩා වැඩි දඟකැවීමක් දෙවැනි දිනයේ ආරම්භයේ සිටම දැකගන්නට හැකියාවක් ලැබුණු අතර කොදෙව් වමත් දඟපන්දු යවන්නන් දෙදෙනා වන Warrican සහ Permaul ඉතාමත් ඉවසීමකින් යුතුව අන්තයන් දෙකෙන් හොඳ ස්ථානවල පන්දු පතිතය සිදු කරමින් ශ්‍රී ලංකා පිතිකරුවන් වෙත වැඩි පීඩනයක් යොමු කළා.

ශ්‍රී ලංකා පළමු කඩුල්ල සහ දෙවැනි කඩුල්ල සඳහා ගොඩනැංවුණු සබඳතා දෙක හැරෙන්නට වෙනත් එකඳු සබඳතාවයක් ලකුණු 13 සීමාව අභිබවා ගියේ නැහැ. ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු මැතිව්ස්ගේ වම් පාදයේ කලව ආශ්‍රිත මස්පිඩු ඇදීමක් සිදුවුණු නිසා ඔහු ලකුණු 12ක් ලබාගෙන සිටිය දී පිටියෙන් ඉවත්ව ගොස් ඇඹුල්දෙණියගේ දැවී යාමත් සමඟ ඔහු නැවතත් පිතිකරණය සඳහා පිටියට පිවිසියේ සිය ආබාධය ද සමඟයි.

මැතිව්ස් සිය ආබාධය නිසා කඩුලු අතර දිවීම පසෙක තබා විශාල පහරවල් වෙත යමින් ශ්‍රී ලංකා ලකුණු සටහන හැකි උපරිම ලකුණු ප්‍රමාණයක් වෙත රැගෙන යාම සඳහා උත්සාහ කළ අතර අවසානයේ දී ඔහුගේ ඉනිම ලකුණු 29කට සීමා වුනා. එම ඉනිමට 4 සහ 6 පහර දෙක බැගින් ඇතුලත් වුනා.

කොදෙව් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල දඟපන්දු යවන්නන් විසින් ඉනිමක කඩුලු 10ම දවා ගත් සිව්වැනි අවස්ථාව මෙය වන අතර ඔවුන් 2021 වසර තුල එවැනි දෙයක් සිදු කළ දෙවැනි අවස්ථාව මෙයයි.

දිනයේ දිවා ආහාරයට මිනිත්තු 24කට පෙර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 204කට සීමා වුනු අතර දිනයේ ආරම්භක සැසිය තුල ක්‍රියාත්මක වුනු පන්දුවාර 30කුත් පන්දු 5 තුල ලකුණු 93කට කඩුලු 9ක් දැවී ගියා.

කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනෙක් ඉනිම් 15කට පසුව ගොඩනැංවූ පළමු අර්ධ ශතක සබඳතාවය ගොඩනංවමින් නායක Brathwaite සහ Blackwood ඉතාමත් හොඳ ලකුණු 62ක සබඳතාවයක් ගොඩනැංවූවා.

පන්දු 168කඉදී ගොඩනැංවුනු එම සබඳතාවය ගොඩනැංවීමේ දී ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් හමුවේ සිය කඩුලු ආරක්ෂා කරගනිමින් ආරක්ෂා සහිතව පන්දුවට පහර දෙන ආකාරයක් පෙනෙන්නට තිබුණා.

නමුත් 4 සීමාවෙන් එපිට සිට දඟපන්දු යවන පුහුණුකරු පියල් විජේතුංග ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන් වෙත යම් උපදෙස් කිහිපයක් ලබා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනාගේ ලකුණු ලබා ගැනීමේ වේගය තවදුරටත් අඩාල වුනා.

පසුව කොදෙව් ඉනිමේ 28 වැනි පන්දුවාරයේ දී ලකුණු 44ක් ලබාගෙන සිටි Blackwood කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවෙමින් දැවී ගියේ ඔවුන්ගේ DRS (විනිසුරු තීරණ නැවත පිරික්සා බැලීම) අවස්ථාවක් ද අපතේ යවමිනි. එම කඩුල්ල දවා ගත්තේ ජයවික්‍රමයි.

දෙවැනි දිනයේ 2.14ට පමණ තරගයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වුනු අතර ඉන්පසුව නැවතත් තරගය ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ වන විට Brathwaite නොදැවී ලකුණු 22*ක් ලබාගෙන සිටි අතර Bonner 1*යි.

තරගයේ තෙවැනි දිනය හෙට (1) උදෑසන 9.45ට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

Result


West Indies
253/10 (104.2) & 132/10 (56.1)

Sri Lanka
204/10 (61.3) & 345/9 (121.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Veerasammy Permaul 73 148 0 0 49.32
Dimuth Karunaratne c & b Roston Chase 42 90 0 0 46.67
Oshada Fernando c Joshua Da Silva b Jomel Warrican 18 27 0 0 66.67
Angelo Mathews b Jomel Warrican 29 45 0 0 64.44
Dhananjaya de Silva c Joshua Da Silva b Veerasammy Permaul 2 2 0 0 100.00
Charith Asalanka c Nkrumah Bonner b Veerasammy Permaul 10 15 0 0 66.67
Dinesh Chandimal lbw b Jomel Warrican 2 8 0 0 25.00
Ramesh Mendis c Shai Hope b Jomel Warrican 5 9 0 0 55.56
Suranga Lakmal c Jomel Warrican b Veerasammy Permaul 12 20 0 0 60.00
Lasith Embuldeniya b Veerasammy Permaul 1 7 0 0 14.29
Praveen Jayawickrama not out 0 1 0 0 0.00


Extras 10 (b 0 , lb 7 , nb 3, w 0, pen 0)
Total 204/10 (61.3 Overs, RR: 3.32)
Bowling O M R W Econ
Kemar Roach 6 2 12 0 2.00
Jason Holder 8 2 23 0 2.88
Kyle Mayers 2 0 13 0 6.50
Veerasammy Permaul 13 3 35 5 2.69
Roston Chase 14 0 64 1 4.57
Jomel Warrican 18.3 5 50 4 2.73
Batsmen R B 4s 6s SR
Kraig Brathwaite b Lasith Embuldeniya 72 185 0 0 38.92
Jermaine Blackwood lbw b Praveen Jayawickrama 44 99 0 0 44.44
Nkrumah Bonner lbw b Ramesh Mendis 35 95 0 0 36.84
Shai Hope lbw b Ramesh Mendis 22 89 0 0 24.72
Roston Chase c Pathum Nissanka b Ramesh Mendis 10 33 0 0 30.30
Kyle Mayers not out 36 58 0 0 62.07
Jason Holder lbw b Ramesh Mendis 4 10 0 0 40.00
Joshua Da Silva b Ramesh Mendis 0 1 0 0 0.00
Kemar Roach c Dhananjaya de Silva b Praveen Jayawickrama 8 9 0 0 88.89
Veerasammy Permaul b Lasith Embuldeniya 15 38 0 0 39.47
Jomel Warrican c Chamika Karunaratne b Ramesh Mendis 1 7 0 0 14.29


Extras 6 (b 0 , lb 0 , nb 6, w 0, pen 0)
Total 253/10 (104.2 Overs, RR: 2.42)
Bowling O M R W Econ
Suranga Lakmal 9 3 22 0 2.44
Lasith Embuldeniya 35 13 94 2 2.69
Ramesh Mendis 34.2 8 70 6 2.05
Praveen Jayawickrama 25 4 59 2 2.36
Dhananjaya de Silva 1 0 8 0 8.00
Batsmen R B 4s 6s SR
Dimuth Karunaratne run out () 6 10 0 0 60.00
Pathum Nissanka lbw b Roston Chase 66 154 0 0 42.86
Oshada Fernando run out () 14 41 0 0 34.15
Charith Asalanka c Nkrumah Bonner b Veerasammy Permaul 19 55 0 0 34.55
Dhananjaya de Silva not out 155 262 0 0 59.16
Dinesh Chandimal c & b Roston Chase 2 12 0 0 16.67
Ramesh Mendis c Kemar Roach b Kraig Brathwaite 25 58 0 0 43.10
Suranga Lakmal lbw b Veerasammy Permaul 7 11 0 0 63.64
Angelo Mathews c Jermaine Blackwood b Veerasammy Permaul 1 5 0 0 20.00
Lasith Embuldeniya b Jason Holder 39 124 0 0 31.45


Extras 11 (b 4 , lb 4 , nb 2, w 1, pen 0)
Total 345/9 (121.4 Overs, RR: 2.84)
Bowling O M R W Econ
Veerasammy Permaul 40 4 106 3 2.65
Roston Chase 27 2 82 2 3.04
Jomel Warrican 29 5 76 0 2.62
Kemar Roach 8 0 27 0 3.38
Jason Holder 9.4 1 26 0 2.77
Kraig Brathwaite 5 0 11 1 2.20
Nkrumah Bonner 3 1 9 0 3.00


Batsmen R B 4s 6s SR
Kraig Brathwaite lbw b Ramesh Mendis 6 21 0 0 28.57
Jermaine Blackwood c Dhananjaya de Silva b Lasith Embuldeniya 36 92 0 0 39.13
Nkrumah Bonner b Lasith Embuldeniya 44 143 0 0 30.77
Shai Hope c Suranga Lakmal b Ramesh Mendis 16 24 0 0 66.67
Roston Chase c Avishka Fernando b Ramesh Mendis 0 1 0 0 0.00
Kyle Mayers c Dhananjaya de Silva b Ramesh Mendis 0 4 0 0 0.00
Jason Holder c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 12 0 0 25.00
Joshua Da Silva not out 4 15 0 0 26.67
Kemar Roach lbw b Lasith Embuldeniya 13 17 0 0 76.47
Veerasammy Permaul lbw b Ramesh Mendis 1 5 0 0 20.00
Jomel Warrican c Dhananjaya de Silva b Lasith Embuldeniya 3 3 0 0 100.00


Extras 6 (b 4 , lb 2 , nb 0, w 0, pen 0)
Total 132/10 (56.1 Overs, RR: 2.35)
Bowling O M R W Econ
Lasith Embuldeniya 20.1 6 35 5 1.74
Ramesh Mendis 25 6 66 5 2.64
Praveen Jayawickrama 10 3 23 0 2.30
Charith Asalanka 1 0 2 0 2.00